Thursday, August 27, 2015

දුරුතු විප්ලවය



   දසබලධාරී බුදු පියාණන් වහන්සේ සිංහලයන්ගේ දස වැනි මාසයේ සිරිලක වැඩමවූයේ. ඒ බුදුන්ගේ පළමු ලංකාගමනයයි. ඒත් දසබලධාරීන් වහන්සේ දස වන මාසයේම සිරිලක වැඩියේ මන්දැයි කවුරුත් සොයා බලා නැත. එහෙම නැත්තේ මොකුත් නැති  නැත්තන් ඇත්තන් කොට සැලකූ යුගයක් ගෙවන්න වූ නිසාමය. නමුත් දැනුම, විභූති යුගයේත් අභූත යුගයන් වලත් පරපුරක් රැකගෙන විත් ඇත. සිරිලක විද්වතුන් අද්වීතීය විද්වතුන් වන්නේ ඒ නිසාය. විශේෂයෙන්ම සිරිලක ඉතිහාස දැනුම පටන් ගන්නේ අභූත පංච ද්‍රවිඩ සොර පවුල් පාලන යුගයේය. අනන්ත අප‍්‍රමාණ දුක් ගැහැට විදිමින්  ඒ විපරිත යුගයේ මහා සම්මුතික මහාවංශය මහතෙර මහානාමයන් පද බදින්නේය. එබැවින් ඉතිහාසයට අනූවම හොරු බිහි වූ විට පවිත‍්‍ර මිනිසුන් ඉතිහාසය හොරුන් ගෙන් බේරා ගන්නේය. සිරි ලක ජාතික රාජ්‍යය බිහි වූ දා පටන් මේ ඇත්ත සිදුවෙන්නේමය.

 සිංහලයන්ගේ දොළොස් මහේ දසවන මාසය දුරුතු මහය. ඒ දුරුත්තේ බුදුන් වහන්සේ දස බලධාරීන් ලෙස මහියංගනයට වැඩමවාවදහළ සේක. එවිට දස ගුණ බලධාරී බුදු දැක්ම සිංහළයන්ගේ දස ගුණ මුසු දසවන මාසය වන දුරුතු (ජනවාරි) මසේ සිරිලක දී දේශණා වන්නේය. ඒ දුරුතු විප්ලවය පටන් ගත් දවසය. කුල ගෝත‍්‍ර අතහැර තී‍්‍ර සිංහළය එක සේසතක් නගන්න සිතා ගත්තේ එදාය. එදා ඒ දුරුතු විප්ලවයෙන් හරියටම සතලිස් පස් වසරක් ගෙවුනු තැන විජය සිංහ ලකුණින් සිරිලක සිංහ ධජය නංවන්නේය. දුරුතු විප්ලවය ගලා යන්නේ සත් සියයක් සිංහයෝ සිංහ වංශය බිහි කරමිනි. සිංහ වංශය සිංහල ජාතිය නම් මහා සම්මුතිය සොයන්නේ යකුන් රකුසන් නාගයන් ද අසුරයන් සහ දේවයන් ද එකට බැද ගැනීමටය. ඒත් බෙදීම ගලා ගියේය. විජයට අවසන් කළ නොහැකි වූ සිංහ දහමට ජිවිතය දෙන්න පණ්ඩුකාභය ශාක්‍යසිංහ එන්නේය. ඔහු තිඹිරි විල පාමුල චේතිය යකින්නගේ මැදුරු මැද මිදුලට ජාතිය එක් තැන් කරන්නේය. ඒ දුරුත්තේමය. ඒ කියන්නේ බුදුන් ලක වැඩි සිංහළයන්ගේ දස වන මාසයේය. මේ දසවන මාසය දුරුත්ත ගැන ඉතිහාස අන්දරය දිගු ඵෙතිහාසික පවතකි.

   ලොව පළමු මහා සම්මුතික ප‍්‍රජාතන්ත‍්‍රිවාදීයා වනුයේ මනුසම්මත ශාක්‍යසිංහය. ඔහු තෙමේ ‘මහා සම්මතවාදය’ නමින් රාජ සූත‍්‍රයක් ස්ථාවර කළේය. ඒ අදින් වසර හතලිස් දහසකට පෙරය. එදා පාලකයා සහ පුරවැසියා බිහි වන්නේය. ඒ යහ බැදීම, යහපාලනය මතත් යහපාලනය මහාසම්මුතික වාදය මතත් පදනම් වන්නේය. මනුසම්මත ශක්‍යසිංහ එතරම් දිගුයුගයක බිහි කළ මහාසම්මුතියට පා තබන්න නූතන ලෝකයා තවමත් අපෝසත්ව ඇත්තේය. බටහිර සුපිරි රටවල් සිහින දකින්නේ ඒ මනුසම්මත සිහින දේශය සොයා ගෙනය. කොහොම උනත් දස බලධාරී බුදු රජුන් සිරිලකට වඩින්නේ අපේ රට කෙරෙහි වූ ගෞරවයක් සහිතව බව මගේ අවබෝධයයි. මනුසම්මත ශාක්‍යසිංහ මහා සම්මුතිය සම්මුති ගත කළේ සිරිලක මනුතොට දී වීම ඒ ගෞරවයේ නිමිත්තය. ඒසේම මනුසම්මත ශාක්‍යසිංහන්ගේ මී මුනුපුරා වූ සිද්ධාර්ථ ගෞතම ශක්‍යසිංහයන් වහන්සේට වංශ ජාන බන්දන ජාන සම්මුතියක්ද බැදී ඇත. එබැවින් එයද බුදුන්ගේ දුරුතු විප්ලවයට වැදගත් අතුරු හේතුවක් වන්නේය. දුරුතු විප්ලවය ගලා යන්නේය. හමායන්නේය. උදාවන්නේය. අභූත යුග කොතනද ඒ විපරිත යුග නිමා කරන්න දුරුතු විප්ලවය හමන්නේය. වික‍්‍රසිංහයන්ගේ දේශපාලන සූත‍්‍ර නිර්මාණයෙන් කි‍්‍ර:ව 2015 දුරුතු විප්ලවය සිදුවන්නේ මේ ලක් ඉතිහාසයට බැදුනු නියාම ධර්ම ධාතු සත්‍ය මතය. ඉතිහාසය කිළුටු විෂයක් නොවී පවිත‍්‍ර කරගත යුතු විෂයකි. ඉතිහාසය තර්ක දර්ශණ පමණක් නොව පුද්ගල කි‍්‍රයාකාරකම් මතද පවතින විෂයකි. විෂය පවිත‍්‍ර වන්නේ මොහොත උදාකරන විටය. මොහොත උදා වන්නේ මොහොත එළඹි විටය. එහෙත් මොහොත එලඹෙන්නේ එතෙක් කියවමින් විමසමින් සටන් කරමින් යන විටය. එවිට මොහොතත් මොහොතට උචිත විරයත් එන්නේය. මේ සිරිලක මෙකල සිදුව ඇත්තේ ඒය ය.

  සතළිස් දහස් වර්ෂයක් පුරා ජාතික චාරිත‍්‍රයක් බදු මහා සම්මුතියක් අපට ඇත්තේය. ඇත්ත දේ නොපෙනෙන නිසරු දේ දකින ගෝත‍්‍ර බල මුළු එමටය. ගෞතම බුදුන්ගේ දුරුතු විප්ලවය දා මහංයංගනයේ දී දෙකට බෙදෙන්නේ චූලයන්ය. ඒ චූලයන් විජය සිංහට එරෙහිව කැරලි ගැසුවේය. පණ්ඩුකාභය ශාක්‍යසිංහගේ මහා සම්මුතික එක්සත් ජාතිකතවාදය ජයගන්නා විටත් මේ චූලයන් විරෝධයේ අන්තයම ජීවිතය කරගත්තේය.  ඒ ඇත්තන් හැසිරෙන්නේ එහෙමමය. එහෙම වන  වගම මේ දුරුතු විප්ලවයෙන් පසුවත් පෙන්වා දුන්නේය. කි‍්‍ර:ව 2015 වේ දුරුතු අටේ විප්ලවය නිමා වී සත් මසකට පසු ඇවිත් ඇත්තේ දුරුතු විප්ලවයේ දිගුවය. ඒ කියන්නේ විජය සිංහට දකින්න බැරි වූ සිහිනය පණ්ඩුකාභය ශාක්‍යසිංහයන්ට ඉටු කරන්න සිදු වූයේය. තිස් අට වසරකට පසු බලතල සහිත අගමැති ධුරයක් ලැබී ඇත්තේය. එය ජනවරමින් හිමිවන්නේ අගමැති වික‍්‍රමසිංහයන්ටය. මොහොත එලෙඹෙන තුරු සමහර වීරයන් වන ගතව රැකුනේය. පණ්ඩුකාභය ගැමුණු, විජයබාහු,  පරාක‍්‍රමබාහු ඒ වගේ වීරයන්ය. සමහර වීරයන් රට අතහැර ගොස් රැකී ඇවිත් සටන දිනන්නේය. මානවම්ම, මුගලන්, විමලධර්මසූරිය වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියන්නේ ඒ වගේ චරිතය. සමහර වීරයන් පැරදි පැරදි මොහොත එලෙඹෙන තුරු බලා හිද මොහොතේ වීරයා වන්නේය. බුද්දධාස රජ වූයෙත් සීගිරි කාෂ්‍යප රජ වූයෙත් ගජබා රජ වූයෙත් වික‍්‍රමසිංහ අගමැති වූයෙත් ඒ විදියටමය. මේ ඉතිහාසය ඉඩකඩ දී ඇත්තේ මොහොතේ වීරයන්ටය.
 
        


සුජිත් අක්කරවත්ත

Thursday, August 20, 2015

නැගෙනහිර ද්වාරය




       කි‍්‍ර.ව. තුන්සිය වන ශතවර්ෂය උදාවන්නේ ලෝකය තුල අලූත් වෙනසක් සිදු වී මෙනි. මේ වෙනසට හේතුවක් වන්නේ ජේසුස් කි‍්‍රස්තුන් වහන්සේගේ දැක්මට ආගමික රාජ්‍යක් ඇති වීමත් සමගය. ශත වර්ෂ තුන්සියක්ම පිටමං කළ ආගමක් තහනම් ආගමක් හා තහනම් පුද්ගලයෙකු වූ ජේසු ස්වාමි දරුවා නිළ පිළිගැනීමට පත් වීමත් සමග ලෝකය අලූතින් ලියවෙන්න පටන් ගත්තේය. මේ ලෝක වෙනසහි එක් ප‍්‍රතිඵලයක් වන්නේ රෝම ගී‍්‍රක ඉතාලියානු මැද පෙරදිග භූ කලාපයේ සිදු වන ජන සංසරණයය  කිතුණු ආගමේ නව නැගී ඒම එම කලාපය ආගමික වශයෙන් වූ බෙදීමට ලක් කලේය. බෙදීම ඉදිරියේ බීරාන්ත වූ සංවේදි ජනසමාජය නිරවුල් සහනශීලි පරාදිසියක් සොයමින් සිටියේය. එහි එක් ප‍්‍රතිඵලයක් වන්නේ ඔහුන් සිරිලක සොයා පැමිණීමය. මධ්‍යරණි මුහුද වටේ සිදුවන සමාජ වෙනස කල්තියා දුටු සිරිලක් රාජ දේශපාණඥයා මහසෙන්ය. එ වෙනස මතවාදිව සුපෝෂිත කළ රාජ දේශපාලන නිර්මාණ ශිල්පියා ‘මෙඝවර්ණාභය’ය. රජ දරුවෙකුත් ගත් කතුවරෙකුත් ලක සිරිමත් කළ යුග කතාව ගෙතෙන්නේ මෙතැනින්ය.
 
      කි‍්‍ර:ව 300 වසරට මත්තේ සිට වනවාසී නාගරික විභූතාමත් නුවර වූ අනුරාධපුරය, විදෙස් ජනයාගේ පරාදීසියක් වීමට පටන් ගත්තේ ඒකය. මැදපෙරදිග මධ්‍යධරණී භූමි පුරා ආගමික විභේදනය මතුවන විට මේ විදෙස් ජන සංසරණය වැඩි වන්නේය. එහි එක් ප‍්‍රතිඵලයක් වන්නේ අනුරනුවර සොබා නාගරික සැලැස්ම අභියෝගයට ලක් වීමය. අගනගරය ලෙස මහා ජනගහනයක් ජීවත් වූ අනුරනුවර ලෝක සිතියමේ සිතියම් ගත නව වෙනසක්සමග නව අභියෝගයට මුහුණ පාන්නේය. ඇත්තටම අද කාලේ සිඞ්නි මෙල්බර්න් හා නිව්යොර්ක් කිවාලාම්පුර් හා බැංකොක් නගර මුහුණ දෙන විදෙස් ජනතාවන්ගේ පැමිණිම එදා මුහුණ දුන්නේ අනුරනුවරය. අනුරනුවර නවීන කළ යුතු වූයේය. එත් එය සම්බුුදුවරයෙකු විසින් සැලැසුම් කොට මහරහත් වරයෙකු විසින් විධාන කොට ඉදිකළ නුවරකි, නීති සොබා සිසිලයෙන්ද පිවිතුරු මද නලින්ද කැලි කසලින් තොර පරිසරයකින්ද දිළින්දන් හා සිගනන්ද නැති ලොව්තුරු ලෞකික සුවයෙන් එය එසේම පවත්වා ගත යුතුවිය. උයන් මල් ගොමු තුරුලතා විල් දිය වැව් පොකුණු හා වනාන්තර කෙත්වතු හා පූජනීය ආරම එසේම යුතු විය. ඒත් ජන ගහණය එක් විටම වැඩි වූයේය. ඒ විදේශීය ජනයාගෙන්වීම ඇරඹෙන්නේ මහසෙන් රජ වූ ඒ තීරණාත්මක වසරේයය. ඒ කියන්නේ කි‍්‍ර:ව වර්ෂ තුන් සීයේදීය. 
 
  ඒ වන විටත් අනුර නුවර සියවස් සතක් වීරාජමාන වීභූතිමත් නුවරකි. මහසෙන් හමුවේවූ අභියෝගය වන්නේ නව ජනගහණයට ඉඩ වෙන් කිරීමය. ඒ අනූව ඔහුගේ පළමු වෑයම වන්නේ අනුරනුවර ‘නැගෙනහිර ද්වාරය’ ඔස්සේ නගරය පුළුල් කිරීමය. නුවරක් පුළුල් වන්නේ ගහ කොළ ඉවත දමා කෘතිම ගොඩනැගිලි වලින්ය. ඒ අදය. ඒත් එදා නුවරක් පුළුල් වන්නේ සහ විය යුත්තේ ගහකොළ ඇළදොල මල් පියලි හා විල් දිය වැව් කේත්වතු සමග බව කදිමට කිව් ලෝක පරමාදර්ශය එයය. මහසෙන්ගේ ‘නැගෙනහිර ද්වාරය’ ලක් ඉතිහාස පොතින් එළියට ගෙන නූතන සංවර්ධනයේ මෝඩ වියතුන් අත් පොතක් කර ගත යුත්තේ ඒකය. මහකනදරාවේ ශෛල පාලම තනන මහසෙන් නැගෙනහිර ද්වාරය අභිමුව මින්නේරිය ගිරිතලේ මහකනදරා වැව් බැන්දේ ඇයි දැයි කියවිය යුත්තේ එකය. නැගෙනහිර සමුද්‍රය හරහා හමා ගෙන හබරණ මහවන වදුල පිසගෙන ගලා එන සිසිල් මන්ද මාරුතය, මේ වැව් දියෙන් අනුර නුවරට කැන්දා ගත් මහසෙන් ඉන්පසු නිර්භයවම නගරයහි ජනඝනත්වය වැඩි කලේය. ජනගණනය වැඩි කරන්නට පෙර ඔහු සිසිලනය වැඩි කලේය. දිය සම්පත් කෙත්වතු සම්පත් වැඩිකලේය.  එ සියල්ල පවතින ලෙස ජේතවනාරාමය දාර්ශණික ගුරු කුලය ස්ථාපිත කලේය. ඒ තම නුවර ජිවත් විය යුත්තේ දාර්ශණික ජනතාවක් බව ඔහු තේරුම් ගත් බැවිණි. විශේෂයෙන්ම බටහිරින් රටට ගලා පැමිණි ජනතාව ථේරවාදින්ගේ ගතානුගතික සම්ප‍්‍රද්‍රායෙන් පමණක් සහබද්ධ කර ගත නොහැකි බව රජ තෙමේ වටහා ගත්තේය. එබැවින් මහායාන බෞද්ධ දහම සදහා අනුරනුවර විශ්ව සරසවියක් ස්ථාපිත කලේ ඒකය. පසුව ථෙරවාදින් හා මහයානියන්ගේ පටු දේශපාලන ගැටුමකින් මේ ලස්සන සූත‍්‍රය අවලස්සන වූවද ලක් දිව පොබ කල මේ ‘නැගෙනහිර ද්වාර’ පරිච්ෙඡ්දය කවුරුත් නොසිත නොකියවන කථාවකි. රටක් පවතින්නේ ලොවක් තුල බවත් ලොවක් තුල පවතින්න රටකට නොහැකි නම්  ඒ රටට ගමනක් නැත. ඒ වගේම ලොවක් තුල පවතින්නට ලොවක් වසග කර ගත හැකි මගක් ඒ රටට නැත්තේ නම්. ඒ රටට අනාගතයක් ද නැත. ඒ නිසා ලොවක් වසග කළ හැක්කේ ලොවක් වසග කර ගත හැකි ‘අපේ කමටය’. ලොවක් වසග කර ගත නොහැකි අපේකමක් බදාගෙන වලපල්ලට යමින් සිටින ජාතියට මහසෙන්ගේ ලොව වසග කළ අපේකම පරමාදර්ශයක්කර ගත යුත්තේ ඒකය. නැවතත් ශී‍්‍ර ලංකාව විශ්ව පුරවැසි සමාජයට ඔසවා ගත යුතු බව වටහා ගත් සමාජ ද තේරුම් ගත යුතුම කථාව මෙයය. අපට ලෝක රාජ්‍යයක් විය හැක්කේ අපේම ම`ගකිනි. නමුත් ඒ ‘අපේම මඟ’ යනු ‘අපේමවරද’ කර තබා ගත් වෙන රටක් ආගමක් ජාතියක් දැක්මක් තේරුම් ගත නොහැකි ග්‍රෝති‍්‍රක ජාතිකවාදය නම් නොවේ. ග්‍රෝති‍්‍රක ජාතිවාදීන්ගේ පටු සීමාව ගෞතම බුදුරජුන් මහියංගනයටද නාගදීපයට කැළණියටද වැඩම කොට පරාජය කලේ එබැවිණි. මහියංගනයේම උපන් මහසෙන් මහියංගනයෙන්ම ඇවිත් අනුරනුවර නව නුවරක් කොට විශ්වීය පරිෙඡ්දයක් වූයේ ගෝත‍්‍ර මූල ජාතිවාදය පරාජය කර දමාය. ඒ පැරදුන ගෝත‍්‍ර මූල ජාතිවාදින්ට වෙනස් විය නොහැකිය. මහාවංශය ලක් පොළොවේ ඒ ඇත්තන්ට ‘චූල වංශය’ නමින් නමක් දී ඇත්තේ එකය. චූලයන්ට ලෝකය පෙන්නේ චූල ලෙසටය. ඔහුන්ට මහා සිතුවිළි පිරීය නොහැක. ඔහුන්ගේ මනස එතරම් කුඩාය. කොතරම් කුඩාද කියනවා නම් සුගත තථාගතයාණන් වහන්සේ පැමිණ වෑයම් කොට ද ඔහුන් මහාසාර මිනිසුන් කළ නොහැකිවිය. ඉතින් තථාගත ධර්ම රාජ්‍යහි අපි තේරුම් ගත යුත්තේ බුදු පිළිවෙතට හදා ගත නොහැකි තැන දෙව්දත්, ආලවකත් සිරිලක චූල ජාතිවාදීන්ද සම්බුදු රජු පරදවා දැමිම බවය. ඒඔහුනට යලිත් නැගිටීමට මාවත අහිමි කරමිනි. මෙකල සිරිලක මහාසාර සමාජයට අද දවස ගත යුතු මගකියා දී ඇත්තේ සම්බුදු ජීවිත සිරිතය.
 
සුජිත් අක්කරවත්ත