සයවන බුවනෙකබාහු කැලණි නදිය දියවන්නා දියත්තට බැද තැබුවේය. එ අනුව කොළම් තොටට හංසවති නුවරින් වඩින සියම් භික්‍ෂුන් වහන්සේලා පිළිිගන්න මග සතර අත නිලූපුල් තොරන් බැඳුනේය. නීල උත්පල තොරන් බැඳ තිබු කොළඹ තොටින් සපිරි වර මුලින්ම වැඩියේ කෝට්ටේ දියවන්නා දියත්තටය. එතැනින් ඔරුගොඩවත්තට පිවිස කැලණි නදිය මැද බැඳුන‘‘උදකුකෙඛප සීමාව’’ට වඩමවාගෙන විත් විදාගම මෛති‍්‍රය මහ තෙරිඳු වෙත භාර කළෝය. එ දවස ධම්ම චේතිය මහ රජ අග්නිදිග ආසියාවේ අධිරාජ්‍යා ලෙස නැග ආ දවසය. කී‍්‍ර:ව 1478 වෙසක් දා ලා හිරු උදාවේ 7:17 ට එලඹ තිබු නැකතට උපසම්පදාව සිදුවන්නේය. සිංහල භික්‍ෂුන්ගෙන් රාමඤ්ඤ භික්‍ෂු වංශය යළි උපදින්නේය. එ සියම් චින වියට්නාම් කාම්බෝජ සහ ජපන් කොරියන් සංඝ සසුන් යලි උදා වු සිදුවීමය. මුලූ ආසියාවම එකට එක් කල මෙම ඓතිහාසික සිදුවීම කුහක සිංහළයන් වසාගෙන තලා යටපත් කරගෙන හිදියෝය. සයවන පරාක‍්‍රමබාහු කෝට්ටේ මහා නේත‍්‍රෘ කිරීමට මෙම කුහක සිංහළයන්ට සයවන බුවනෙක බාහු පාගා දමන්නට සිදු වුහ. ඉතින් එ සඳහා ඔහුහු දරා ඇති පිලිකුල් සහගත කුමන්ත‍්‍රනය නිසා මෙම උපසම්පදා මංගල්‍යය ඉතිහාසයේ අහුමුල්ලකට විසිවි ඇත්තේය. එත් ඉතිහාසයක් වසා දැමිම හීනයක් වන්නේ විටෙක සියවස් ගනනානවක් ගොස් හෝ ඇත්ත ඇත්ත විදියටම මතු විමෙන්ය. ධර්මතා බලය එහෙමය.
සයවන පරාක‍්‍රමබාහු රජුගේ ගජමිතුරු ඉතිහාස කරුවන් තම වැටුප වෙනුවෙන් මරා දැමුවේ ශී‍්‍ර ලාංකිකයන්ගේ ජාත්‍යන්තර වික‍්‍රමයකි. කොහොමින් හරි සයවන පරාක‍්‍රම බාහු සහ සයවන බුවනෙක බාහු මිය ගිය පසු පෘතුගිසින් කෝට්ටේ අල්ලාගත්තෝය. කෝට්ටේ අල්ලා ගත් පරංගින්ට තිබු මහත් බය සිංහළයන් සමග රාමඤ්ඤ සහ ජපන් කොරියන් කහ බෞද්ධයන් අත් අල්ලාගනී කියාය. මෙ දිගු දුර දැනුනු පෘතුගිසි යුද සෙන්පති ‘‘පිල්ප් ඩි. බි‍්‍රටෝ’’ හංසවති නුවරට සේනා ගෙන කඩා වදින්නෝය. එ සයවන බුවනෙකබහුගේ යුගයේ ලාංකික වික‍්‍රමය පිලිබද තතුවිත්තිය රාමඤ්ඤ දේශයෙන් අතුගා දැමිමටය. එ අනුව ක‍්‍රී:ව 1758 දි හංසවතියට කඩා වැදුන පිලිප් ඩි.බි‍්‍රටෝ කහ බෞද්ධයන් සහ දුඹුරු බෞද්ධයන් සහවාසයට අතිනත බැදගත් ෙඓතිහාසික සාක්‍ෂිය කුඩුපට්ටම් කර දැමුවේය. එ අනුව කුහක සිංහලයන් ද පෘතුගිසින් ද ජාතික ඉතිහාසයක් පාගා දැමිමේදි එකසමාන ද්‍රෝහින් වි ඇත්තෝය. එත් ලෝකය අලූත් කරන්න අමුතු මිනිස්සු පුදුම විදියට කැපවෙති. එ සඳහා සිංහල දෙමළ හෝ බෞද්ධ කිතුනු කියා ආගම් ජාති අදාල නොවේ. මෙ අනුව දහනමවන සියවසේදි අවරදිග සුදු පුතුන් ඇවිත් රමණිය සිංහළත්වය අවදිකරන මග පාදන්නෝය. එත් සිංහළත්වයට සියල්ල ලියා ගත් ඒකදේශ සිංහළ ජාතිවාදින් මෙසියල්ල වසා ඇත්තෝය.
ඕල්කට් තුමා ඇමරිකාවෙන් ද මාරි මියුසියස් මැතිනිය ජර්මනියන්ද බෙල්ස් ශි‍්‍රමතානන් බි‍්‍රතාන්‍යයෙන් ද ඇවිත් කල මනුෂ්‍යය කැපවීමට අප දී ඇති තැන කුමක්ද?. ඔහුන් නොවන්නට සිංහළයා වල පල්ලට ගොස් බොහෝ කල්ය. ඊනියා බටහිර විරෝධි අරගල වලින් වුයේ හිසත් කදත් දෙකම නැති පරාජිත මතවාද වලින් සිංහළකම පටු වීම විතරමය. කෙසේ කොහොම නමුත් විදාගම මෛති‍්‍රය මහා තෙරිඳුද සයවන බුවනෙකබාහු රජතුමාද රාමඤ්ඤ මහ අධිරාජ ධම්ම චේතියද එකට එක් වි කල කථාවත හා කි‍්‍රයාව සොයා අධිටනින් පිරි මිනිසෙක් රාමක්‍ද්ක්‍ද දේශයට පා තැබුවේය. එ පිලිප් ඩි. බි‍්‍රටෝ වනසා සුන්බුන් කල ධම්ම චේතියගේ සෙල්ලිපි ආරාමය සොයාය. මේ උත්තරීතර මිනිසා මේජර් ආර්.සි.ටැම්පල්ය. ටැම්පල් තෙමේ, කඳුවෙල් පස් කඳු අගාද ගම් පතුලවල් හැම තැනම මේ ඉතිහාස සෙල් ලිපිය සොයන්නේය. කුළුගෙඩිවලින් සි සි කඩව පුපුරවා තැන තැන විසිර තිබු මේ ශෛල ලිපිය එක් තැන් කිරීම ඔහුගේ ජිවිත සතුට වුවේය. ගල් කැබලිත්තෙන් කැබලිත්ත එකතු කරමින් මුලූ ලියවිල්ල එකට ගලපා ලොවක් සතු කලේය.
මේජර් ආර්.සි.ටැම්පල් ශි‍්‍රමතානන් පෘතුගිසින් ද කුහක සිංහළයන් ද වනසා දැමු අපේ රටට මතු මත්තේද නැගිටිය හැකි ජිව සුසුම සොයා දුන්නේ එලෙසය. කල්‍යාණි ශිලා ලිපි නමින් හැදින්වු මේ ෙඓතිහාසික ලිපිය වසර 400කට පසු මතුවුයේ මෙලෙසය. එතැනින් නොනැවතුනු ඔහු කුළුගෙඩි පහරින් කැබලි වී තිබු ලිපිය එක්තැන් කර කියවන්නට විය. එහි අරුත නිවැරදි දැයි නියතව බලාගැනීම සඳහා මෙම ලිපිය පිටපත්කර තිබු ආසියාවේ සියළු රටවල් වලට ගොස් පිටපත් සොයා දුන්නේය. පිලිප් ඩි. බි‍්‍රටෝ කැබලිකර තිබු ලිපිය කඩතොලූවක්වත් නොවන ලෙස හරි ලෙසම අරුත් ගන්වා ගැනීමේ මග තැනුවේය. එ අනුව බුරුම සියම් චින ජපන් සහ කොරියා වියට්නාම් පිටපත් ද ඉතිහාස රහස් දොරින් එලියට එන්නේ ඔහොමය. මේජර් ආර්.සි.ටැම්පල් ලොව මවිත කල යුගත් මිනිසෙක් වන්නේ එලෙසය.
එත් සිංහළ හිස හරි කුඩා වි ඇත. මේජර් ටැම්පල් වෙනුවෙන් මතක සැමරිම් පාඩම් පෙළපොත් නැත. එ ඔහු සුද්දෙක් හන්දාය. සකල සිංහලේ හැබෑ විරුවන් ඔක්කොම සිංහළයන් යැයි කාවද්දා බෝකරගෙන ඇති මතය හන්දාය. මෙවන් උතුමන් ඉතින් විරුවන්සේ නොපෙන්නේය. එ හන්දා සුද්දා හතුරාම ලෙස හිතා සිංහළයන් මුල්ලේ හැංගි වඩ වඩාත් පටු වි කොටු වි වැනසි යන්නේය. ලොව මුදුනේ වු ජාතියක් ලොව අගු පිලේ වැටි ඇත්තේය. ඉතින් ටැම්පල් ශී‍්‍රමතුනි, ඔබට මගේ ජාතිය කර ඇති නිගරුවට උපන් සොවින් රජස් මෙසේ ලියවුනේය.
සුජිත් අක්කරවත්ත
No comments:
Post a Comment