Friday, December 26, 2014

නිලූපුල් විල


අලූත් රාජධානියක් සොයන්න සිදුවන්නේ තිබෙන තැන කිළිටු වූ විටය. තැනක් කිලූටු වන්නේ ක‍්‍රමයේ වරද හෝ පාලකයන්ගේ වරද නිසා හෝ සතුරු ආක‍්‍රමණයක් නිසා හෝ සොබාදහම විසින් ඇති කරන අවුල් නිසාය. ඒත් සිරිලක් රාජධානිය බොහෝ විට අගනුවර මාරු කර ඇත්තේ සතුරු වියවුල් නිසාය. ක‍්‍රමය වෙනස් කිරීමට වෙනස් කළ රාජධානිය වන්නේ අනුරාධපුරය සහ කෝට්ටේ පමණි. අනුර නුවර සොයා ගත්තේ අනුරය. පුදුමය කෝට්ටේ සොයාගත්තේද අයන්නේ අකුරින් නමක් තිබූ අලකේෂ්වරය. රටට අගනුවරක් සොයන ”සතර මහ භූ සූත‍්‍ර” භුමී ශ‍්‍රාස්ත‍්‍රය අනුව විමසන සතර විමසුමට අදාළ එක් භූ භාග්‍ය ලකුණ නම් ”පුෂ්ප විලය” ඒ කියන්නේ සොබාදහම විසින්ම බිහි කොට තිබූ ස්වභාවික විලක් මැද මල් පිපි තිබීම  ඒ භූ භාග්‍යයහි ලකුණය. මේ විදිහට ගත් විට ”කකුධ විල” අනුර නුවර තිබූ පුෂ්ප විලය. මේ විල් දිය මැද පිපි තිබූ පුෂ්ප නෙලා ජය වැවට පුදා කිරුළ දැරූ පණ්ඩුකාභය නිරිදු මේ විල රැකගත්තේ ජාතික වස්තුවක් ලෙසය. පසුව ජය ශී‍්‍ර මහ බෝධිය රෝපණය කළේ මේ කකුධ විල අසබඩය. ඒ කියන්නේ ජය ශී‍්‍ර මහ බෝධින් වහන්සේට ජල පෝෂකය වූයේ මේ විල් දියය.
වීදාගම මෛතී‍්‍ර මහ තෙරිදු කෝට්ටේ ශී‍්‍ර ජයවර්ධනපුර විමසන විට හමුවන්නේ නිලූපුල් විලකි. මේ නිලූපුල් විල වසර හයසීයයක් ගෙවී ඒ තිබූ තැනම අදත් තිබෙන්නේය. කෝට්ටේ ජයවර්ධනපුරයට අගනුවර නැවත රැුගෙන ජයවර්ධන ශී‍්‍රමතාණන් රාජ්‍ය නායක පදවි ලැබීය. එතුමාණන් මේ විල ගැන රහසිගත පුවත සනාථ කරගත්තේ කෝට්ටේ අතීත පුවත ගැන පූර්ණ පර්යේෂකයෙකු වූ ඉතිහාසඥ ඞී.ඩබ්.වික‍්‍රමආරච්චිගෙනි. විල ගැන පුවත් තැනින් තැන ලියවී තිබූ තතු විත්ති වලින් ද සනාථ වන්නේය. පසුව ඔබේසේකර වෙද මුදලිතුමා මෑත කාලීන පර්යේෂකයා වන්නේය. පසුව මේ විලහි මතු පැවැත්ම රැුක ගැනීමට කෝට්ටේ නිලූපුල් විල ඇති භූමී භාග්‍යම තමන් සතු කරගන්නේ ඉංගී‍්‍රසි ආණ්ඩුවට මුදල් ගෙවා දමමිනි.  මේ නිල්මල් විල ගැන අතරින් පතර තතු කෝට්ටේ යුගයේ ලියවී ඇති බොහෝ තතු අතර වේ. ඒ වගේම දියවන්නා දියත්ත සමග ද යමින් බැ`දී ඇති මේ විල රැකගැනීම සෑම රජ දරුවෙකුගේම රාජ රහසක්ද වුයේය. මෑත කාලීනව ඒ සදහා කැප වූයේ ජයවර්ධන ජනාධිපතිවරයාය. සැබැවින්ම ලක්දිව නූතන රාජ දේශපාලනය ප‍්‍රධාන දහරා දෙකට බෙදී පවති. ඒ ස
දහා මතවාද වංශ සේම පාටද වේ. මේ අනුව නිල් හා කොළ පාට දෙක මේ පාට අතර ප‍්‍රධානය. කොළ පාටින් රාජ්‍ය බලය ලැබූ ජයවර්ධනයන්ට නිල්මල් විල නිල් මානෙල් විල ක‍්‍රමයේ වෙනසට මුල් වීම අරුම දනවන කතාවකි. කොහොම උනත් නිල් වර්ණය ෂඞ් වර්ණ බුද්ධ රශ්මීයේ පළමු පාට වන බැවින්, නීල වර්ණය උපුල්වන් දෙවි`දු නිසාද, විෂ්ණු දෙවි`දු නිසාද, නිල් මානෙල් මල නිසාද ලක් ජන සිරිත ඔප කරන වර්ණයකි. මේ නීල කථාව ලක් ඉතිහාස කථාවේ මතුපිට කථාව යටින් දිවයන පදනම් කථාව වී ඇති වාර බොහෝය. ඒත් මෙවන් ඉතිහාසගත නිල්මල් විලක් ජන අවධානයෙන් තොරව පැවතීම දුකක් දනවන කථාවකි. ඒත් ඉතිහාස දෑ කිළිටි කර සතුටක් සැපක් හෝ මිලක් ලබා ගැනීම ගැනම සිතන සමාජයක් මැද එසේ වී තිබීම විටක යහපතකි. මේ ඉතිහාස විල සම`ග බැ`දී ඇති අතුරු මුල කතා පොකුරු රස දනවන ජන අන්දර වැලකි. මාදිවෙල කුමාරීහාමි හා සුනේත‍්‍රා දේවීයගේ ද තම්මිට කුමරිය හා සමුද්‍ර දේවියගේ ද ජීවිත තතු අන්දර මැද නිලූපුල් විල බැ`දුනු කථාවකි. මේ විල නොසි`දි පවතින සැටි නම් අපූරුවකි. අපූරුව වඩාත් අපූරුව වන්නේ ක‍්‍රමයෙහි වෙනසකට බැ`දුණු කෝට්ටේ රාජධානියට යළිත් රාජ නගරය එන්නේ ක‍්‍රමයෙහි වෙනසකටය. ඒත් ලක්රාජ කතාව හිතුමතේට වෙනස් කළ හැකි කතාවක් නොවේ. ඒ නිසාම මොහොත වෙනස් කළ හැක්කේද මොහොත උදා කළ හැක්කේද ඓතිහාසික ඉව අනුවමය.
ඉතින් නිලූපුල් විල ගැන ගෙතී ඇති කතා සියල්ල එකට ගොතා කියවා බැලූ විට බොහෝ දේ දැකිය හැකිය. ඒ දැක්ම ඉතිහාසය ගැන මෙලෝ හසරක් නොදන්නා හැමටම වටහා ගත හැක්කේ මේ මොහොතේ සිදු වී ඇති දේ අනුවය. නිලූපුල් විලේ නිල් නෙළුම භූමි භාග්‍යයක් සේ සලකා ගෙන පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමය වෙනස් කර පාර්ලිමේන්තුව කෝට්ටේට ගෙන ආවේය. එදා පටන් යලිත් බලය පාර්ලිමේන්තුවට උවමනා බවට පැතිරුණ මතයට ජය ගෙන එන්නට පැවරුනේ නූතන ලංකාවේ නිල්පුල් පාට දේශපාලන දහරාවට ය. පුදුමය බැරිම තැනදී කොළපාට දේශපාලනය ඇරඹු ක‍්‍රමයේම වෙනසට, ඔවුන්ම නිල්පාට දහරාවේම

 නායකයෙකු ගෙනවිත් ඇති සැටිය.  මේ කෝට්ටේ නිලූපුල් විලට බැදී ඇති භූ භාග්‍යයහි ඓතිහාසික ඇත්තය. ඉතිහාසය, විසිතුරු පුදුමයන්, මවිතයන් හා නොපෙනෙන සත්‍යයන් ඓතිහාසිකව ගලාගෙන එන සැටියය. ඒ සැටිය මේ මොහොතේද පෙනේ. පිලකට ගොස් බලය ලබා ගත යුතුය. ඒත් ඉතිහාසය වටහා ගන්න පිලක් නොව  ඕනෑ පලල් හිතකි. මේ නිල් මල් විල ගැන ලියුවේ ඒකය.

Saturday, November 15, 2014

ඉත්තෑපානේ මහ තෙරිඳු



ක‍්‍රි.ව. 1412 දි කෝට්ටේ රාජධානිය බිහි වන්නේ විද්වත් පාණ්ඩිත්‍යයෙන් අනූන මහ තෙර පරපුරක ආසිරි බල මහිමයද සමගිනි. එතැන් පටන් කෝට්ටේ ඔස්සේ විහිද පැතිර ගිය ලක් සසුන් කතාවත දිගුය. ප‍්‍රභාෂ්වරය. දෑ අභිමන් මැවූ සීල සුගන්ධයෙන් පිරිපුන් ප‍්‍රඥා ප‍්‍රභා පැවිදි දිවි සිරිතෙන් සුසැදි ජාතික අන්දරයක්ම බඳුමය. සතුරු අතවර මැද සසුන බිඳ වැටී යළි උදා වූ පසු මහා විහාරවංශයෙන් උදාන වන කෝට්ටේ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාව මෙරට යති සසුන දිදුළවන්නේ විද්වත් පාණ්ඩිත්‍යයෙන් සරු මහ තෙර පරපුරක්ම ජාතියට දායාද කරමිනි. ඒ නිසා සියම් මහ නිකායේ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාව වූ කලී මහාසාර පැවිදි පඩිවර සිරිත්වලින් ශෝභමාන මහා සඟ ගණය සේ විරාජමානය. ඒ අතීත සංඥා අරුත යළිත් පසක් කරමින් එකී සංඝ සභාවේ අභිනව මහ නායක ධූරිණ වී පරම පූජනීය ආචාර්ය ඉත්තෑපානේ ධර්මාලංකාරාභිධාන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහ නායක පදවි ප‍්‍රාප්තව ඇත්තේය. 

මතක පොත දිග හැරේ. මගේ සිත අදින් විසි හත් වසරක් ඈතට දුවයි. සුහුඹුල් යෞවනය එළිපත්ත මුලදී මේ මහ තෙර සිරිත හමු වන්නේය. ඒ එකල දුටු සැණින් මම වශීකෘත වීමි. එය උන් වහන්සේගේ පසඟ පෞරුෂයටය. පුරුෂ උදාරත්වයට කා වැදී තිබූ පරම නිහතමානී මුදිතාව දැක මම දැහැන්ගත වීමි. සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ රෝහණයේ මහ තෙරව වැඩ විසූ පුරාවිදු සක්විති මහාචාර්ය පූජනීය කඹුරුපිටියේ වනරතන මහ නායක මහ තෙරිඳු සමීපයෙහි මට ඉත්තෑපානේ මහ තෙරිඳු මුලින්ම හමු විය. ඒ දවස මතක පොතින් මෙනෙහි කළ විට මේ සඟ සිරිත එතැන් පටන් ගෙවුනු හැම කාලයකම හමු වූ බව සිහි වේ. විටක ජාතික සටන් බිමේදීය. තව විටෙක සාර සුභා ශාස්ත‍්‍ර හැන්දෑ යාමයන් අතර මැදදීය. නොවේ නම් එළඹ නොගත් අහඹු මුණ ගැසීම්ය.  තවත් විටෙක ශාසනික වත් පිළිවෙත් අතරය. රට විපතේ හෙළුණු අනූව දශකයේ මැද භාගයේදී ‘‘ජාතික සංඝ සභාව’’ සෙවණේදී මට යළිත් පූජනීය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ තෙරිඳු හමු වේ. ඒ සමයේ මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘‘පැවිදි මිණි පහන් ’’ නමින් විරචිත කෘතිය ගැටවර සිත සසුන් සිරිත යා කර තිබුණි. මහ තෙරිඳු ධම්මාලංකාර සමිඳු විප්ලවීය සුගන්ධයක් වන්නේ ‘‘මල් පැලේ උපන් පන්සලේ පියතුමා’’  රචනා කොට එළි දැක්වූ විටය. සිත අළුත් හැඟුමන් පිරවූ ඒ පොත ශාස්ත‍්‍ර ලෝලීත්වයට කදිම රස උපදවන ගද්‍ය අපදානයක් වූයේය. ජයකොඩි පිය සමිඳු ගැන අප සිත් තුළ ඉපදී තිබූ ගෞරවනීය පේ‍්‍රමයට මහ තෙරිඳු ධම්මාලංකාර සමිඳු නව ඇසක් පෑදුවේ මේ පොතිනි. පන්සලටත් පල්ලියටත් ගමනක් ඇතැයි දැනුනු අතර, සැබවින්ම පසුව සිංහල කිතු සසුනේ ජාතික රිද්මය වූ ‘‘කිතු දන පුබුදුව’’ හි මතවාදී අවේෂය බවට ද මේ පොත පත්වූ බව දනිමි. එය ජාතික ව්‍යාපාරයේ ගැටවර සටන්කාමීත්වය ඔද වැඩූ බව කිව යුතුය. 

පරම පූජනීය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනායක හිමිපාණන් වහන්සේ චිරන්තන ශාස්ත‍්‍ර සම්ප‍්‍රදායේද චිරාතගත පඩිවර ආරෙන්ද නවීකාරක අධ්‍යාපනයේද කදිම මුසුවකි. අනෙක උන් වහන්සේගේ පූර්වගාමී මහ තෙර පරපුරම ලක් සසුන පොබ කළ චිරාගත මහ පඬිවරුන් වහන්සේලා වේ. අන් අතකින් ඉත්තෑපානේ මහ තෙරිඳු කෝට්ටේ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක ධූරන්ධර වූ පළමු මහජනවාදී භික්‍ෂුව යැයි මම සිතමි. ඒ වගේම ජාතික සටන් භූමියෙන් මහ තෙර පදවි ප‍්‍රාප්ත මම දන්නා නූනත ලක් සසුනේ තෙවන භික්‍ෂූන් වහන්සේ ලෙසද උන් වහන්සේ කැපී පෙනේ. කෝට්ටේ සඟ ගණය හෙබ වූ අන් සියලූ මහ නායක තෙරවරුන්ට වඩා මහ තෙරිඳු ඉත්තෑපානේ මහජනවාදී තෙර නමක් වන්නේ උන් වහන්සේ මහජනවාදීව පොදු ජන කරණයට ලක්ව දිවි සිරිත ගෙවූ සහ ගෙවන නිසාය. එමෙන්ම මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුවිශේෂීය. ඒ මෙරට බහුජන සමාජයෙහි සෑම මං පෙතකම වැඩ වසමින් හොඳින්ම පරිණතව අසූවියට එළඹි සැනින් මහනායක පදවි ප‍්‍රාප්ත වී ඇති බැවිනි. ඒ වගේම ජාතික සටන් බිමට නායකත්වය දී වැඩ සිට මහනායක පදවි ලැබූ ප‍්‍රථමයා වන්නේ මඩිහේ මහ තෙරි`දුය. දෙවනුව බලංගොඩ මහ තෙරි`දුය. මඩිහේ මහ තෙරි`දු මෙම පදවි ධූරන්දර වන්නේ සතලිස් වියැති යෞවනයේය. බලංගොඩ තෙරිඳු සැට දෙවෙනි මැදි වියේදීය. ඒත් ඉත්තෑපානේ් මහ තෙරිඳු අසූ වියැති ජීවිත දිවි මග මහ ගිරි සිරසේදීය. වෙනස සහ බලාපොරොත්තුව රැුඳී ඇත්තේ මෙතැනය. ලක් සසුනම ශීල, ඥාන, තපෝවෘද මහ තෙර පහසක් පතන සමයක ඒ ගුණ මාවතට ප‍්‍රාර්ථනාවක් වැඩම කර ඇත්තේය. අසූ වියට එළඹ මහ නායක පදවි ධූරිණව ඇත්තේ තවමත් පසඟ පෞරුෂයෙන් පනස් වියවත් නොපෙනෙන කඩිසර අබල දුබල නොවූ මනා නුවණින් හා සිහියෙන්ද, පරිකල්පනයෙන්ද උජ්ලිත වූ සමාජමානී සමාජගාමී සජීවී සිරිතකි. ඉතින් අපේ මහනායක හාමුදුරුවන් වහන්සේ මත සමාජ ප‍්‍රාර්ථනා ගොඩකි. සබුද්ධික මහ සඟුන් වහන්සේලා සමුදායක් සපිරි විනීත සංවර සඟ ගණයට සසුන් භාර ධාරීන් වහන්සේ වූ උන් වහන්සේගෙන් ජාතිය පින්සාර ප‍්‍රාර්ථනා පුරමින් සිටින්නේය. සසරේ පිරූ පිං මහිමයක් නිසාදෝ සුහුඹුල් යෞවනයේ සිට මේ භද්‍ර යෞවනය දක්වා ඉත්තෑපානේ මහ තෙරිඳු සමග සමීප බැඳීමක් හා ඇසුරක් ලබන්න වාසනා මහිම ලදිමි. සටන් අත් හැර පසන් සිතින් ප‍්‍රඥා දැක්මෙන් ජාතික සාසනික මෙහෙවරකට ගොමු ගත විය හැකි සසුන් භාරධාරීන් වහන්සේ නමක පත්වීමේ ධර්මානන්දය වින්දනය කරමි. එමෙන්ම මහ තෙර නමකසේ ජාතියද සසුන ද මෙහෙයවීමට නම් මෙරට ඉතිහාසය, සසුන, සමාජය හා දේශපාලනයද මනා කොට වටහා ගත් එහි ඇලී ගැලී රැුවටී කිළුටු නොවන මහ සිරිතක් විය යුතුය. අපේ මහ නායක හිමි පාණන් මේ සියලූ සුදුසුකම් මැනවින් සපුරා ඇති විට දුර්දාන්ත සමයක සහන් එළියක් දක්නෙමි. ජාතිකවාදය, ධනවාදය, මාක්ස්වාදය, ලිබරල්වාදය සහ සමාජවාදය යන මේ කොයි අරුතත් මැනවින් දැනගත් භික්‍ෂූන් වහන්සේ නමක සේ අපේ මහ නායක හාමුදුරුවන් වැදගත් වේ. එමෙන්ම සිරිලක් පොදු ජන සම්ප‍්‍රදායද අපරදිග ජන සම්ප‍්‍රදායද දිවි ගෙවා තුමුම අවබෝධ කර ගත් ඥාන අවබෝධයක් අත්දැකීමෙන් උන් වහන්සේ සතුය. මේ සියල්ල මැද අපූරුව සුමට මුදු ගුණ වෑහෙන ව්‍යක්ත නිර්මාණශීලි භාෂාවකින්ද ශාස්තී‍්‍රය ගැඹුරින් පේ කර ගත් භාෂාවකින්ද හෙබි පන්හි`දක් අපේ මහනායක හිමිපාණන්ට තිබීමය. සැබවින්ම ‘‘බුදු බව පතන බලංගොඩ ආනන්ද මෛත‍්‍රී හාමුදුරුවෝ’’ නමින් උන් වහන්සේ ලියා පළ කළ පොත තරම් සඟ සිරිත ජන සිරිතක් කළ පොතක් මේ ලක ඇත්තේම නැත. පොත හුදියාගේ සිට උගතා දක්වා අත් පොතක් වී නැවත සඟ අපදාන රචනයට මාවත විවර කර තැබූ කෘතිය වී ඇත්තේ ඒකය. 
මේ සියල්ල මැද කතාවක් විය යුතු ගැඹුරු කරුණකි. ඒ කෝට්ටේ කල්‍යාණ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායකව වැඩ විසූ නොබෝදා අපවත් වූ පරම පූජනීය අග්ග මහා පණ්ඩිත බෙල්ලන ශ‍්‍රී ඥාන විමල මහනායක හිමිපාණන් දිවිමන්ව වැඩ සිටියදී කළ කාර්යය. එනම් ඉත්තෑපානේ මහ තෙරිඳු වැඩ බලන මහ නායක සේ පූජිත කොට උන් වහන්සේ මතු සසුන් භාරධාරීන් වහන්සේ සේ අභිිධාන කිරීමය. මේ ගැඹුරු අරුත පෑ¥ සසුන් චාරිත‍්‍රයකි. එය ගුරු දේව මහ තෙර සිරිතක දුර දැක්මද සියල්ල අත් හල  හැකි පරම නිවනෙහි අරුත් මාවත පෙන්වූ දුර්ලභ චරිත සිරිතකි. මේ සියල්ල පෙන්වා දී ඇත්තේ කෝට්ටේ කල්‍යාණ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහ නායක පරම පූජනීය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාරභිධාන යති සිරිතේ තීරක සම්ප‍්‍රාප්තියෙහි ජාතික අරුතය. 

චරිතයක් සිිරිතක් වන්නේ පදවිය නිසා නම් නොවේ. පදවිය පවා බැබලවිය හැකි සිරිතක් පදවියකට පත්වීම සිරිතත් පදවියත් රටත් දැයත් සමයත් ලබන විපුලත්වයය. එබැවින් ඉත්තෑපානේ යති සිරිත වූ කලි  සිරිතක් වී පදවි ප‍්‍රාප්ත පදවියකි. සුපේක්‍ෂලශීලීත්වය හා විනීත සටන් කාමීත්වය ද සංවර දුර දක්නා බවද කැටි වූ නායක හිමිපාණන් වහන්සේ විප්ලවීයද වූ චරිත සිරිතකි. ගෙවී ගිය දශක ගණනාවකදී උන් වහන්සේ මෙරට බුද්ධිමය ශාස්ත‍්‍ර වාද විවාද පොහොසත්් කරනුයේ ඒ බව විද්‍යාමාන කරමිනි. එමෙන්ම ජාතික විපත් අභිමුව පෑ විනීත විචක්‍ෂණ නායකත්වය පෙළහැර පෑ පරමාදර්ශයක්ම බඳුය. එමෙන්ම සියලූ ආගමික නායකයන් සමග සමීපවද ගෞරවනීවද සහෝදරත්වයෙන් බැඳී සිටින්නට ඉත්තෑපානේ මහ තෙරිඳු පා ඇති සමත්කම ජාතික අරමුණ, ජාතික රාජ්‍යයට අවශ්‍යම අධ්‍යාත්මික නායකත්වයක සඵලතාවය. වියතෙකු වූ මහ තෙර නමකට ජනතා රුචිය වඩන ලෙස හා ජන හද මනස බැඳෙන ලෙස ධර්ම දේශනා පැවැත්විය හැකි නම් ඒ හුදී දනන් ලබන පිනකි. මහ නායක හිමිපාණන් ඒ අරුතින්ද වටින්නේය. 

රට තීරණාත්මක අර්බුද මොහොතකට වැටී ඇති අගාධය අභියස මහනායක හිමිපාණන් මහනායක ධූරන්දර වී ඇත. සසුන විලෝපනයකට ගොදුරුව ප‍්‍රඥා ධර්ම පූර්ණ භික්‍ෂූ පතිරූප ඇවැසි මොහොතක  උන් වහන්සේ සිරිලක නාගරික සඟ ගණයෙහි අධීක්‍ෂවරයාණන් වී තිබේ. මේ සියල්ල එක් ඓතිහාසික ගලායෑමකි. තම අසූ වන ජන්ම දිනය එළඹි විටම ස්වකීය පැවිදි දිවි මග ඇරඹි නිකායෙහි මහ නායක ධූරයට වරම් ලැබී ඇත්තේ උන් වහන්සේගේ අවබෝධගාමී සංසාරික කාල සටහනකට අනුව යැයි මම සිතමි. ස්වකීය සඟ පරපුරේ පූර්ව ගාමීන්ට යුක්තිය හා ගරුත්වය ඉටු කළ හැකි තරම් පැණසර මහ තෙර නමක් සේ  ඉත්තෑපානේ මහ තෙරිඳු පදවි උදානය අප වෙත ප‍්‍රහර්ෂය ළඟා කර ඇත්තේ එබැවිනි. ඒ වගේම ඉත්තෑපානේ මහ තෙරිඳුට මහ නායකව වැඩ වසන්නට සිදුව ඇත්තේ උන් වහන්සේගේ  පූර්වගාමී ගුරු දේව පරපුරට වෙනස් සමාජ වටපිටාවකය. නමුත් වෙනස්වීමත් වෙනස් වන අයුරු හා වෙනස්වීම ධර්මතාවය බවත් පුරුදු පුහුණු කළ ධර්ම දැක්මෙන් පේ කළ, එය ජීවිත අභ්‍යාසයෙන් වටහා ගත් භික්‍ෂුවක් වූ මහ තෙර නමට මේ වෙනස් වටපිටාවට සුගති ධර්ම මාවත පෙන්විය හැකි යැයි සිතමි. අතෝරක් නැති විලම්බීත හා ආටෝප සාටෝප හා හිස් පුස් ව්‍යාජ රැුළි මාලාවකින් ගැවසී ගත් ලක් බුදු සසුන ධර්ම ප‍්‍රඥාවෙන් ශෝධනය කරන මග මාවතක් ඉත්තෑපානේ ධම්මාලංකාර තෙරිඳු ආගමනයෙන් සිදු වෙතැයි සිතමි. එම ප‍්‍රාර්ථනය පැතුමක් තරමට මහා සාරවී ඇත්තේ පරිනත පළපුරුද්දකින් මතු වූ උන් වහන්සේගේ ආගමනය සමගය. මේ සමග එක් ඓතිහාසික ආඥාවක් හැබෑ වී නූතනය තුළ යළිත් රෝපනය වී ඇත. ඒ කෝට්ටේ රාජධානිය බිහි වූ දා පටන් ඒ රාජධානියට මතය හා දිරිය සැපයූ රයිගම් පුත‍්‍රයන් අභිධාන වන සැටිය. පළමු කෝට්ටේ යුගයේ සිදුවූ ඒ දේ මේ දෙවන කෝට්ටේ යුගයේද සිදු වී ඇත්තේය. රයිගම් පුත‍්‍රයෙක්ම අභිෂේක ලබා යළිත් කෝට්ටේ සග සසුනේ භාරධාරීන් වහන්සේ වී ඇත. රයිගම් පුත‍්‍ර ඉත්තෑපානේ මහ තෙරිඳු කෝට්ටේ සංඝ සභාවේ නායකත්වයට වැඩම කර ඇත්තේ ඒ ඉතිහාසාගමනින් බව කිව යුතුය. එබැවින් පෙර රයිගම් පුත‍්‍ර සඟ පරම්පරාව සේම සුජ්ජලිත ඉතිහාස පරිච්ෙඡ්දයක් 
අපේ මහනායක හාමුදුරුවන් වහන්සේ ජාතියට උදා කරන බව නම් නිසැකය. 



Sunday, November 2, 2014

රාජ- ගිරිය



    දඹදෙණිය ඇද වැටෙන්නේ වීරබාහු රජු රජ පුටුවෙන් ඇද වැටි මැරී වැටුණුදාය. කවුරුත් නොසිතු නොපැතු මොහොතක වීරබාහු රජුගේ මිය යාම සිහිනයක් හැබෑ කර ගැනීමේ මාවත වන්නේය. ජයසිරි බිසව්ගේ ජීවිතය අමුතුය. ඒ ඈ තොමෝ පුරුෂයන් තිදෙනෙකු සමග රාග සිරිතක් බැදගෙන උන් සිංහලේ අරුමැසි බිසව වූ නිසාය. මේ නිසා දඹදෙණි   රාජ යුගයේදීම විකසිත සරාග බැදීමක් නිසා ඇගේ පේ‍්‍රමණිය සැමියන් තිදෙනාට ලක් රාජ කිරුළට දොරටු විවර වන්නේය. ජයසරි බිසව් වල්ලභයන් තුන්දෙනා එකම පවුලේ අයියා-මලෝ වූ සැටිය හරි අපුරුය. මේ තුන්දෙනාම අලකේශවරලාය. මේ විදියට අලකේශවර ප‍්‍රභු කුමරු තිදෙනාගේ ජාන රජස් ජය සිරි බිසවගේ ඩිම්බානුවක් හා සහබැදි නිශ්ශංක අලකේශ්වරට උපත සදන්නේය. වීරබාහු රජ අසුන මත මැරී වැටෙන විට නිශ්ශංක අලකේශවර ප‍්‍රභු ප‍්‍රභා ඉසුරු සපිරි භද්‍ර යෞවන කුමරෙකි. එමෙන්ම එකළ සිරි ලක්දිව අගමැතිය. ජාතික ධනවාදය ලක් රාජ කතාවතේ ගමන බවත්, නිදහස්වාදය දිශාව බවත්, ඇදහු ඔහු, කැළණි මහ වෙහෙර වීභීෂණ පුජාවට පැමිණි දවසේ සහමුලින්ම වෙනස් චරිතයක් විය. ඒ කළ්‍යාණි නදිය ඔරුවක නැගී තරණය කර බත්තොටමුල්ලට සේන්දු වූ නිසාය. බත්තොටමුල්ල නම් අද බත්තරමුල්ලය. ඒත් ජයසිරි බිසවට ආසක්ව ඇගේ රාග පහසට ලොබ බැදි ප‍්‍රභූ පෙළපතක් තම හීනය බිද වැටී වෛර ගතව  උන්නේය. ඒ සේනාධිලංකාරලාය. මේ ගුප්තාභය සේනාධිලංකාරගේ වෑයම වන්නේ නිශ්ශංක අලකේශ්වර වටලා වට කොට පහරදි මරා දැමීමය. ඒ නිසා එ වන කොට කළල ගොඩ හෙවත් වත්මන් කළල්ගොඩ , උතුවන්කන්දේ උන් ගුප්තාභයට සැල වන්නේ අලකේශ්වර බත්තොටමුල්ලේ ඔරුවක නැගී දියවන්නා සිරි බලන වගය. තම පරපුරේ රාග ඊරිසියාව දළුලා වැඩුනේය. ළැමැනි කුළ මෙහෙනවර වංශ උරුමයෙන් තමාට කිරුල හිමි බව ඇදහු ගුප්තාභය සේනාධිලංකාර බත්තොටමුල්ල වට කලේය. ඒත් අලකේශ්වර ඒවන විට සිටියේ මී තොටමුල්ලේය.

   මේ වංශ ගැටුම දිග්ගැස්සෙන විට දියවන්නා දියත්ත මැද දුවේ අපුරු සිදුවීමක් වන්නේය. ඒ නයි මුගටි හටනකි. අලකේශ්වරත් සේනාධිලංකාරත් ගැටුමකට කුරුමානම අල්ලන විටම නයාත් මුගටියාත් සටන පටන් ගෙන තිබුණේ දියත්ත මැද දුපතේය. විශ්මයක් දන වන්නේ මුගටියා මැරී නයා දිනූ නිසාය. මේ පුවත දියවන්නා වන වාසයේ ගම් දනව් පුරා පැතිරයන්නේ ලැව් ගින්නක් සේය. මේ අතර නයි මුගටි සටන වූ තැන බලන්නට මාදිවෙළ කුමාරිහාමි ඇගේ පෙම්වතා වූ පතිරගොඩ කුමාරයා සමග එතෙනට ඔරුවෙන් එන විට එහි උන්නේ අලකේශ්වරය. ඉතිහාසය අලූතෙන් ලියවෙන්නට පටන් ගන්නේ එදාය. එදා එහෙම පටන් ගත් කතාව රස කථා ,ගම කථා , ආල කථා වගේම හින කථා විතරක්ම නොව රණකාමී අන්දරද බැදී සරාග කථා බහින්ද සාරසුබා වී ඇති කථා පොකුරකි.
 
      ලෝකය අලූත් වී තිබුණේය. භාරතය දක්වා ඉස්ලාම් ආක‍්‍රමණය දිග්ගැස්සෙමින්  තිබුණි. එහි ප‍්‍රතිපලය වන්නේ දකුණු භාරතයේ රණකාමී දෙමළ නැගිටීමය. මේ රණවාදී දෙමළ නැගිටීම ආර්ථිකවාදී ජීවය බවට පෙරළා ගෙන ‘‘ආර්ය චක‍්‍රවර්ති’’ ලක්දිව උතුරු අර්ධය උදුරා ගත්තේය. සිංහළයන් රට නැති විපතේ වැටී අනාථව උන්නෝය. හැම හදවතකම හීනය යලිත් රජෙක් නගා සේසත් නැගීමය. පුතෙක් තබා නෑයෙක් වත් ඉතුරු නොවී තිබූ දඹදෙණි රජ පෙළපත ගම්පොළින් වද වී ගියේය. මේ සරු පස මැද නිශ්ශංක අලකේශ්වර සුජ්ජලිත නව නුවරකට සුභාවිත මන්දිරයක් තනන්නට සිතුවේය. ඒ සදහා ඔහු නැග්ගේ ගිරියටය. ඒ ගිරිය රාජගිරියය. රාජගෘහයක් බැදගෙන ශී‍්‍ර ජයවර්ධනපුරය නිර්මාණයට යුහුසුළුවන්නේය. ඒ රාජ සිහිනයට ඔහු නැගි ගිරිය රාජගිරිය වූයේ ඔහොමය.

    ඉන් හරියටම වසර පන්සීය හැත්තෑවකට පසු යලිත් ඒ රාජගිරියෙන් දියවන්නා දියත්තට රජ මාවත බැදෙන්නේය. ඒ කොළඹින් අගනුවර දියවන්නා දියතේ දුපතට ගෙන යමින්ය. මේ ඓතිහාසික හැරවුමට හැරවුම වන්නේ ‘‘ජුනියස් රිචඞ් ජයවර්ධන’’ හෙවත් ‘‘ජේ.අර්. ජයවර්ධන’’ උත්තමාණන්ය. ඔහු තෙමේ ඒ සදහා පලමු පියවර තබන්නේ රාජගිරියෙනි. එරියාව සන්නස සහ පතිරගොඩ සන්නස ගෙන ජයවර්ධනයන්ට තම මීමුත්තනුවන් වූ නිශ්ශංක අලකේශ්වරයන්ගේ තතු සොයා දෙන්නේය. ඒ වරලත් විදු ඉන්ජිනේරු ඊලියන්ද සිල්වා සූරීන් හා ඊ.පී.මිගහකුඹුරේ සූරින්ය. මේ සමගම අසහාය ගෘහ නිර්මාණවේදී ජෙෆ්රි භාවා ශ‍්‍රීමතුන්  නව කෝට්ටේ සිත්තම් කරන්නේය. එදා අලකේශ්වර රජ මැදුර වට බැදි කොටුව සතර කොන තිබූ සතර භූ සුත‍්‍රය කියවා ගැනීම ඊළග කථාවය. ඒ අනුව ශී‍්‍ර ජයවර්ධන පාර්ලිමේනතුව වටා ජයවර්ධනපුර රෝහලද ජයවර්ධනපුර සරසවියද ජයවර්ධනපුර ශ‍්‍රී ලංකා මහ බැංකුවද තම දේශපාලන සරසවිය වූ සිරිකොත මන්දිරයද බැද තබන්ණේය. කවූරු ආවා ගියත් අදත් හෙටත් ලංකාවේ රාජ සමාජ බලය ඇත්තේ මෙම සිිව් මහා භූ සුත‍්‍රය ඇතුලේය. ඉන් පිටත සිට කිසිවක් කළ නොහැක්කේමය. මෙය තේරුම් ගත් ජනතා විමුක්ති පෙරමුණද දියවන්නා දියත්ත තරණය කරන්නේ බත්තොටමුල්ලේ  පැලවත්තට තම දේශපාලන පීඨය රැගෙන එමින්ය .ජේ. ආර්ට එරෙහිව අවි එසවූ දෙමළ විමුක්ති කොටි අවසන් වී, ජනතා විමුක්තියට අවි එසවූ ජනතා විමුක්ති පෙරමුණ ඉතුරු වන්නේ ඒකය. මෙවා රහස් නොව ඓතිහාසික ඉවය. ඒ වගේම තවමත් මේ රටේ ජීවමානව ඇති ඓතිහාසික ලේඛනය. එරියාව සන්නස හා පතිරගොඩ සන්නස වඩාත් අරුත් බරව වටහා ගන්නට ජයවර්ධන උතුමාණන් 1981 මැයි 22දා තම මැදුරට සුවිශේෂි භික්‍ෂුවක් වඩමවා ගන්නේය. ඒ මහාචාර්ය කඹුරුපිටියේ වනරතන මහා තෙරිදුය. උන්වහන්සේ පද අරුත පහදා දෙන්නේය. ජයවර්ධනයන් ලක්දිව වෙනස් කලේ ඔහොමය. ලංකා සමාජය තම පුරාතන අගනුවරකට යලිත් තම නූතන අගනුවර රැගෙන ගිය ප‍්‍රථම හා එකම අවස්ථාව මෙය පමණක් වන්නේය. මේ අනුව ජේ.අර්.ජයවර්ධනයන් ශී‍්‍ර ලංකා මහ බැංකු ශ්‍රවණාගාර මන්දිරය රාජගිරිය පාර්ලිමේන්තු පාරේ තනවා එහි සුවිශේෂ ශෛල ටැඹක් පිහිටුවන්නේය. ඒ ඓතිහාසික සිව් මහා භූ සුත‍්‍රයෙහි උතුරු සුත‍්‍රය තිබූ තැනමය. එයට ‘‘ශී‍්‍ර ලංකා මහ බැංකු විදු පියස’’ නම තැබුවේ හෙළ බස් ඉසුරු අරිසෙන් අහුබුදුවන්ය.

   මාළිගාව බැන්ද මාළිගාකන්දෙන් බැස මළිගාවත්තට පියමන් කොට එතැනින් අජානීය අසුපිට නැගීී අලකේශ්වර රාජගිරියට පිවිසේ. ඒ දියවන්නා රජ මැදුරට කිරුළ ගෙන එන මොහොතටය. එත් දෛවය පුදුමය. රටක් තනන්නට නුවරක් තැනූ නිශ්ශංක අලකේශ්වරට කිරුළ අහිමි විය. දෙමළ රැල්ල පෙන්නා සේනාධිලංකාර පරපුරේ මලයාලම් කුමරු පරාක‍්‍රම කිරුළ උරුම කර ගත්තේය. එත් ඉන් වසර පන්සිය හැත්තෑවක් කල් යල් බලමින් සිට අලකේශ්වර ජාන රජස සිය උරුමයට ලක් භූපතියෙකු බිහි කර ගන්නේය.ඒ ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේටම විත් ලක්දිව ප‍්‍රථම ජන සම්මත රජු හෙවත් විධායක ජනපති පදවිය අලකේශ්වරගේ මීමුනුපුරානෝ වන ජයවර්ධනයන් දිනා ගැනීමෙන්ය. රාජගිරියෙන් දියවන්නා දියත්තේ පාර්ලිමේන්තුවට පිවිසි ජයවර්ධනයන් සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ රෝහණ සංඝ සභාවේ මහනායකව වැඩ විසූ මහාචාර්ය කඹුරුපිටියේ වනරතන තෙරිදු ‘‘පුරාවිද්‍යා චක‍්‍රවර්ති’’ පදවියෙන් බහු මානයට පත් කරන්නේය. ඒ කි‍්‍ර:ව 1982 අවුරුද්දේ නොවැම්බර් 4 වෙනිදාය.

    ඉතින් ‘‘රජස්’’ සමග බැදී ගෙති සිව් වසරකුත් තුන් මසක් මම සමග සිටි පාඨක සාදු ජනයෙනි. ඔබට ඇරයුම් කරමි. මේ අවුරුද්දේ නොවැම්බර් 4 වෙනිදා සවස 3.30 රාජගිරිය ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පාරේ ශී‍්‍ර ලංකා මහ බැංකු විදු පියස ශ‍්‍රවණාගාරයේදී ‘‘රජස්’’ ජනගත වේ. මට නිමිත්තක් වන්න ඔබත් එන්න.

සුජිත් අකකරවත්ත.   

Thursday, October 9, 2014

කහ පිච්ච වැල

                                          

        
            පිචිච මල සුවදින් අග පත් බෞද්ධ හින්දු දෙජාතියේ හෘද බන්ධන මලය. ‘‘සමන් මල’’ ලෙසද සිංහල අරුතින් පිච්ච මලට අරුතකි. එත් පිච්ච මලත් සමන් මලත් දෙජාතියක් විදියට කියවෙන කථාවක් ඇත්තේය. ගෞරවය ආදරය සහ ළබැදියාව එකට බැදුනු මේ අසිරිමත් මල ලක් ඉතිහාසයෙහි තීරක කථා ගණනාවකම පැළපදියම් වී තිබේ. ලෞකික ලොව්තුරු සුවද හමන හැම තැනම ‘‘පිච්ච මල’’ මලක් සේ භාවිතා වන පුදුම මලකි. දෙවියන් බුදුන් පුදට ලෞව්තුරු මලක් වන පිච්ච මලම, ස්ත‍්‍රීත්වයේ සැරසිල්ල සේද රජුන්ගේ ‘‘සිරියහනේ පුෂ්පය’’ ලෙසද භාවිතා වන්නේය. මේ විදියට ලොව්තුරු වන්දනාවටත් ලෞකික වන්දනාවටත් පත් වන මලක් ඇත්තේ නම් ඇත්තේ ‘‘පිච්ච මල’’ හෙවත් සමන් මලය. දෙමලූන් සහ සිංහලූන් හිතන්න  ඕනෑ අලූත් තැන මෙතනය. මේ විදියට පුදුමයක් දනවන බැදීමක් ඇති පිච්ච මල ගැන ඉතිහාස වන්දනාවක සැරිසරන්න සිදු වූයේ ‘‘කහ පිච්ච වැල’’ දුටු දාය.ඒ මා දුටුව සහ අසා ඇති, දන්න හැමොගෙන්ම දැන ගත් සිරිලක ජීවමානව පවතින එකම එක කහ පිච්ච වැලය. දෑසමන්, සමන්, පොකුරු සමන්, ගැට පිච්ච, පිච්ච, පච්ච පිච්ච, රෝ්ස පිච්ච, නීල පිච්ච විදියට ඇති හැම පිච්ච මලක්ම සුදු පැහැය මුල් වූ පිච්ච මල්ය. ඒත් තනිකරම කහ පැහැති පිච්ච මල් වැලක් දුටුවෙමි. එය දුටු දාත්, එහි ඉතිහාසය ලිඛිතව ඇති නිසාත්, මේ කහ පිච්ච වැලින් අලූත් නිමිත්තක් උපන්නේය.

     සමන් රජිදු බුදු පුදට පිවිසි කථාවේ පිච්ච හෙවත් සමන් ගැන ලියා තබා තිබේ. පසුව සමන් දෙවිදු බවට පත්වන සමන් රජිදු තම මිනිස් නාමයම, දිව්‍යය නාමය බවට පත්කරගෙන සමන් දෙවිදු ලෙස විරාජමානව වැඩ වසති. සමන් දෙවිදුට මේ තිරණය ගන්නට සිදුවූයේ තම නමට උපත දුන් සමන් මල තව්තිසා දිව්‍ය විමානයේද ලෞව්තුරු ලෞකික මලක් සේ පුද ලබන නිසාය. බුදු පා කමල මත සමන් මල් දොතක් අතුරා සමනල සිරසට බුදු මැණියෝ වඩම්වා ගත් සමන් රජුද ශී‍්‍ර පාදය පුදන්නේ සමන් මලට සපුමලක් ගෙතූ මල් දමින්ය. මේ පිච්ච මල් කථාව ගැන ඊළග කථා ලතාව ලියා ඇත්තේ උන්මාද චිත‍්‍රා කුමරියගේ සිරියහන අද්දරය. දීඝගාමිණි ශාක්‍යසිංහ කුමරු එක් ටැඹ තරණය කර සරාගයේ සිහින අරන් එන රෑ, උන්මාදා කුමරිය සිරියහන සරසා තිබුණේ සමන් මලෙන්ය. පිච්ච කථාවේ ඊළග කථා නිමිත්ත හමුවන්නේ වජ‍්‍රබෝධි භික්‍ෂූව සිරිලකට වැඩම කළ කි‍්‍ර:ව 732 දීය. චින දේශයේ මහායාන වජ‍්‍රයාන සිතුවිළි රැගෙන පැමිණි වජ‍්‍ර බෝධි භික්‍ෂුව මහ රහතන් වහන්සේ නමක් බව කියවේ. ඒත් ඒ ගැන ථෙරවාදි අටුවාවේ ඇත්තේ නුරුස්සන සුළු හැගීමකි. කොහොම උනත් මොණරාගල දඹේගොඩින් සිරිලකට මෛත‍්‍රීය බෝසත් පුජාව හදුන්වා දෙන්නේ වජ‍්‍ර බෝධි ථෙරිදුයය. පසුව එය අභේගිරිය හා මහාවිහාරය අතර මතවාදි සංකථනය වී ඉතිහාසය සූපෝෂිත කර ඇත්තේය. බෝසත් වන්දනාව ඇරඹෙන්නේ පිච්ච මලින් බෝසත් රුව වන්දනා කරමින්ය. ඒ හින්දා ඒ කාලේ ලක් දිව පුරා පිච්ච රැල්ලක් හමා ගොස් ඇති සැටි පෙනේ. මේ පිච්ච මලේ කථාව සිගිරිගිරි සිරසට නැග ඇත්තේ පිච්ච මල නිමිත්ත කර ගෙනය. ඒ සීගිරි කවි පොකුරේ ඇති කවි ගී නිසාය. කථාව තවත් ඈතට යන්නේ ශී‍්‍ර මහ බෝධීන් වහන්සේ සහ දළදා වහන්සේට බැදුනු පිච්ච මලේ කථා නිසාය. ඒ එම කථා මල් පුජාවලින් ඔබ්බට ගිය ඉතිහාසයේ තීරක කථා වී ඇත්තේ පුදුම විදියටය. බෙලිගලින් දඹදෙණිගලට දළදා වහන්සේ වඩින්නේ පුලතිසි නුවර දළදාවත්තේ පිච්ච මල් දෝතින් පුද විටය. සිරි වන්නියේ මහ වන්නියා විසින් තුන්වන විජයබාහුට දළදාවත්තේ සමන් මල් දෝත ගෙන නාවේනම් තුන්වෙනි විජයබාහුද දඔදෙණි රාජධාණියද සිහිනයක් වන්නට තිබුනි. ඒ වගේම දඹදෙණිය ඇද වැටී නුවරක් සොයන සිංහළයන්ට නව නුවරකට සිහිනය පෑදෙන්නේ වීදාගම මෛතී‍්‍රය මහ තෙරිදු නිසාය. කෝට්ටේ රජ නුවර බැදෙන තුරු දළදා වහන්සේ වැඩ සිටියේ මහතෙරිදු වීදාගම ස්වාමිද්‍රයාණන් වහන්සේගේ සමන් මලින් සුපිපි සුරත් තලයේය. මේ කථාවට බැදුණු වීදාගම සන්නස කියවන විට පිච්ච මලෙහි බල සුවද මහිමය විදගත හැකිය. මේ බලගතු ඓතිහාසික බන්දනය නිසාම හැම ගෙදරකම හැම උයනකම හැම අරමකම සහ හැම දෙවොලකම පිච්ච මල, බහුමානයෙන් වැජඹෙන මල් ගොමුවේ අග‍්‍ර මල් වැලය.

   මේ පිච්ච මල දිව්‍ය ඔසුවක් කර තබන්නේ හෙළ වෙද රජ බුද්දදාසය. ඔහු ලියා තැබූ සාරාර්ථ සංග‍්‍රයෙහි පිච්ච මලේ පද වරුණා අපමණය. පණ්ඩිත පරාක‍්‍රමබාහු සුරචිත කුසදාවත හෙවත් කව්සිළුමිණහි පිච්ච මලේ ලෞකික සුගන්ධය ඉහවහා ගොස් තිබේ. එය සැලළිහිණි සංදේශයෙන් සුගන්ධවත් වී හංස සංදේශයෙන් යලිත් ලොව්තුරු සුව`දට මුසු වී ඇත්තේය. මේ සුව`ද ඉතිහාසය ඒ සුව`දින් ඉව කළ ජයසේන ජයකොඩි සූරින් ‘‘පිච්ච මල’’ නව කථාව ලියන්නේ ඒ රහසිනි. නුතන සිංහල ප‍්‍රබන්ධකරණයේ නව මානය බවට ‘‘පිච්ච මල’’ නවකථාව පත්වන්නේ මේ විදියටය.
   මෙහෙම දිගට ඇදෙන පිච්ච කථාවට මට උපත වුනේ කහ පිච්ච මල් වැලය. කහ පිච්ච මල් වැල රෝපණය කර ඇත්තේ ලොව ප‍්‍රථම ජන සම්මත අගමැතිණි සිංහලේ ජන සම්මත රැුජින සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක ශි‍්‍රමතාවියය. ඈ තොමෝ බලගතු රහසක් මේ සමගම නිදන් කර ඇත්තේය. ඒ කහ පිච්ච වැල රෝපණ නැකතේ මහතෙරිදු බලංගොඩ ආනන්ද මෛතී‍්‍රය , මහ තෙරිදු වල්පොල රාහුල , මහතෙරිදු කඹුරුපිටියේ වනරතන යන සග රජුන් තිදෙනා සෙත් පිරිත් සජ්ජායනා කර වග ලිය වී ඇත්තේය. කහ පිච්ච පැලය සිරිමා රත්වත්තේ කුමරිය තෑගි ලබන්නේ භාරත රජ් පුත් රාජ වංශයේ සිංග් හමිර් ඨකුරක සිංග් කුමරුගෙනි. මල් වැල තවමත් සජීවිය. කහ පිච්ච මලින් සොබමානය. මෙය බණ්ඩාරනායක,රත්වත්තේ,ඔබේසේකර ප‍්‍රභූ වංශ පෙළපත මෙන්ම එයට බැදුනු කුමාරතුංග ජන පෙළපතටද හිමි කෞතුක රුක් වැලක් වේ. ඒත් මේ රුක් වැල ඇත්තේ කොතනදැයි කීම මහත් ව්‍යාකුල අනතුරු කථාවකි. කෞතුක හොරුන් අරක් ගත් රටක මේ පූජනීය රුක් වැල තණ්හාධික ඔහුනගේ කෙළි බඩුවක් විය හැකිය. ඒ නිසා තැන නොලියා තතු ලියමි. කහ පිච්ච වැල භාරතය හා සිරි ලක දිග ඇදුණු දිගු මිතු බැ`දුමේ නුතන සාක්ෂියය. මහ රජ ධර්මාශෝකයන් තමන්ගේ වටිනාම වස්තුන් දෙක වූ කිරුළ හිමි මිහ`ිදු කුමරුද මිත්තා කුමරියද සිරිලක වඩමවන්නේ හේතුවක් ඇතිවය. ඒ වගේම උත්තර භාරතීය කාශ්මිර රාජ වංශයේ කහ පිච්ච මල් වැල සිරිමා කුමරියට තෑගි දුන්නේ රාජතාන්ත‍්‍රක හේතුවක් නිසා විය හැකිය. ඒ වගේම මේ රාජ ත්‍යාගය රෝපිත නැකතට වැඩම කොට වල්පොළ ,කඹුරුපිටියේ,බලංගොඩ ස`ග රජුන් තිදෙනා එය බලගතු රාජතාන්ත‍්‍රික කථාව සනාථ කරයි. මෑත යුගයේ සිරිලක් සසුන පොඹ කළ මෙම සංඝ නේත‍්‍රෘන් තිදෙනාගේ අනු දැනුම රැුකවරණය මත සිදු වුනු මේ රුක් රෝපණය ලක් සංස්කෘතික ඉතිහාසයේ නිදන් ගත රාජ දේශපාලන සිදු වීමකි. එබෙවින් මේ ගැන ඇති ඉතිහාස සාක්‍ෂිය වහ වහා ලක් රාජ ලේඛනාගාරයෙන් සුරක්ෂිත කළ යුතු බව කිව යුතුය. 

   එමෙන්ම මේ ඓතිහාසික සිදුවීම් ආඥා අනුසාරයෙන් මෑත යුගයේදී සජිවි විය. ඒ පූජ්‍ය කොටපොළ අමරකීර්තිි ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ‘‘පිච්ච මල් පුජාව’’ නම් බෞද්ධ මහා වන්දනාව ඔස්සේය. ඒ පිච්ච මල් පුජාවේ ආඥා ධර්ම ධාතු බලයද එක් වී කොටි උවදුර සිරිලකින් සහ මුලින්ම උපුටා දැමුවේය. ඒ සදහා පිච්ච මල් පුජාවේ නිර්මාතෘ පුජ්‍ය කොටපොල අමරකීර්ති හිමියන්ට ධර්මාසනය මදකට අතහැර රාජ සභාවේ අසුන් ගන්නට සිදු වූයේ එබැවිනි. යුතුකම ඉටු කොට රාජාසනය අතහැර පිච්ච මල් පුජාව යලිත් ජිවමාන කොට නැවත ධර්මාසනේ වැඩ වසන්නේ ඒ ඉතිහාස ආනුභාවයෙන්ය. මේ කථාවේ ඇත්ත නැත්ත හරි මැද සජිවීව දිවිගෙවමින් තතු පවත් සහිතව දැන සිටින බැවින් නිර්භයවම ලියා තැබුවෙමි.

සුජිත් අක්කරවත්ත.   

Thursday, May 15, 2014

කුරුස කාසී


                  
        ධාතුසේන රජතුමාගේ බාල දියණිය වුයේ සංඝාය. ඇගේ දෙටු සහෝදරයන් වන්නේ සීගිරී කාශ්‍යප සහ මුගලන්ය. සංඝා කුමරිය තම පුත් කුමරු සිව් වියැති ළදරු සමයේම කසාවත් පොරවා බුදු සසුනට පුජා කළේය. මේ නිසා ‘‘සිලාකාල කුමරු’’ ගැන අතීත තතු පවත් ලියා තබන්නේ ‘‘අම්බ සාමණේර’’ නමිනි. හුදී ජනයා ‘‘සාමණේර කුමරු’’ නමින් හදුන්වන්නේ මේ ධාතුසේනගේ මුණුපුරාය. ධාතුසේනගේ රාජ්‍ය උදාව සිදුවන්නේ ලක්දිවට පළමු කිතුනු වංශික ආගමනයද සමගිනි. සිරියානු ගී‍්‍රක ජන වංශීකයන් වු මුරුණ්ඩ වංශයේ මිගාර ද, මහා මාඝ බ‍්‍රාහ්මණ ද සිංහළ රාජ පවුලේ අමාත්‍ය මණ්ඩලයේ අසුන් ගන්නේ එබැවිණි. මේ කිතුනු වංශික මුසුව ගී‍්‍රකය මැද පෙරදිග හා යුරෝපය සමග බැදී ඈදුණු සරුසාර ආර්ථික පුනරුදයකට මාවත වන්නේය. කලා වැව, අවුකන මහා පීළිමය වගේම සීගිරීය බදු සිංහළ විස්කම් පසුපස මේ කිතුනු නෑකම ඇති බව ඇත්ත නමුත් වසන් වී ඇති අභිරහසය. කෙහොම වුවත් ධාතුසේන කාෂ්‍යප හා මුගලන් යන රජුන් තිදෙනාම කිතුනු සහවාසය හා බැදී ගිය රාජ්‍ය පාලනයකට එක් වීම ලක්දිව දේශපාලන සග සසුනක නැගී හිදීමකටද පාර කපා දැමුවේය. එය වඩාත් උග‍්‍රවන්නේ මුගලන් සහ කණිටු මාඝ බ‍්‍රාහ්මණගේ පාලන කාලයේදීය. එ ඔවුන් දෙදෙනා ධාතුසේන මිගාර හා කාශ්‍යප සහ මහා මාඝ බ‍්‍රාහ්මණ රාජ සමයේ තිබු බෞද්ධ කිතුනු සංහිදියාව බිද දමාගෙන අගතිගාමී වීම නිසාය. මේ තත්වය කල් තබා දුටු සංඝා කුමරිය තම පුත් කුමරුව කසාවතින් හැඩකාර කළේ දිගු දුර ඉලක්කයකටය. ඒ කිතුනු විරෝධය ඇවිලියන විට බෞද්ධ නැගීමේ ප‍්‍රාර්ථනාව තම පුතු කර ගැනීමටය. 

    සාමණේර කුමරු කසාවත පොරවාගෙන තම මව් තුරුලේම හැදී වැඞී වැඩි දුර අධ්‍යාපනයට බරණැස් සරසවියට පිවිසුනේ කාශ්‍යප රජ සීගිරී මුදුනින් ලොව මුදුනට නැගී ආ සමයේය. අම්බ සාමණේර හෙවත් සීලාකාල යලි සිරිලක සැපත් වන්නේ වානිජ විශාරදයකු බවට පත් වීමෙන්ය. එමෙන්ම බරණැසින් සිරිලකට සැපත් වනවිට ගෞතම බුදුන් වහන්සේගේ කේශධාතුවක් මෙරටට වැඩම කරවාගෙන ඒම ඔහු වටා බෞද්ධ රැස් වළල්ලක් ඇති වීමට හේතුවේ. මේ අතර ඔහු සිය රට සැපත්ව  ‘‘දිපංකර බැංකුව’’ නමින් බෞද්ධයන්ට පුද්ගලික බැංකුවක් ආරම්භ කළෝය. දීපංකර බුදුන් නමින් නම් කරන්නේ ගෞතම බුදුන්ට විවරණ දුන් බුදුන් බව සිහි කරමිනි. ඉක්මනින් බොද්ධ ධන එකතුවෙන් දිපංකර බැංකුව ඉහල එන්නේය. ඒ අපුරු උපායකිනි. එනම් ලක්දිව ප‍්‍රථම ‘‘කුරුස කාසිය’’ සමගය.

        සිංහල බෞද්ධ දේශයේ ප‍්‍රථම ‘‘කුරුස කාසියේ’’ නිපදවන්නේ බෞද්ධ බැංකුවෙනි. එ විශ්ව අගනුවර වී තිබු සීගිරිපුර සිරි විදින විශ්විය කිතුණු සමාජය ඉලක්ක කරගෙනය. සිලාකාලගේ විස්කම් හිස එතරම් පුළුල්ව තිබු බව වත්මන් සිංහළ බෞද්ධයන්ට කියා දෙන ඉතිහාස සාක්ෂිය මෙයය. සිලාකාල හෙවත් සාමණේර කුමරු කිතුණු විරෝධය පසු පස නොගොස් ප‍්‍රබුද්ධ රාජ විශාරද හිසකින් ගමන පටන් ගත්තේ එලසය. සාමණේර කුමරායාගේ ‘‘කුරුස කාසිය’’ සීගිරී යුගයහි ගලා එන දැවැන්ත ධන අයෝජනය බවට පත් වන රහස විය. වඩාත් අපුරු කථාව සීගිරී කාශ්‍යප මෙයට අනුමැතිය දීමත් සමග බෞද්ධ බල සේනා කුපිත වීමය. පසු කාලයක දේශපාලන සගුන් වහන්සේලා පන්දහසක් සීගිරී රාජධානිය වටලා ‘‘පත්තනිකුජ්ජන කර්මය’’ සිදු කිරීමට තුඩු දෙන හේතුවට උපත දෙන්නේ දීපංකර බැංකුවේ කුරුස කාසියය. කාශ්‍යප රජුට පුත් කුමරුන් නොමැති වීම නිස ඔහු ඇවැවෙන් සිලාකාල හෙවත් සාමණේර කුමරු බලයට එතැයි බියක් හා සැකයක් දේශපාලන සගුන්ට මතුවිය. එවිට සිදු වන්නේ ඉන්දුසියාවට පැන ගොස් සිටි මුගලන් කුමරු හා දේශපාලන සගුන් වහන්සේලා අතර ලක් කිරුළ සීගිරී කාශ්‍යප ගෙන් පැහැර ගැනීමේ දේශපාලන කුමන්ත‍්‍රණයක් මතු වීමය.

    දීපංකර බැංකුව පිළිබද ඉතිහාස මුලාශ‍්‍රයන් ලක් දිව ලියවුනු තතු විත්ති වලින් මැකි ගියේ මන්දැයි සිතා බැලීම වටි. එත් ඉන්දුනිසියනු භික්‍ෂුවක් වු ආනන්ද තෙරිදුගේ ශීලා ලේඛණයක් හමු වීමෙන් මේ වටිනා තතු පවත නුතන ඉතිහාසවේදීන් වෙත හමු වේ. එය වඩාත් තහවුරු වන්නේ දීපංකර බැංකුවේ කාසි සමුහයක් හමු වීමත් සමගය. එමෙන්ම කාශ්‍යප පරදා මුගලන් රජ වීමත් සමග ලක් රජය විසින්ද කුරුස කාසි නිකුත් කිරීමට මුගලන් රජ කටයුතු කර ඇත. මේ සියල්ල මෙනෙහි කරමින් එච්.ඩබ්ලිව්.කොඞ්රින්ග්ටන් ශී‍්‍රමතාණන් අනගී විමසිමක් ලක්දිව පුරාණ කාසි පිළිබද සිදු කරන්නේය. එ ඔහු තෙමේ විරචිත Ceylon coins and currency  (සිලෝන් කොයින්ස් ඇන්ඞ් කරන්සී) කෘතිය ඔස්සේය. එමෙන්ම සිලාකාල කුමරුගේ ජිවිත පවත මහාවංශයටත් වඩා පුර්ණව විස්තර වන්නේ චුලවංශයහි 39-49 පරිච්ඡේද වලිනි. එත් සිලාකාල අනුකරණය කරමින් මුගලන් රජුද කුරුස කාසි නිකුත් කළද ඔහුට එමගින් ආර්ථික පුනරුදයක් ලබා ගැනීමට හැකියව ලැබි නැත්තේය. එයට හේතුව නම් විශේෂඥ හැකියාව තිබු සිලාකාලව රාජ්‍ය පාලනයෙන් ඈත් කර ඔහුගේ අනගි අදහස පමණක් අනුකරණය කිරීම වීය හැකිය. කොහමත් මුගලන් තම බෑනා රජ කමට ඒම වැලකීමට මහත් වෙහෙසක් ගනු ලැබුවෙකි. මුගලන් තම පුත් කුමරු වු කුමාර ධාතුසේනට රජ කම පවරා දීම සදහා සීලාකලා හෙවත් සාමණේර කුමරුව බලයෙන් ඈත් කර තැබුවේය. නමුත් මුගලන් රජු යනු බෞද්ධත්වයද කිතුණු ආගමද එමෙන්ම හින්දු ආගමද පහත් ලෙස බල උවමනාවට භාවිතා කළ රජෙකි. ඔහු අතින් සාරවත් ලක් රාජ්‍යය දුප්පත් තැනකට ඇද වැටීමට මාවත පෑදුනේය. මේ සියල්ල අතරින් මුගලන්ගේ දාහත් වසරක පාලනය නිමා වන්නේ ඔහු ප‍්‍රාර්ථනා කළ ලෙසට ඔහු පුත‍්‍ර කුමාර ධාතුසේන බලයට පත් වීමෙන්ය. රටට සුභදායක ගමනක් තනා දීමට අපොසත් වු ඔහුගේ අට අවුරුදු පාලනය කෙළවර වන්නේ ඔහු පුත‍්‍ර ‘‘කිත්ති සේන’’ වසරකට රජ වීමෙන්ය. මේ රාජ බල හුවමාරුව අතර රට පත්ව තිබුණේ අස්ථාවර තැනකටය. ඒ අනුව අභිමාන හා ආර්ථික අහේනියට නතු වෙමින් තිබු රට හමුවේ ප‍්‍රාර්ථනාව බවට ‘‘සාමණේර කුමරු’’ පත් වන්නේ මේ අතරය. දීපංකර බැංකුවේ නිර්මාතෘට රට භාර කිරීමට සුසිල්වත් සගුන් හා අන්‍ය ආගමික ජන ප‍්‍රධානින් එකතු වන්නේ ඒ අතරය. ඒ වෙනුවෙන් ඇති වන ජාතික කතිකාව කෙලවර වන්නේ කි‍්‍ර:ව 518 දී අම්බ සාමණේර හෙවත් ‘‘සාමණේර කුමරු’’ සිලාකාල නමින් ලක් සියසුනට පත් විමෙන්ය. ලක්දිව ප‍්‍රථම මෞර්්‍ය වංශ රජ පරපුරේ කීර්තිමත් තෙවැන්නා ඔහුය. මෞර්්‍ය පරපුරේ ආරම්භක ධාතුසේනට ද කාශ්‍යපට ද පසු එම වංශයට උත්තරීතරත්වය ගෙන ආවේ කුරුස කාසියෙන් රටක් මවිත කළ ‘‘සිලාකාලය’’.



Sunday, March 16, 2014

අරුමැසියාගේ තිස් වසර



                                        
      අසු දශකය දිගු වැඩියැයි කතාව හැබෑවක්මය. මන්ද අසුව දශකයේ දිගුවක් බවට අනුව දශකද දෙදහ දශකයද පත්ව, එය අවසන් කර ගැනීමට නොහැකි ලතෝනියක්ව ඇත්තේය. කොහොම නමුත් ‘‘ අරුමැසියාගේ තිස් වසර’’ ලියන්ට ගිය කල අසුව යලිත් කතාවක් වන්නේය. සාහිත්‍යයෙන් කේ.කේ.සමන් කුමාරයන්ද සිනමාවෙන් අශෝක හදගමයන්ද කවියෙන් නන්දන වීරත්නයන්ද වේදිකාවෙන් ජයලත් මනෝරත්නයන්ද දේශපාලනයට චම්පික රණනවකයන්ද සමාජ මත මානයෙන් දිප්ති කුමාර ගුණරත්නයන්ද අසුවේන් උදාන වු පාර ප‍්‍රාප්ත පොරවල්ය. මේ අසුවේ දශකයේ නැගී සිටින චරිත අතර සමන් කුමාර හෙවත් සර්පයා සංකේතයක් වන්නේ ඔහුගේ ප‍්‍රථම පොත නිසාවෙන්ය. එත් අතකින් සමන් කුමාර අහම්බයක් සේය. පළමු පොතම සංකේතයක් වුද මේ අහඹු මිනිසා සිංහළ කතාකලාවේ තමන්ගේ පොතක නම නිසා උපන් නම මකා ගත් ප‍්‍රථමයාද, එකමයාද වන්නේය. මෙහම වු සමන් කුමාර මට ජිවමානව හමුවන්නේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ මහ නුග ගහ යටදිය. ‘‘සර්පයා’’ එතැනදි හමුවීමනම් ඇත්තටම දෛවයේ සරදමක් වැනිය. එත් ලේඛනයේදී සමන් කුමාරයන්ද සර්පයා කීවද ඔහුව මම අමතන්නේ ‘‘සමන් අයියා’’ කියහ. එ ඔහු අසුව දිගු දශකයේ මම හදුනාගත් අයියලා අල්පයේ අයියා කෙනෙකු වු නිසාය. කොහොම නමුත් ගැටවර හැගීම් අරගල කළ කාලයක මගේ ජිවිතය සහමුලින් අනික් පස පෙරලූ පොත් දෙකක් මට හමුවිය. එ ඩෙස්මන් මොරිස්ගේ ‘‘නිරුවත් වානරයා’’ හා සමන් කුමාරගේ සර්පයෙකු හා සටන් වැදය. මේ පොත් දෙකම මතකය කැරැල්ලක් කරන්නේ එකල මගේ මව මෙ පොත් දෙකම වනචර පොත් දැයි බියවු නිසාය. දහතුන් වන වියෙදි කියු මෙ පොත් දෙක නිසා සර්පයාද මොරිස්ද එකට බැදුනි. කොහොමින් හරි බොහෝ දෙනා කේ.කේ. සමන් කුමාර දන්නේ සර්පයා ලෙසය. පොතින් දැනගත් ඔහු සමාජ මත කතාවෙන් සර්පයා වී ඇත්තේ ඇයිදැයි බෞද්ධ සම්මේලනයේ නුග ගහ සල්ලාපයෙන් පසු හිතන්න තරම් වදයක් දුන් පැනයන් වන්නේය.

             එක් අතකට අජිත් තිලකසේනයන් හා ටෙනිසන් පෙරේරා වැනි පුරෝගාමී සාහිත්යීකයන් සමන් කුමාරගේ පුර්ව ගාමි බවට මතයකි. එ මතය සර්පයාගේ ගුරු කුලේ ඇත්තන්ගේම වියමනකි. එත් සමන් කුමාර ස්වීය උත්පාදනයක් බව මගේ වැටහිමයි. සමන් කුමාර නිසාම අජිත් තිලකසේනයන්ද ටෙනිසන් පෙරේරාද කියවු විට වඩා මැනවින් සමන් ස්විය වි ඇති හැඩ විද්‍යාමානවේ. එත් සමන් කුමාරද ඔහු හැදු වැඩු ඔහුට වැට බැදි හා බලා කියා ගත් ගුරු කුලයහි වරදම ඇත්තේ සමන්ගේ සංකේත පියා සොයා ගත් වැරදි තැනය. එත් දිප්ති කුමාර ගුණරත්න හා ජගත් මාරසිංහ සමන් කුමාරයන්ගේ නිර්මාණ පිතෘත්වය රොහාන් පෙරේරාට හෝ සුනියම් දෙවින්ට සමපාත කරන සේයාවක් පෙනේ. මේවා ලාංකික පොළවේ ඇති ලෙඩක් සේ පෙනේ. සැබැවින්ම වික‍්‍රමසිංහට නවගත්තේගමට අමරසේකරට , ජයකොඩි හා ජයතිලකට පුර්වගාමීන් නැති සේම සමන් කුමාරටද නැත. එසේ තිබුණි නම් සමන් කුමාර සර්පයා සමග මියදි බොහෝ කල්ය.

     
ස්වකීය ප‍්‍රථම ගතම සංකේතයක්ද ප‍්‍රතිභාවයක්ද කල සමන්ගේ නිර්මාණ අරභයා කළ පුරෝකථන විචාර වල එයම නිර්මාණ විශ්මය ලේස ලියැවේ. එත් ඔහු තම මුල්ම පොත ලියා දස වසක් ඈවෑමෙන් රචිත ‘‘එසඳ මම බලා සිටියෙමි’’ චිචාර ඇසින් දුර්දශාවකට ගොදුරුව ගියේය. එ සාදනිය ලකුණුද ආසාධනිය ලකුණුද එකවිට එකට පෙන්වන්න සමන්ගේ පොත එ බව කියමිණි. එත් ‘‘එසඳ මම බලා සිටියෙමි’’ පෙන්වන්නේ ලාල ලාලිත කවිත්වයකින් හෙබි සමන් කුමාරගේ  සදාර්ශනික විශ්ලේෂන වාදයේ සේම පුරාවිද්‍යා හා ජන ප‍්‍රවාද අතර පැතිර යන වියත් පාණ්ඩිත්වය. සමන් කුමාර ගේ වට වලල්ලට සැමඳා නොතේරෙන තැන මෙතනය. ඵෙතිහාසිකත්වය විසින් කලක අත්හදා බලා අධිපති කර තිබු ඉන්‍දජාලික සාහිත්‍යය සිංහල සාහිත්‍යට කැදවු සමන්ගේ භාෂා වික‍්‍රමය ‘‘ එසඳ මම බලා සිටියේමි’’ යැයි සිතමි. ලාවන්‍ය හා හැගීම් අතර එකට පෑදුනු දෘෘඩ බස වියමනක් වැනිය. හැගීම් ජනනය හා කාවැද්දීමද ඔහු පේකර තනා ගන්නා බසහි ශුරත්වය කදිමට පෙන්වන තැන එතැනය. ‘‘සර්පයකු සමග සටන් වැද’’ කුල්මත් විප්ලයව වුවාසේම ‘‘එසඳ මම බලා සිටියෙමි’’ පරිනත සාහිත්‍ය දෙසට වු පිවිසුම සේ හැගේ.

      මේ සියල්ල අතර ඔහුගේ උප නාමය වු සර්පයා සොයා යෑමට සිත වැදුනු කුරුමාන කුමක්ද? ඇත්තටම ජාතිකවාදී අස්ථානය ප‍්‍රථම පේ‍්‍රමය කර ගත් අවධියක ‘‘සර්පයා’’ පුරාතනම නාග ආලය හා පෑහෙන්නට විය. චිරාගත වාදී සාහිත්‍ය සේ ඊනියා වම්මු ඇලවු ලේබලය බිඳ වැටෙන්නේ මෙතෙනදීය. මායා යථාවාදය හෝ ඉන්‍ද්‍රජාලීක යථාර්තවාදය වාම දහරාවට චිරාගත වුවද, සමන් කුමාරට නවීන වන්නේය. එතැනින් ජාතික වාදයේ ආල අතුරයේ දිවි ගෙවු අපේ ගොත්ත‍්‍රයට සමන් සංකේතයක් වන්නෝය. එම හැගීම් තීව්ර කලේ ‘‘ නගා මැරූ අල’’ එළි දැක්වීමත් සමගය. ජාතක පොත්වහන්සේගේ සිට පුරාතන සාහිත්‍යක හා සම්භාව්‍යය ග‍්‍රන්ථ පුරා දිව යන සර්ප ආලනය නුතන සිංහල සාහිත්‍යයට කැරැළිකාරි ලෙසින් ගෙනාවේ ඇත්තටම සමන්ය. සමන්,...... සයිමන්ගේ දිගුවක්යැයි ඊළග වැරදි වැටහීම පැතිරෙන්නේ මීළගටය. එත් ටෙනිසන් පෙරේරා අජිත් තිලකසේන මෙන්ම සයිමන් නවගත්තේගමගෙන්ද සමන් සපුරා බැහැර ගිය අනන්‍යතාවක්ම බව කිව යුතුය. සමන්- සයිමන් යුවලක් සේ ලාංකික සාහිත්‍ය කථා වතට එන්නේ සයිමන් වටහාගත් ඔහුගේ තීරුවේ ප‍්‍රථමයා සමන් වීමද සමන් වටහා ගත් ඔහුගේ තීරුවෙ ප‍්‍රථමයා සයිමන් වීමද නිසායය. මේ අතර සයිමන් වීමේ ව්‍යාජ රැල්ල සමන් ඔබා සගවා ගැනීමේ කුහකත්වයට අවතීර්ණ විය. මේ අර්ථකන අධිපති වන්නේ මේ වෙන්ඩ සයිමන්ලාගෙන් යැයි සිතේන්නේ එබැවින්ය. 

   
කොහොමින් කොහොම හෝ කේ.කේ. සමන් තම හැබෑ නමද ජනගත නමද නිසා අමුතු පුරුෂයකු වේ. එ අතර ඔහුට තිබු නම් දෙකම ඓතිහාසිකය. සමන් නැමැති නම, සමන් දෙවියන් නිසා ද සමන් ගල සමන් නිසා ද දෘෘඩ සමන නිසා ද ඉතිහාස ගත නමකි. ඒ වගේම සර්පයා නාගයන් නිසාම ඓතිහාසිකය. සර්පයා රාගයේ සංකේතය මෙන්ම සිංහල ද්‍රවිඩ ජාතික මුලයන් හි ප‍්‍රාග් බෙදීමේ යටි පාදමද වේ. එබැවින් නාග සර්පයා නොවිසිදුනු ඓතිහාසික ගැටළුවකට උපත දුන් තැනකි. රාගය කොතරම් යට කර තැබුවද යලි යලි මතුවේ. කොටින්ම සමන් තම ‘‘සර්පයකු සමග සටන් වැද’’ කථාව ගොතන මුලය මෙයය. රාගය සර්පයකුසේ අවධිවෙන්නේ යම් සේද ලංකාවේ දෙමළ කැරැල්ලද මුගුරෙන් තලා කඩුවෙන්       කපා බෝම්බේන් සුන්නද්දුලී කර දැමුවද රාග සර්පයා වගේමය. කුපිත වී නැගී සිටි. එබැවින් සමන් තෙමේ තම සාහිත්යීක නිර්මාණ වේශයට ප‍්‍රවේෂ කර ගන්නා මේ ඉතිහාස ඉව නිසි තැන තබා කියවා ගන්න යත්න දැරීමක් නොවීය. අන් අතකින් මාරක අත්හදා බැලීමක් සමන් කරන්නේ ස්ත‍්‍රීයකට බුදු වීය හැකි යැයි ද, ස්තී‍්‍රය බුදු විය යුතුයැයි ද, පතමින් සිතමින් තන්ත‍්‍රයානික සදාර්ශනිකත්වයේ බහා ගොතන ‘‘නේරන්ජනාවේ ස්නානය’’ ඔස්සේය. එය එකල සිංහළ බෞද්ධ අන්තයේ පිළිකුලට ලක් විය. එනමුත් ජාතිකවාදය ඇතුලත හුන් නුතන ජාතික වාදී ගොතත‍්‍රය සැබවින්ම එයින් ප‍්‍රහර්ශයට පත් වු බව සිහි කල යුතුය. මෙම පොත එළි දැකීිමත් සමග ස්තී‍්‍රවාදය හා බෞද්ධත්වය අතර ගැටීමක් මැද වුවද බැඳීමක් ඇති වුයේය. සැබැවින්ම සමන්ගේ ස්ත‍්‍රීවාදය වෙනම එකකි. ඔහුගේ ස්තී‍්‍රිවාදය අනුමාන සත්‍යයන් සහ ප‍්‍රායෝගික තත්ව අවබොධයන් සමග පැටළුනු සිහිනයක් දැයි නොදැනෙයි. එය දන්නේ ඔහුම පමණි. ස්ත‍්‍රීයවත් නොදන්නා ස්තී‍්‍රත්වය පුරුෂත්වයට ඉව කල හැකි ඉමක් මිස අවබෝධකල හැකි විෂයක් වෙතැයි ඒ ගැන කිසිත් නොදන්නා මගේ සිතුවිල්ලය. 

                කේ.කේ. සමන් කුමාර නම් විදග්ධයාට පහල වන ඔහුගේම චින්තාවන් ඔහුට ලොව අභිමුව විවරනය කර ගැනීමට ගුරු කුල චින්තාවක් තිබීම සමන්ගේ සාහිත්‍ය ගොදුරුවු ඛෙදවාචකයයි. එත් මෙතන අප මවිත කරන කරුන එය නොවේ. පරපුරක් වශි කළ පන්හිදක් බවට මේ අරුමැසියා පත් වී අඛණ්ඩව එ ගගුල නොසිදි ගලන සැටියය. ලේඛකයකු ලෙස පුර්ණකාලීනව ජිවත් වීම අතීශය අසිරුය. එලෙසම අදීන ස්වීයත්වයක සිට ගැනීමද උදා කර නොහැකි හීන යුතෝපියාවක් වු රටක සමන් මෙසේ සිතයි කි‍්‍රයාකරයි. තිස් වසක් ඔහු පෑන අත් නොහැරම පැමිණ ඇත . ඔහු සමග ඇවිද ගිය සාතිශ්‍ය බහුතරය කීකරුව ඇති කලක සමන් තවමත් අකීකරුව දිවි ගෙවයි. ‘‘රස්තියාදුකාර ප‍්‍රඥයා’’ ලෙස මම ඔහුව දකින්නේ එතනදිය. ලේඛකයකුට රස්තියාදුකාරයකු වීමට නොහැකි නම් ඔහු නිබඳ පණ ලබන ඔද වඩන චින්තාවන්ගෙන් සපිරි මිනිසෙකු වන්නේ කේසේද. ගෙයක් දොරක් තබා යාන වාහනයක සිහිනයද නොදකින තැනක සමන් පය ගසා ඇත. විටක බෝධිචර්්‍යාවතය කියන පාරමිතාගාමියා සේය. ඉසඹුවක් නැතුව ගමන් කරයි. සතහට නෙත පතුරවමින් සොයා යයි. ඒ නිසා සමන් ගෙන් නෙත් ලැබු පරපුරක් සාහිත්‍ය නදියේ ඔරු පදිනු පෙනේ. ඇත්තටම සම්මත කොටු පවුරක් පුපුරවා දැමු යගදාව වුයේ කේ. කේ. සමන් කුමාරය. නොබියව නිර්භයව හද හැගීම් පද අකුරු කිරීමට පරපුරක් පෙළඹ වුයේ ඔහුය. ඇත්තටම නව සාහිත්‍ය යුගයේ අංකුර ඔහුය. එත් ඔහු දැන් විසල් රුකකී. පරාජය කළ නොහැකි පරාජය නොහදුනන මිනිසෙකි. දර්ශණ චින්තාවන් දේශපාලනය සාහිත්‍ය ඉතිහාසය හා ජනප‍්‍රවාද ප‍්‍රඥා මාර්ගීක බුදු දහමද එකට එක විට කලතා ගනිමින් එකට ලියවිය හැකි ලේඛකයාය. යටත් නොවන ඔහු සටන් නොවදින මිනිසෙකු වී ඇත . ජිවිතය නම් සංකීර්ණ තාලය තුමුම අවබෝධ කරගනිමින් ලේඛකයකු මිස වෙන කවුරුවත් නොවී සිටිමි. එත් සමන් තිස් වසක් ඇවෑමෙන් වෙනස් වි ඇත. මෙලෙස ලියා තැබු විට කළබල වන්නේ ඔහුගේ ජිවන ශෛලයෙන් හා පද මිහිරෙන් ආතුර වුයෝය. සියල්ලෝ වෙනස් වන ගමන් වෙනස් නොවන මිනිසෙක් පතයි. තමන් ආත්මාර්ථයේ සැඩ පහරට ගොදුරු වි මජරයකු වෙමින් සදා දුකේ දුක් විදින මහ පුරුෂයන් පතයි. එය හරියටම කලිසම තම ඇදුම කරගෙන රෙද්ද බැනියම අදින ජාතික නායකයන්ට ඡන්දේ දෙන සිංහලයන් වගේමය. එත් කිසිවෙක් කළබල නොවිය යුතුය. සමන් වෙනස්ව ඇත්තේ මජරත්වය දෙසට නොව මහා සම්ප‍්‍රදාය සොයාය. එත් කිව යුතු ශෝකී කථාව එය නොව සමන් ස්වකීය පෘතුලත්වය නිසා ඇතුල් කරගෙන ඇති වෙනස් වීම නොතේරෙන තැනය. විටක මට සිතෙන්නේ ඔහු ඔහුම අවබෝධ කර නොගැනීමය. ඉතින් සර්පයා හැව හැර දැමිය යුතුය. සර්පයා හැව හැර දමන්නේ නිස්සාරත්වය පිණිස නොව සාරත්වයේ ඊළග එළඹුමටය. සිංහල සාහිත්‍යට සිටින එකම සර්පයා කේ.කේ.සමන් කුමාරය. සර්පයාට පුතුන් නැති සේම සර්පයාට දියණියන්ද නැත. සර්පයා සිතිය යුතු ගැඹුරුම තැන එතැනය. අරුමැසියාට තිස් වසරකි. සමන් කුමාරට පනස් වසරකි. ලේඛකයකු තරුණ වන්නේ පනස් වියේදී යැයි මට කිවේ සයිමන් නවගත්තේගම හා ජයසේන ජයකොඩියය. එ දෙපළම නික්ම ගොස්ය. සමන් අයියේ උඔට පුරවන්නට මහත් අවකාශයක් ඇත. එබැවින්ම සර්පයා සමග‘‘නා`ගහ පාර’’ගැන උදාන වන්නට බලා සිටිමී. මන්ද අයියාත් නංගිත් රමණයේ යෙදී්මෙන් ඇරඹුනු මහනාම හිමියන්ගේ ‘‘මහා වංශය’’ මහා සම්මතය වු රටක තාත්තත් දුවත් රමණ සුවය විදී ‘‘සර්පයකු සමග සටන් වැද’’ අසම්මතය වුයේ ඇයී දැයී විමසිය යුතු වේ. 

සුජිත් අක්කරවත්ත           
         

තිස් වසකට පසු සර්පයෙකු හා සටන් වැද නැවත කියවීම


තිස් වසකට පසු සර්පයෙකු හා සටන් වැද නැවත කියවීම හා සර්පයෙකු හා සටන් වැද තෙවන මුද්‍රණය එළි දැක්වීමේ උළෙලේදී සුජිත් අක්කර වත්ත මහාතා විසින් සිදු කල දේශණය පහතින් අසන්නට හැක. 

මෙතැනින් අහන්න










Sunday, March 9, 2014

ආර්.සි.ටැම්පල්


                         
                                                                               
                                
            සයවන බුවනෙකබාහු කැලණි නදිය දියවන්නා දියත්තට බැද තැබුවේය. එ අනුව කොළම් තොටට හංසවති නුවරින් වඩින සියම් භික්‍ෂුන් වහන්සේලා පිළිිගන්න මග සතර අත නිලූපුල් තොරන් බැඳුනේය. නීල උත්පල තොරන් බැඳ තිබු කොළඹ තොටින් සපිරි වර මුලින්ම වැඩියේ කෝට්ටේ දියවන්නා දියත්තටය. එතැනින් ඔරුගොඩවත්තට පිවිස කැලණි නදිය මැද බැඳුන‘‘උදකුකෙඛප සීමාව’’ට වඩමවාගෙන විත් විදාගම මෛති‍්‍රය මහ තෙරිඳු වෙත භාර කළෝය. එ දවස ධම්ම චේතිය මහ රජ අග්නිදිග ආසියාවේ අධිරාජ්‍යා ලෙස නැග ආ දවසය. කී‍්‍ර:ව 1478 වෙසක් දා ලා හිරු උදාවේ 7:17 ට එලඹ තිබු නැකතට උපසම්පදාව සිදුවන්නේය. සිංහල භික්‍ෂුන්ගෙන් රාමඤ්ඤ භික්‍ෂු වංශය යළි උපදින්නේය. එ සියම් චින වියට්නාම් කාම්බෝජ සහ ජපන් කොරියන් සංඝ සසුන් යලි උදා වු සිදුවීමය. මුලූ ආසියාවම එකට එක් කල මෙම ඓතිහාසික සිදුවීම කුහක සිංහළයන් වසාගෙන තලා යටපත් කරගෙන හිදියෝය. සයවන පරාක‍්‍රමබාහු කෝට්ටේ මහා නේත‍්‍රෘ කිරීමට මෙම කුහක සිංහළයන්ට සයවන බුවනෙක බාහු පාගා දමන්නට සිදු වුහ. ඉතින් එ සඳහා ඔහුහු දරා ඇති පිලිකුල් සහගත කුමන්ත‍්‍රනය නිසා මෙම උපසම්පදා මංගල්‍යය ඉතිහාසයේ අහුමුල්ලකට විසිවි ඇත්තේය. එත් ඉතිහාසයක් වසා දැමිම හීනයක් වන්නේ විටෙක සියවස් ගනනානවක් ගොස් හෝ ඇත්ත ඇත්ත විදියටම මතු විමෙන්ය. ධර්මතා බලය එහෙමය.                                                                                                      

   සයවන පරාක‍්‍රමබාහු රජුගේ ගජමිතුරු ඉතිහාස කරුවන් තම වැටුප වෙනුවෙන් මරා දැමුවේ ශී‍්‍ර ලාංකිකයන්ගේ ජාත්‍යන්තර වික‍්‍රමයකි. කොහොමින් හරි සයවන පරාක‍්‍රම බාහු සහ සයවන බුවනෙක බාහු මිය ගිය පසු පෘතුගිසින් කෝට්ටේ අල්ලාගත්තෝය. කෝට්ටේ අල්ලා ගත් පරංගින්ට තිබු මහත් බය සිංහළයන් සමග රාමඤ්ඤ සහ ජපන් කොරියන් කහ බෞද්ධයන් අත් අල්ලාගනී කියාය. මෙ දිගු දුර දැනුනු පෘතුගිසි යුද සෙන්පති ‘‘පිල්ප් ඩි. බි‍්‍රටෝ’’ හංසවති නුවරට සේනා ගෙන කඩා වදින්නෝය. එ සයවන බුවනෙකබහුගේ යුගයේ ලාංකික වික‍්‍රමය පිලිබද තතුවිත්තිය රාමඤ්ඤ දේශයෙන් අතුගා දැමිමටය. එ අනුව ක‍්‍රී:ව 1758 දි හංසවතියට කඩා වැදුන පිලිප් ඩි.බි‍්‍රටෝ කහ බෞද්ධයන් සහ දුඹුරු බෞද්ධයන් සහවාසයට අතිනත බැදගත් ෙඓතිහාසික සාක්‍ෂිය කුඩුපට්ටම් කර දැමුවේය. එ අනුව කුහක සිංහලයන් ද පෘතුගිසින් ද ජාතික ඉතිහාසයක් පාගා දැමිමේදි එකසමාන ද්‍රෝහින් වි ඇත්තෝය. එත් ලෝකය අලූත් කරන්න අමුතු මිනිස්සු පුදුම විදියට කැපවෙති. එ සඳහා සිංහල දෙමළ හෝ බෞද්ධ කිතුනු කියා ආගම් ජාති අදාල නොවේ. මෙ අනුව දහනමවන සියවසේදි අවරදිග සුදු පුතුන් ඇවිත් රමණිය සිංහළත්වය අවදිකරන මග පාදන්නෝය. එත් සිංහළත්වයට සියල්ල ලියා ගත් ඒකදේශ සිංහළ ජාතිවාදින් මෙසියල්ල වසා ඇත්තෝය. 

      ඕල්කට් තුමා ඇමරිකාවෙන් ද මාරි මියුසියස් මැතිනිය ජර්මනියන්ද බෙල්ස් ශි‍්‍රමතානන් බි‍්‍රතාන්‍යයෙන් ද ඇවිත් කල මනුෂ්‍යය කැපවීමට අප දී ඇති තැන කුමක්ද?. ඔහුන් නොවන්නට සිංහළයා වල පල්ලට ගොස් බොහෝ කල්ය. ඊනියා බටහිර විරෝධි අරගල වලින් වුයේ හිසත් කදත් දෙකම නැති පරාජිත මතවාද වලින් සිංහළකම පටු වීම විතරමය. කෙසේ කොහොම නමුත් විදාගම මෛති‍්‍රය මහා තෙරිඳුද සයවන බුවනෙකබාහු රජතුමාද රාමඤ්ඤ මහ අධිරාජ ධම්ම චේතියද එකට එක් වි කල කථාවත හා කි‍්‍රයාව සොයා අධිටනින් පිරි මිනිසෙක් රාමක්‍ද්ක්‍ද දේශයට පා තැබුවේය. එ පිලිප් ඩි. බි‍්‍රටෝ වනසා සුන්බුන් කල ධම්ම චේතියගේ සෙල්ලිපි ආරාමය සොයාය. මේ උත්තරීතර මිනිසා මේජර් ආර්.සි.ටැම්පල්ය. ටැම්පල් තෙමේ, කඳුවෙල් පස් කඳු අගාද ගම් පතුලවල් හැම තැනම මේ ඉතිහාස සෙල් ලිපිය සොයන්නේය. කුළුගෙඩිවලින් සි සි කඩව පුපුරවා තැන තැන විසිර තිබු මේ ශෛල ලිපිය එක් තැන් කිරීම ඔහුගේ ජිවිත සතුට වුවේය. ගල් කැබලිත්තෙන් කැබලිත්ත එකතු කරමින් මුලූ ලියවිල්ල එකට ගලපා ලොවක් සතු කලේය.        

මේජර් ආර්.සි.ටැම්පල් ශි‍්‍රමතානන් පෘතුගිසින් ද කුහක සිංහළයන් ද වනසා දැමු අපේ රටට මතු මත්තේද නැගිටිය හැකි ජිව සුසුම සොයා දුන්නේ එලෙසය. කල්‍යාණි ශිලා ලිපි නමින් හැදින්වු මේ ෙඓතිහාසික ලිපිය වසර 400කට පසු මතුවුයේ මෙලෙසය. එතැනින් නොනැවතුනු ඔහු කුළුගෙඩි පහරින් කැබලි වී තිබු ලිපිය එක්තැන් කර කියවන්නට විය. එහි අරුත නිවැරදි දැයි නියතව බලාගැනීම සඳහා මෙම ලිපිය පිටපත්කර තිබු ආසියාවේ සියළු රටවල් වලට ගොස් පිටපත් සොයා දුන්නේය. පිලිප් ඩි. බි‍්‍රටෝ කැබලිකර තිබු ලිපිය කඩතොලූවක්වත් නොවන ලෙස හරි ලෙසම අරුත් ගන්වා ගැනීමේ මග තැනුවේය. එ අනුව බුරුම සියම් චින ජපන් සහ කොරියා වියට්නාම් පිටපත් ද ඉතිහාස රහස් දොරින් එලියට එන්නේ ඔහොමය. මේජර් ආර්.සි.ටැම්පල් ලොව මවිත කල යුගත් මිනිසෙක් වන්නේ එලෙසය.

        එත් සිංහළ හිස හරි කුඩා වි ඇත. මේජර් ටැම්පල් වෙනුවෙන් මතක සැමරිම් පාඩම් පෙළපොත් නැත. එ ඔහු සුද්දෙක් හන්දාය. සකල සිංහලේ හැබෑ විරුවන් ඔක්කොම සිංහළයන් යැයි කාවද්දා බෝකරගෙන ඇති මතය හන්දාය. මෙවන් උතුමන් ඉතින් විරුවන්සේ නොපෙන්නේය. එ හන්දා සුද්දා හතුරාම ලෙස හිතා සිංහළයන් මුල්ලේ හැංගි වඩ වඩාත් පටු වි කොටු වි වැනසි යන්නේය. ලොව මුදුනේ වු ජාතියක් ලොව අගු පිලේ වැටි ඇත්තේය. ඉතින් ටැම්පල් ශී‍්‍රමතුනි, ඔබට මගේ ජාතිය කර ඇති නිගරුවට  උපන් සොවින් රජස් මෙසේ ලියවුනේය.


සුජිත් අක්කරවත්ත            

         

Friday, February 21, 2014

ඕවිල්ලේ කුමාරිහාමි



Entrance to the Bo Tree Enclosure as in 1896 from The ruined cities of Ceylon by Henry W. Cave



ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ ක‍්‍රි.පු. 236 උඳුවප් පුන් පෝදින සිරිලක වැඩම වුයේ මෙරටට නව උදා යුගයක් උදා කරමිනි. ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමත් සමග ඒ සැබැඳී වංශ කුල පරම්පරා ගණනාවක් සිංහල සමාජයට එක් විය. එලෙසම සිංහල සංඝ සමාජය තුළ වෙනම සංඝ ධුරාවලියක් ද බිහි වීමට ශ‍්‍රී මහා බෝධින් වහන්සේ ආගමනය හේතු වුයේය. මේ ශ‍්‍රී මහා බෝධි සමාජ සංවිධානයෙහි ප‍්‍රබල සංවිධිත භාවය නිසාම ශ‍්‍රී මහා බෝරජාණන් ලොව පුරාණතම වෘක්‍ෂය ලෙස අදටත් වැජඹෙති. ඒ සා දිගු ඉතිහාසයක් ඔස්සේ ගලා එන ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේගේ භාරකාරත්වයේ ආරම්භකයන් වුයේ බෝධි ගුප්ත කුමාරවරු හත්දෙනාය.

බොධිගුප්ත, සුමිත්ත, චන්ද්‍රගුප්ත, ධර්ම ගුප්ත, සුරිය ගුප්ත, සහ ගෝතම හා ජුතින්ධර යනු එම කුමාරවරුන්ය.  ඔවුන් විසින් ශ‍්‍රී මහා බෝධි භාරකාර සමාජය තහවුරු  කරනු ලැබිය. අනුරපුරය බිද වැටිමෙන් පසුව බෝධි ගුප්ත පරපුර මහත් අභියෝගයකට මුහුණ පෑවේය. එනම්, රාජධානිය නිරිත දිගට පසු බැසිමය. ඒ සමග රාජ්‍යයේ පූජනීය සංකේතය ලෙස තැනින් තැනට රැගෙන යා හැකි දළාදා වහන්සේ පත් වුහ. එයින් එය ශ‍්‍රී මහා බෝධිය රාජ අවධානයෙන් බැහැර වන්නට හේතු වුයේය. විශේෂයෙන්ම ධර්මාශෝක රජතුමා විසින් එවන ලදුව දෙවන පෑතිස් රජ සමයෙහි සිංහල රාජ්‍ය නිල ව්‍යුහයට සුත‍්‍ර ගත වු ශ‍්‍රී මහා බෝධි භාර කාර සමාජය රාජ්‍ය අනුග‍්‍රහය විරහිතව විසිර ගියේය. රාජ්‍ය විසින් තහවුරු කර ගනු ලැබු නිල ව්‍යුහයක් රාජ්‍යයේ අවධානය බැහැර වු කල වියවුලින් ගහණ වීම සාමාන්‍ය තත්වයකි.  මෙම තත්වය දඹදෙණි සමයේ පසු වඩාත් උග‍්‍ර වු අතර, අපරදිග ආක‍්‍රමණිකයන්ගේ ආක‍්‍රමණය සමග ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ පාලකයන්ගේ මෙන්ම ජනතා අවධානයෙන් බැහැර විය.

මෙවන් අවධියක එවන් තත්වයන්  අභිමුව බෝධි ගුප්ත වංශය සහ ඒහා බැදි බෝධි භාරකාර කුල ධුරාවලීන්  ජය ශ‍්‍රී මහා බෝධිය රැක ගත්තේ ස්වකීය පරම්පරාගත උරුමය බවට පෙරළා ගනිමිනි. රාජ්‍ය ධූරභාරය ස්ව වංශයේ ද කුලයේ ද අභිමානය සහ උරුමය බවට පත්  කර ගන්නට ඔවුන් සමත් නොවුනේ නම් ශ‍්‍රී මහා බෝධින් වහන්සේ අපවත් වන්නට ඉඩ තිබුණි. සිංහල රජ සිරිත රජ රටින් පිටමංව නිරිත දිග තහවුරු වුවද බෝධි ගුප්ත පරපුර නුවර කලාවිය පුරා විසිර පැතිරී පරම්පරානුගත බෝධි භාරකාර සමාජය රැක ගන්නට සමත් වුහ. බෝධි ගුප්ත වංශය විසිර පැතිර විටින් විට සිංහල රජ සිරතට ප‍්‍රභූ රාජ පරපුරක් ද බිහි කළෝය. මේ සියල්ල අතර, නිමක් නැති අභ්‍යන්තර බාහිර අවුල් වියවුල් මැද සිංහල රාජ පරම්පරා බිදි විසිර කුඩා වුයේය. ද්‍රවිඩ, මලයාලම්, චෝළ ආදීන් විසින් රජරට නුවර කලාවිය විනාශ කල අතර, කාලිංඝ-මාඝ රජරට මුළුමනින්ම විනාශ කර දැමුවේය. නමුදු මේසා මහත් ව්‍යසනයක් මැද බෝධි ගුප්ත වංශය වන්නි හත්පත්තුවේ සහ නුවර කලාවිය හදවත ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ බවට පත් කර ගනිමින් රජ්‍ය අනුග‍්‍රහයක් නොමැතිව වුව ද සංස්කෘතික් ලෙස ස්ව සමාජය පවත්වා ගන්න සමත් විය.  නිමක් නැති එම මහගු කැපවීම සතුරු වියවුල් මැද ශ‍්‍රී මහා බෝධියන් වහන්සේගේ ජීවමාන පැවැත්මට හේතු විය. 


දඹදෙණිය ඇද වැටිම බි‍්‍රත‍්‍රාන්‍යය අධිරාජ්‍යවාදීන් පැමිණිම දක්වා කාලය තුළ බෝධි ගුප්ත වංශයෙහි නිල වර්තා ඉතිහාසයෙන් වසන් වී ඇත. එනමුදු බි‍්‍රතාන්‍යයන් ඉතා වැදගත්  කාර්යකට මුල පිරිය. එනම් විහාර දේවාල ගම් ලියාපදිංචි කිරීමය. ඒ 1836 දීය. එයින්  ශ‍්‍රී මහා බෝධිය භාරකාර සමාජය යළි සමාජයට දැන හදුනා ගන්නට ලැබුණි. සියවස් ගණනාවක් මුළුල්ලේ කිසිදු රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබ එලෙසම ජන අවධානයෙන් බැහැරව තිබූ ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ රැක බලා ගත් සමාජ සංස්කෘතිය නැවත ප‍්‍රකට වුයේ මෙම සිදුවිමත් සමගය.


1836 වන විට බෝධි ගුප්ත වංශය ‘‘නුවරවැව පවුල‘‘ ලෙස නාමකරණයකට ලක් තිබුණි. ඒ අනුව ‘‘නුවර වැව පවුල‘‘ බෝධි ගුප්ත වංශයෙහි එකල ජනගත නාම ද නොවේ නම් ඔවුන් බෝධි ගුප්ත වංශයේ අතුරු ශාඛාවක් දැයි නිශ්චිත නැත. කෙසේ නමුදු 1836 වන විට බෝධි භාරකාර ප‍්‍රධානත්වය නුවර වැව පවුල දරන්නට ඇත්තේ ඔවුන් තීරසාරව බෝධි ගුප්ත පරපුරින් විහිදී වංශගත උරුමයක් ලෙස බව පැහැදිලිය. ඒ අනුව එකල ශ‍්‍රී මහා බෝධියේ ගිහි භාරකාරීත්වය නුවර වැව පවුලේ ‘‘සුරිය කුමාර වන්නිසිංහ මුදියන්සේ ය.‘‘ දරමින් ඔහු නිල බලයේන් නුවර කලාවියේ මහා වන්නියා ද විය. ඒ අනුව සිංහල රාජ්‍යය පිහිටි රටින් බැහැර වුද පටන් බෝධි ගුප්ත පරපුර නුවර කලාවියේ පාලකයන් වු බව මේ අනුව නිගමනය කල හැකිය.  කෙසේ නමුදු සුරිය කුමාර වන්නිසිංහ මහවන්නියා මිය යාමෙන් ඉක්බිතිව ඔහුගේ එකම පුත‍්‍රයා වු වනසිංහ බණ්ඩාර බෝධි භාරකාර ධුරයයට පත් වු අතර, අටමස්ථානයන්හි භාරකාරත්වය ද ඔහුම ඉසිලූවේය. නමුදු 1871 වර්ෂයේ දී නව යොවුන් වියේ සිටි වනසිංහ බණ්ඩාර මහවන්නියා මිය ගියේය. ඔහුට දාව පිරිමි දරුවන් නොසිටි බැවින්.  බිරිද වු ඔවිල්ලේ කුමාරිහාමි බෝධි භාරකාර ධුරයට පත් වුවාය. මෙය ඓතිහාසික සන්ධිස්ථානයකි. ස්ත‍්‍රියක් වු සංඝමිත්තා තෙරණින්වහන්සේ විසින් වැඩමවා ගෙන එනු ලැබු ශ‍්‍රී මහා බෝධින් වහන්සේගේ භාරකාරත්වය ප‍්‍රථම වරට ස්ත‍්‍රියකට හිමි වුයේ මෙලසය.

එපමණක් නොව 1872 දී අටමස්ථානාධිපති හිමියන් තෝරා ගැනිම සිදු වුයේ  ඕවිල්ලේ කුමාරිහාමිගේ ප‍්‍රධානත්වයෙනි. ශ‍්‍රී මහා බෝධි භාරකාර සංඝ පරම්පරාව ‘‘බෝමළුව‘‘ සංඝ පරම්පාරාව ලෙස නාම ගත වී තිබේ. එම පරපුර ද පුරාතන බෝධි ගුප්ත පරපුර ඇසුරින් බිහි වූ වංශගත පරපුරකින් පැවත එන සංඝ ධුරාවලියකි. ඒ අනුව අටමස්ථානිධිපති නම් මහා භාරධුර ශාසනික පදවිය හැම විටම තෝරා ගැනිම ශ‍්‍රී මහා බෝධිය භාරකාර මණ්ඩලය අනුමැතිය ඇතිව සිදුවීම පිළිගත් සම්ප‍්‍රදායයි.  ඕවිල්ලේ කුමාරිහාමි 1872 දී අටමස්ථානභාරකාර හිමියන් තෝරා ගැනිමේ තීරක චරිතය වු බැවින් ඇය දෙවන වරටත් විශේෂ චරිතයක් වුවාය. එනම් භික්‍ෂුන් වහන්සේ නමක් ශාසනික නිළයකට පත් කිරිම සඳහා එතෙක් මෙතෙක් ගිහි නායකත්වය ගත් එකම ස්ත‍්‍රිය බවට ඔවිල්ලේ කුමාරිහාමි ඉතිහාසයට එක් වීමෙනි.

සුජිත් අක්කරවත්ත                                                                                                                                                                                               




Monday, February 10, 2014

සවුලූ මෙහෙණවර නෑ පෙළපත

Prasanna Weerakkodi Paintings 


දඹදෙණිය පෙළපත එකිනෙකා කා කොටා ගනිමින් වසර එකසිය හතක් ලක් සිහසුන සෝබමාන කළෝය. මෙම පාලන කාලය තුළ කිසි බාහිර පාලකයෙකුට ලක් රජය අත්පත් කර ගැනීමට නොහැකි විය. ඒත් පුත‍්‍ර හිගයට ගොදුරුව දඹදෙණිය රාජ පරපුර ඇ වැටෙන්නේය. එහි ප‍්‍රතිඵලය වන්නේ ඊළග ලක් රාජ පෙළපත මෙරට බල කලාවට පිවිසීමය. ක‍්‍රි:ව: 1335 දී පස්වන විජයබාහු නමින් රජපදවිය දරමින් ඇරඹෙන මෙම රාජ වංශය ”සවුලූ මෙහෙණවර නෑ පෙළපත” ලෙස නම් වේ. සිංහල රාජ සිරිත ඔපකල සතර කුල සිරිත අහිමිව යාමෙන් පසු ඒ සහා සුදුස්සන් පත් වන්නේ ඒ අතීත රාජ විභූති කුලවතුන්ගේ නෑ උරුමකම් සොයා ගනිමිනි. ඒ අනුව සවුලූ - ළැමැණි හෙවත් මෙහෙණවර පෙළපත බිහි වන්නේ එවන් අතීත බැඳියාවක් සමගිනි.

සංඝමිත්තා මහ රහතන් උත්තමාවිය මෙරට වැඩම කළ සමයේ එතුමියගේ ගිහිකළ සැමියා හා ඔහුගේ නෑ පෙළපත මෙහි සැපැත් වූහ. ඒ අනුව සමුද්‍ර ගුප්ත කුමරුගෙන් ඇරඹි ගුප්ත පරපුරෙහි එක් කුමරෙකු වු ”සුරස ගුප්ත” සිංහ වංශයෙන් පැවිදිව සිටි තෙරණියකට පෙම් කොට ඇය හා රමණ සුව වින්දේය. එහි ප‍්‍රඵීපලය වන්නේ ඇය ගැබ් ගැනීමය. සිවුරු හැරදා සුරස ගුප්ත සරණ බැඳි ඇයගෙන් උපන් කුල කුමරුගෙන් පැවත එන පරපුරට ”මෙහෙණවර වංශය” යන නම බැඳි ගියේය.  ඒත් අනුරාධපුර යුගයේ සතරවන සියවසේ සිදුවූ මෙම සිදුවීමෙන් පසු මෙම පරපුරට රාජ්‍යත්වය පිණිස සියවස් එකොළහක් බලා සිටින්නට සිදුවිය. කවුරුත් අවසන් වී කවුරුත් නිමා වී ඇති කාලය පැමිණි විට මෙම වංශය කරළියට එන්නේය.

ඒ අනුව අලකේශ්වර ප‍්‍රභූ පෙළපත මධ්‍ය භාරතයෙන් පැමිණ මෙකී වංශය කුල වද්දවා ගැනීමෙන් සවුලූ මෙහෙණවර ලෙස මෙම පෙළපත පුළුල් නෑ මිත‍්‍ර පරපුරක් වේ. ඒ අනුව පරපුරු පෙළපත් කීපයක් එකට එකතුකර ක‍්‍රි:ව 1335 දී රාජ උදානය අරඹන මෙකී පෙළපත ලක් සිහසුන දැරූ අට වන රාජ පෙළපතවේ.

පුරා වසර දෙසිය විසිනමයක් රජුන් පහළොස් දෙනෙකු රාජ සිරිතට කැවු  මෙම පෙළපත දඹදෙණී රාජධානිය, කෝට්ටේ නුවරට කැවු රාජ පෙළපතය.

ඒ ආර්්‍ය චක‍්‍රවර්තිගේදකුණු භාරතීය වෙළ වාදී ආක‍්‍රමණය සමග ජනිත වූ ජාතික රැල්ල නිසාය. වීර වික‍්‍රමාන්විත නිශ්ශංක අලකේශ්වර මෙර රාජ යුගයට නව හැරවුමක් ඇති කල අතර කිර්තිධර හයවන පරාක‍්‍රමබාහු සවුලූ මෙහෙණවර පරපුර උච්චස්ථානයට රැගෙන ගියේය. බටහිර ජාතික ආක‍්‍රමණයකට මුදුන දුන් ප‍්‍රථම ලක් රාජ පෙළපත වන්නේ මොවුන්ය. මායා දුන්නේ ටිකිරි රාජසිංහ වන් බටහිර විරෝධී දේශමාමක රාජ සිරිත් දෙකකින්ද විභූතිමත් මෙකී පෙළපත තුළින්ම ප‍්‍රථම අබෞද්ධ රජු බිහිවීමද විටෙක දෛවෝපගත   සිදුවීමකි. වඩාත් පිවිතුරු බෞද්ධ වංශයක් ලෙස මතුවීමට තෙරණියකගේ  කුසින් උපන් මෙහෙණවර වංශයේ අවසන් පුරුක වු ධර්මපාල කුමරු ද කිතුණුවෙකු වී දොන් ජුවාන් ලෙස රජවන්නේ දෛවයේ සරදමක් ලෙසය.

සාරවත් ආර්ථික උදානයක් සහ ප‍්‍රභාමත් කලා සාහිත්‍ය පුනරුදයක් සහිත කෝට්ටේ යුගය සවුලූ ළැමැනි මෙහෙණවර පෙළපතහි. රාජ්‍ය තාන්ත‍්‍රික බව පෙන්වති. ඒ වගේම මලයාලම් කාලිංග ආන්ද්‍ර සහද්‍රවිඩ මෙන්ම මලබාර් වැනි බහුවිධ ජන වර්ග සමග සම්මිශි‍්‍රත සිංහල ජාන වංශ සමාජයක් මෙම යුගයේ ස්ථාවර වී තිබුණි. ඒ බහුවිධ ජන වර්ග එකමුසුව කෝට්ටේ යුගයේ සාරසුබාට  මුල් වී වන්නේය. වත්මන දක්වා පරමාදර්ශි කර ගත හැකි රාජ්‍ය චින්තනයක් මෙකී වංශය ස්ථාවර කළෝය. එය සිංහලත්වය ඔසවා තැබු බහු ජාතික ආගමික විචිත‍්‍රත්වයය. මෙකී රාජ පරපුරහි බහුතර රජුන් අතර පවතින පුදුම සමානකම පුත් කුමරුන් අහිමි වු සැටිය. ඒ නිසා දු කුමරියන් රාජ සිරිතේ බලවත් චරිත වන්නේය. එහි ප‍්‍රතිඵලය එම දු කුමරියන් සරණ කරගෙන වෙනත් ජන වංශ සවුලූ ළැමැණි මෙහෙණවර පෙළපත තවත් බහුවිධ කළ සැටියය. මෙවන් බහුවිධ විවධත්වයක් නිසා සිංහල ජන සමාජය තව තවත් වර්ණවත් වුයේය. ඒ සමග එයම  සිංහල රාජ සම්ප‍්‍රදාය බල අරගල වලින් පිරී යාමට නිමිත්තක් වන්නේය. ඒත් සවුලූ ළැමැණි පරපුර තැනු බහුවිධ රාජ තාලය සමමිතික වුයේනම්, ලක්දිවට තවත් ස්ථාවර යුගයක් බිහිවීම  ද වන්නට තිබුණි. කෙසේ නමුත් පෘතුගීසීන්ගේ ආක‍්‍රමණය මේ සියල්ල කණපිට පෙරළා දැමුවේය. ඒ අනුව සවුලූ රාජ යුගයෙන් දායාද වු විසිතුරු ජනවර්ග විවිධත්වය පසුව ආක‍්‍රමණිකයාට සිංහල රාජ්‍යය ගොඳුරු කර ගැනීමටපහසු මග වන්නේය. ඒ මග විවර වන්නේ ශූද්ධ සිංහල කැරැල්ලක් සපුමල් කුමරු රජ වූ විට කීරගම හිමි සහ පතිරාජ ඇරඹුවිටය. එවිට සිංහල මලයාල ,ද්‍රවිඩ, මලබාර් කළිගු ආන්ද්‍රා ආදීන් මුල්වී තනාගෙන තිබු එක්සත් එකීයත්වය බි වැටුනි. ඒත් මුස්ලිම්වරු දිගටම සිංහලයන් සමග සහෝදරත්වයෙන් බැඳී සිටි නිසා  සිංහල රාජ්‍යයේ පණ රැකුණේය. මේ අතර දොන් ජුවාන් ධර්මපාල පෘතුග‍්‍රීසීන්ට කොටු විය. පසුව සිංහලයන් සහ මුස්ලිම්වරු මායාදුන්නේ සහ රාජසිංහ සමග  එක්ව රාජධානිය සීතාවකට රැගෙන යන්නේ මේ ගැටුම මැදය.
ඒ අනුව කෝට්ටේ යුගය හා සීතාවක යුගය ලෙස ලක්දිවට යුග දෙකක් මෙම පෙළපත තුළින් බිහිව ඇත්තේය. මෙම පෙළපත පෘතුග‍්‍රීසීන්ට රට අත්පත් වීම වැළැක්වීම සහා දිගු සටනක් කළ හැටි නම් මවිත දනවන තරම්ය. විටෙක රණකාමී උපායශීලීවද තවත් කළෙක මෝඩකම් සහිත ඒ සටන නිසා පරාධීන නොවී සිටීමට හැකිවිය. කෙසේ නමුත් සමගි තාලය බිගත් මෙකී යුගයේ ශුද්ධ සිංහල නැගිටීම  නිසා බහුවිධ රාජ සබතාව බිඳි යාම සවුලූ පෙළපතෙහි අවසානය වන්නේය. පුදුමය ලක්දිව පාලනය කල සියළු රාජ වංසේම සවුළු මෙහණවරයන්ද රාජ්‍යත්වයෙන් සමුගෙන යන්නේ පුත් කුමරුන් අහිමි වීමේ ඛේදවාචකය නිසාය. එය ලෝක ස්වාභාවයක් වැනිය. මේ ස්වාභාවික විපත අභිමුව නව රාජ සම්ප‍්‍රදායක්  රට මහත් ඉහළින් ඉල්ලා සිටියෝය. ඒ අනුව අතිශය තීරණාත්මක යුගයක ජාතියට රැකවරණය සැපයු සවුලූ ළැමැණි මෙහෙණවර නෑ පෙළපත ක‍්‍රි:ව 1564 දී නිමා වන්නේ ටිකිරි රාජසිංහ රජුගේ වීර විකුමැති ජීවිතය නිමා වීමෙනි.

සුජිත් අක්කරවත්ත

Sunday, February 9, 2014

දඹදෙණි රාජ වංශය




වන්නි කුමරු නමින් වන වැසියෙකු අදිසියේ පි‍්‍රතීභූර්ත වන්නේ කි‍්‍ර.ව.1227 දී පමණය. කාළිංඝ මාඝගේ රුදුරු ප‍්‍රහාර වලට ලක්ව පොළොන්නරු රාජධාණිය බිම්පත් වන්නේය. ඒ සිංහලයන්ට යන එන මං නැති කරමිනි. පුළුල් පළල් සිංහල රාජ දැක්ම පටුකර ගැනීමේ ඛේදනීය ඉරණම හී ප‍්‍රතිඵල මෙලෙස සිදුවන විට, එයට උත්තර සෙවීමද සිහිනයක් වී තිබුණි. ඒ මාඝගේ පාලන ශෛල්‍ය අනුගමනය කළ ප‍්‍රභූ කුලවතුන් සංහාරය කිරීමේ කි‍්‍රයාවලිය නිසාය. එබැවින් සිරිලක් දිවට තමන්ගේම රාජ උරුමක්කරුවෙකුට රාජ්‍යත්‍වය ලබාදීම සිහිනයක් වන්නේය. ඒත් පොළොන්නරු නිශ්ශංක ලතා මණ්ඩපයේ වැඩ සිටි දළදා වහන්සේ අති සූක්‍ෂම රහසිගත උපායකින් කොත්මලේ ලෙනට වැඩමවා ගෙන විත් තිබුණි. එබැවින් මතු මත්තේ මතු වන කුමරෙකුට යළි පෙර සිරිත නංවා සිංහල රජ සිරිතට කිරුළ පැළදෙන බව ඉර හසේ විශ්වාස වී ජන හද බැඳි පැවතුණි. 

මෙවන් කල වන්නි වන තීරුවටද මැද රට මලය කඳු කරයටද, සත් කෝරළයේ හුදකලා කඳු වැටි අතරද පළා ගොස් සිටි පොළොන්නරු නුවර සිටි නාගරිකයන් වන වැසියන් වී සිටියේය. ඔවුන් අතරට වන්නි කුමරු එන්නේ වනවැසි සංග‍්‍රාම වටයකට කාළීංඝ මාඝව කොටු කර ගනිමින්ය. වව්නියාව අත්පත් කරගත් වන්නි කුමරු එතැනින් විල්පත්තුවිත් ආණමඩුව හරහා වාරීය පොළටද එතැනින් සරු සාර දඹදෙණියටද පැමිණ මාඝ වට කර සිංහල පවුරක් බැ තබන්නේය. පොළොන්නරුවත්, මාඝත්, වට කර ඇති මේ අතිශූර රණවීර කුමරු තම පැතුම කර ගැනීම මිස සිංහලයන්ට වෙන මගක් නොවිය. ඒ අනුව වන්නි කුමරු තුන්වන විජයබාහු නමින් කි‍්‍ර.ව.1232 රජපත් වන්නේ සිරිලක් දිව සත්වන රාජ වංශයට උපත දෙමිණි. 

තුන්වන විජයබාහුගේ රාජාභිෂේකය සමග ”දඹදෙණි රාජ වංශය” බිහි වන්නේය. ඒ සමගම අගනුවර බවට දඹදෙණිය පත් වුයේය. දෙවන ලම්බකණ්න පෙළපත නිමා වීමෙන් පිටස්තර නිශ්ශංකමල්ල රජු රජ වී ඔහුගේ පුරාජේරූ ප‍්‍රචාරකවාදයට පසු මාඝ නැගිට ලක්දිව තිබූ සියළු වංශ කුල වතුන් අහිමි කරන්නේය. ඉතිහාස උරුමයකින් පැවත එන කිසිඳු රාජ වංශිකයෙකු නැති වූ මෙම අවාසනාවන්ත පැයේ ජාතියම පැමිණියේ ප‍්‍රාර්ථනා විරහිත අසරණ වටපිටාවකටය. මෙම වටපිටාව කුසළතාවය මත දෙදරවන වන්නි කුමරු මෙලෙස මතුව වනවාසී ජන පෙළ ගැස්මකින් ක්‍ෂණික විහිදුම් බලකායක් බිහි කර සුන් වූ පැතුම් විකසිත නැගීටීමක් කළේය. එහි ප‍්‍රතිඵලය දඹදෙණි යුගයත්, දඹදෙණි රාජ වංශයත් මතු වීමය. 

තුන්වන විජයබාහු ඇරඹු දඹදෙණි රාජ වංශයට රජුන් සත් දෙනෙකි. පුදුමය මෙම යුගයට කිසිම ස්වාධින නමක් සහිත රජ දරුවෙකු නැති වූ සැටිය. සියල්ලෝම අතීත රාජ නාම වලින් රජ පැමිණි රජුන්ය. දඹදෙණි වංශය ද, දඹදෙණි යුගයද දිදුලුවා වූ තරු ලකුණ වන්නේ දෙවන පරාක‍්‍රමබාහු රජතුමාය. එමෙන්ම පළමු බුවනෙකබාහූ සිංහල රජ සිරිත අලූත් මානයක හැරවු ප‍්‍රමුඛ රාජ පුත‍්‍රයෙක් ලෙස  හැඳින්විය හැකිය. රජුන් සත් දෙනෙකු බිහි කර දඹදෙණි රාජ වංශය කි‍්‍ර.ව.1232 සිට කි‍්‍ර.ව.1336 දක්වා වසර එකසිය සතරක් සිරිලක පාලනය කළෝය. මේ රජුන්ගේ රාජ ඉතිහාස සොයා ගැනීමට නොහැකි වන්නේ වන්නි කුමරු කාගේ කවුදැයි තවම සොයා ගැනීමට නොහැකි නිසාය. එබැවින් මෙම රාජාභිෂේකයට පුද්ගල හෝ ගෝත‍්‍ර වංශ වාස නාම හැඳින්වීමක් නැත්තේ එබැවිනි. එම නිසා මෙම රාජ වංශය ගමේ නමින් හඳුන්වයි. මෙලෙස ගමේ නමින් හැඳින්වූ ලංකාවේ දෙවන රාජ වංශය දඹදෙණි රාජ වංශයයි. මීට පෙර දුටුගැමුණු  රජතුමා ආරම්භය තැබූ රාජ වංශය ද හඳුන්වා ඇත්තේ ගමේ නමිනි. ඒ ”මාගම් වංශය” නමිනි. ඒ අනුව සිරිලක්දිව රාජ දේශපාලනය තුල අදත් හොල්මන් කරන ”ගමේ කම” මේ මාගම් රාජ වංශය සහ දඹදෙණි රාජ වංශය බිහි කර දුන් දේශපාලන සූත‍්‍රයකි. ඒ සූත‍්‍රය දේශපාලයය, සිනමාව, කලාව සාහිත්‍යයේ සිට හැම තැනම පැතිර කෑම බීම වල සිට හැම හැදියාව, සදාචාරදක්වා පැතිර ගිය සිංහලේ ඔලූවේ ලොකුම මතවාදයය. සිංහල ඔලූවේ ඔඩු දුවා ඇති මේ ගමේ කම දඹදෙණි රාජ වංශය හරියටම ස්ථාවර කළේය.

රජුන් සතක් බිහිකළ ”දඹදෙණි වංශය” රාජ වංශයක් නොව පෙළපතක් ලෙස නම් වන්නේය. ඒ ඔහුනගේ ජාන උරුමයට ඉතිහාස හිමි කමක් නැති නිසාය. ඒ බැවින් ”රාජ වංශය” යන නාමය ඓතිහාසික උරුමයක් සහිත රජුන්ටද ඓතිහාසික උරුමයක් නැති රජුන්ගේ පරපුර සහා ”රාජ පෙළපත” යන නමද ඉතිහාස කරණයේදී යොදා ගන්නට සිදුවන්නේ එබැවිණි. මේ අනුව ”දඹදෙණි පෙළපත” මාගම් වංශය මෙන්ම උන් උනුන් මරා ගනිමින් කෙළවර වන්නේය. ඒ කි‍්‍ර.ව.1336 දී සිව්වන පරාක‍්‍රමබාහු රජතුමාගේ මිය යෑමත් සමගය. කෙසේ නමුත් සිරිලක් දිව ඉතිහාසහි බිහි වූ කෲරතම පාලකයා ලෙස හැඳින්වෙන්නේ කාළිංග මාඝය. ඒ කෲරතර රාජ ක‍්‍රමය  පරදවා දැමීම දඹදෙණි රාජ පෙළපත උත්තුංගව නැගී ඒමට බලපාන්නේය. ඒ වගේම දෙවන පරාක‍්‍රමබාහුගේ භාව සම්භාව්‍ය සාහිත්‍ය පුනරුදය නිසා මෙකී රාජ පෙළපත ලක් ඉතිහාසය මතු මත්තේද ප‍්‍රභාමත් කරවන්නේය.  ඒ ලෙසම පළමු බුවනෙකබාහු රජු ආරම්භ කළ බහු ජාතික ජන මුසුව නිසා සිංහල ජන සමාජය නව උපතකට කැදවීමටද මතුවටදඋදාහරණයක්සේ ගතහැකි මානුෂික රාජ දේශපාලන භාවිතාවකි. මෙවන් නන් විසිතුරු දඹදෙණි පෙළපත සමුගෙන යන්නේද පුරුෂ ඉගයට ඉතිහාසයට මුහුණ දීමෙන්ය. 

සුජිත් අක්කරවත්ත

Wednesday, January 15, 2014

මාගම් වංශය.




කි‍්‍ර.පූ.161 වසරේදී රාජ්‍යත්‍වයට පත්ව කි‍්‍ර.ව.67 වර්ෂයේදී අවසන් වූ මාගම් රාජ වංශය සිරිලක දෙවන රාජ වංශයය. මෙම රාජ වංශයට විජයරාජ මාගම් වංශය ලෙසද හැදින්වීමකි. ඒනම් සිංහ රාජ වංශයහි දිගුවක් නිසා ඒ නම ලැබී ඇත. සිංහ වංශික විජය රජතුමාගේ පුරුෂ ජානයෙන්ම විහිදි ගිය දහ අටවන පුරුෂයා වූ මහනාග කුමරුගෙන් මාගම් රාජ වංශය උපත ලබන්නේය. නමුත් මෙම මාගම් රාජ පෙළපතද සිංහ වංශයම ලෙස සමහර ඉතිහාසවේදීන් දක්වති. නමුත් එය එසේ විය නොහැකි වන්නේ මාගම් රාජ වංශය සතර කුල පාරීශුද්දයන් නොවන නිසාය. එබැවින් මාගම් රාජ වංශය සිංහ වංශික පුරුෂ බීජයෙන් ජනිතව එම වංශයෙන් බාහිරට උපත ලබා වැඞී ගිය බව පැහැදිලිව දැකිය හැකිය. එබැවින් රජුන් දහනව දෙනෙකුගෙන් සැදුම් ලත් මෙම රාජ පරපුර ”මාගම් රාජ වංශය” ලෙස ඉතිහාස කතාවතේ හදුන්වා ගත හැකිය. 

සිංහ වංශය නිමා කළ එළාර රජ ඝාතනය කර නගන උදාන රැල්ලේ රජ පරපුර නගන මාගම් වංශයේ ආරම්භක රජ තෙමේ දුටුගැමුණු රජුය. ඔහුගේ ඇවෑමෙන්පුරුෂ පාලකයන් දාහත් දෙනෙකුද, ස්තී‍්‍ර පාලිකාවන් දෙදෙනෙකුද රාජ පදවියට මෙම වංශයෙන් පත්ව ඇත්තේය. මාගම් රාජ පෙළපතේ මූලය වන මහානාග කුමරු රුහුණට පලා යන්නේ තම දෙටු සොයුරු සමග ඇතිවන බල අරගලයකිනි. මහනාගගේ පියා වන්නේ පණ්ඩුකාභය පුත‍්‍ර මුඨසීවයය. ඒ අනුව මහනාග රජ පදවියට නම් නොවීමට හේතුව සොයා බැලිය යුතුය. එක්කෝ අයුක්තියක් සිදුවිය යුතුය. නොවේ නම් රාජ පදවිය දැරීමට අවශ්‍ය සතරකුල පිවිතුරු බව ඔහු කෙළෙසාගෙන තිබුණා විය යුතුය. තතු විත්ති අනුව නම් ඔහුගේ පියා මෙන්ම මව සතර කුල පිවිතුරුය. එසේ නම් මහනාග කුමරු විවහාව සිටිය කුමරිය සතර කුල පිවිතුරු නොවීම ඔහු රාජ පදවියට නිර්දේශිත වීමට බාධාවීම විය හැකිය. එවිට මහනාග කුමරු තම සොයුරන් සමග ගැටුමට මැදි වූවාද? නොවේ නම් මහාවංශය කතාවේ ලියවී ඇති විෂ අඹ කථාව යට ඇති සත්‍යය කුමක් විය හැකිද? මෙහි සත්‍ය කුමක් වුවත් පෙනෙන ඇත්ත වන්නේ මහනාග කුමරුගේ බිසව පිළිබද නිසි තතු වාර්තා නැති වීමය. ඒ අනුව මාගේ අනුමානය ඇය සතර කුල පිවිතුරු නොවූ බවය. එය එසේ වූවා නම් සියළු තතු සදහන් ඉතිහාස පුවතක මහනාග කුමරුගේ බිසවගේ පෙළපත නැතිවිය නොහැකිය. කෙසේ නමුත් මහනාග පුත‍්‍ර ගෝඨාභය ඔහු පුත‍්‍ර යටාළතිස්සත් ඔහු පුත‍්‍ර කාවන්තිස්ස ද ලෙස ගලා යන මෙම ජාන පරපුරෙහි කිසිම ස්තී‍්‍ර බිසවක ගැන නිසි ලිඛිත පෙළපතක් නොදැක්වේ. එසේ නම් මේ ඓතිහාසික හෙළ යක් රාජ වංශ ස්තී‍්‍ර බීජානුව සමග මුසු වූ සිංහ බීජ පරපුර විය හැකි බව සියුම්ව සිතා බැලූ කළ පෙනේ. කෙසේ ගත් නමුත් කාවන්තිස්ස කුමරු තම දෙවනවර අග බිසව ලෙසට වෙහෙරමහා දේවිය හිමි කර ගැනීමෙන් මාගම් පෙළපත වංශයක හැඩරුව උරුම කර ගත්තේය. මේ අනුව පෙනෙන්නේ මහානාග කුමරුගෙන් පටන් ගත් මේ අතුරු දහරාවේ වංශවත් බිසවක් උරුම කරගත් ප‍්‍රථමයා වන්නේ කාවන්තිස්ස කුමරු බවය. මේ දෙපලගේ පුත‍්‍ර දුටුගැමුණු විසින් එළාර නසා යළි කිරුළ නගන්නේ සිරිලක දෙවන බල පරපුර හෙවත් දෙවන රාජ වංශය ස්ථාපිත කරමිනි. ඒත් පුදුමය ඔහුටද උභයකුල පිවිතුරු බිසවක් සරණ කරගත නොහැකි වූ සැටිය. පසුව ඔහු පුත‍්‍ර සාලියට මාගම් රාජ කිරුළ අහිමිව යාමට මේ පැනය තුඩු දී ඇති බවද පෙනේ. පුදුමය ”මාගම් වංශය” ඇරඹීමද, වැඞී යෑමද අවසාන වීමටද මෙම ස්ති‍්‍ර නිමිත්ත නිමිත්තක් වී ඇති පුදුම කථාවයය.  සාලිය බලය අතහැර වන වැදුණු විට එම පැනයට මුහුණ දෙන්නේ සද්ධාතිස්ස රජතුමාය. ඒ ඔහු පුත‍්‍රයන් අතර නොනිමෙන බල අරගලයක් නිර්මාණය වීමෙන්ය. සැබැවින්ම සද්ධාතිස්ස රජුගේ පුත‍්‍රයන් අතර ඇතිවන බල අරගලයේ පාදම වන්නේ පාරීශුද්ධ මව් බිසවගේ උරුමයය. මෙම බල අරගලය නිමාවන්නේ මාගම් වංශය තැනූ දෙමළාට එරෙහි ජාතික රැල්ල රට යළි දෙමළ රාජ කණ්ඩායමකට ගොදුරු වෙමිනි. ඒ අනුව සද්ධාතිස්ස රජුගේ පුත‍්‍ර වළගම්බා පලවා පංච ද්‍රවිඩයන් රට අත්පත් කර ගත්තේය. පසුව පංච ද්‍රවිඩයන් පලවා වළගම්බා මාගම් වංශයට යළි සේසත උරුමකර දෙනු ලැබීය. එතැන් පටන් අඛණ්ඩව ගලා එන මෙම රාජ වංශය යසලාලක ඝාතනය වීමෙන් කි‍්‍ර.ව.හැට හතේදී නිමා වන්නේය. 

මාගම් වංශය සිරිලක ස්ථාපිත කළ ප‍්‍රධාන බල තාලය දේශපේ‍්‍රමයය. ඒ අනුව සිංහ වංශය ස්ථාපිත කළ එක්සේසත් රාජවාදය වෙනුවට ඒකීය රාජවාදය ඔවුහූ අරඹන්නේය. ඒ වගේම මහාවංශයට එරෙහිව වූලවංශය නමින් දේශපාලන දහරාවක් කරලියට ඔසවා තබන්නේ මාගම් වංශයය. අදත් ගලා එන ද්වීපක්‍ෂ ක‍්‍රමය හෙවත් සිරිලක් දිව ද්විත්‍ව බල දහරාවේ එක් දහරාවකට උපත දෙන්නේ මේ මාගම් වංශයය. ඔවුහූ දේශපේ‍්‍රමය සහ ජාතික යුද්ධය ලංකාවේ ජනපි‍්‍රය බල තාලය කර දැමුවේය. සැබැවින්ම පණ්ඩුකාභය රජතුමා තැනූ විසිතුරු බහුවිධ එක්සත් වාදය දෙවැනි වී දුටුගැමුණු රජතුමා බිහි කරන ඒකීය රණකාමී ජාතිකවාදය සිරිලක බල තාලයේ තේමා තාලය බවට පත්වන්නේ මාගම් වංශය හි නැගීමත් සමගය. මෙම පෙළපත ඒ අතින් දේශපේ‍්‍රමි ජාතිකවාදයට උර දුන් අතර එය නැග එන විට වංශය කෙසේ වෙතත් නායකයන් බිහි කරන දේශපේ‍්‍රමී ජාතික වාදය නම් මහා බල තාලය සිරිලකට තැනූ නිර්මාපකයන්ය.  මෙම වංශය දුටුගැමුණු, වළගම්බා නමින් මහා රණකාමී ජාතිකවාදීන් දෙපළ තනා ගියේය. ඔහු දෙපළ රුවන්වැලී මහා සෑය සහ අභයගිරිය යන මහ සෑ නංවමින් ඒ ජාතිකවාදය බෞද්ධ උරුමයක් බවට පෙරළා සිංහල ජාතිය, සිංහල බෞද්ධ නමින් ආගමික ජාතිකවාදයක් කළෝය.

මෙළෙස නව මගක් තැනූ මාගම් වංශය දේශපේ‍්‍රමින් දෙදෙනෙකු බිහි කර ජාතිකවාදය සිරිලක බිහි කළ සේම චෞරවාදය බිහි කර සිරිලක ප‍්‍රථම චෞර පාලකයා වන චෝරනාග බිහි කරගනී.  වළගම්බා රජතුමගේ පුත‍්‍ර චෝරනාග රජ වී රජ පදවිය තම තම බල ලෞකික සිතැගි වලට භාවිත කළ හැකි මෙවලමක් බවට පත් කර දැමිය. ඔහු ලක්දිවට සොරකමට මුල් වූ රාජ්‍ය නායක සම්ප‍්‍රදායක් තැනීය. මෙළෙස ජාතිකවාදය හා චෞරවාදයබිහි වූ මාගම වංශය මෙම තාල දෙකම සිරිලකින් බැහැරට නොයන සැටි නම් පුදුමය. ඒ අනුව එතැන් පටන් දේශපේ‍්‍රමින්, ජාතිකවාදීන්,චෞරවාදීන් විසින් මෙරට බල මුදුන දරන්නේ මෙම මාගම් වංශය හි ස්ථාවර මතය නිසාය. 

රටක් ලෙස සිරිලකබාහිර සතුරාට බිලිවීම වලකා තැබූ මාගම් වංශය කීර්තිමත් වන්නේ දේශපේ‍්‍රමය නිසාය. අපකීර්තිමත් වන්නේ චෞරවාදය නිසාය. ඒත් මහජන කතාවතේ සහ ඉතිහාස කතාවතේ රසබර කථාවක් බවට මෙම වංශය පත්ව ඇත. ඒ සිංහලේ සරාගීම රාජ චරිතයද, විහිළුතාරම චරිතයද බිහි කරමිනි. ඒ අනුලා රැජිණද, යසලාලක රජුද නිසාය. එළාර මරා බලයට පැමිණි මෙම වංශය නිමාවන්නේ යසලාලක ”සබ” අතින් ඝාතනය වීමෙන්ය. 

සුජිත් අක්කරවත්ත