ධාතුසේන රජතුමාගේ බාල දියණිය වුයේ සංඝාය. ඇගේ දෙටු සහෝදරයන් වන්නේ සීගිරී කාශ්‍යප සහ මුගලන්ය. සංඝා කුමරිය තම පුත් කුමරු සිව් වියැති ළදරු සමයේම කසාවත් පොරවා බුදු සසුනට පුජා කළේය. මේ නිසා ‘‘සිලාකාල කුමරු’’ ගැන අතීත තතු පවත් ලියා තබන්නේ ‘‘අම්බ සාමණේර’’ නමිනි. හුදී ජනයා ‘‘සාමණේර කුමරු’’ නමින් හදුන්වන්නේ මේ ධාතුසේනගේ මුණුපුරාය. ධාතුසේනගේ රාජ්‍ය උදාව සිදුවන්නේ ලක්දිවට පළමු කිතුනු වංශික ආගමනයද සමගිනි. සිරියානු ගී‍්‍රක ජන වංශීකයන් වු මුරුණ්ඩ වංශයේ මිගාර ද, මහා මාඝ බ‍්‍රාහ්මණ ද සිංහළ රාජ පවුලේ අමාත්‍ය මණ්ඩලයේ අසුන් ගන්නේ එබැවිණි. මේ කිතුනු වංශික මුසුව ගී‍්‍රකය මැද පෙරදිග හා යුරෝපය සමග බැදී ඈදුණු සරුසාර ආර්ථික පුනරුදයකට මාවත වන්නේය. කලා වැව, අවුකන මහා පීළිමය වගේම සීගිරීය බදු සිංහළ විස්කම් පසුපස මේ කිතුනු නෑකම ඇති බව ඇත්ත නමුත් වසන් වී ඇති අභිරහසය. කෙහොම වුවත් ධාතුසේන කාෂ්‍යප හා මුගලන් යන රජුන් තිදෙනාම කිතුනු සහවාසය හා බැදී ගිය රාජ්‍ය පාලනයකට එක් වීම ලක්දිව දේශපාලන සග සසුනක නැගී හිදීමකටද පාර කපා දැමුවේය. එය වඩාත් උග‍්‍රවන්නේ මුගලන් සහ කණිටු මාඝ බ‍්‍රාහ්මණගේ පාලන කාලයේදීය. එ ඔවුන් දෙදෙනා ධාතුසේන මිගාර හා කාශ්‍යප සහ මහා මාඝ බ‍්‍රාහ්මණ රාජ සමයේ තිබු බෞද්ධ කිතුනු සංහිදියාව බිද දමාගෙන අගතිගාමී වීම නිසාය. මේ තත්වය කල් තබා දුටු සංඝා කුමරිය තම පුත් කුමරුව කසාවතින් හැඩකාර කළේ දිගු දුර ඉලක්කයකටය. ඒ කිතුනු විරෝධය ඇවිලියන විට බෞද්ධ නැගීමේ ප‍්‍රාර්ථනාව තම පුතු කර ගැනීමටය.
සාමණේර කුමරු කසාවත පොරවාගෙන තම මව් තුරුලේම හැදී වැඞී වැඩි දුර අධ්‍යාපනයට බරණැස් සරසවියට පිවිසුනේ කාශ්‍යප රජ සීගිරී මුදුනින් ලොව මුදුනට නැගී ආ සමයේය. අම්බ සාමණේර හෙවත් සීලාකාල යලි සිරිලක සැපත් වන්නේ වානිජ විශාරදයකු බවට පත් වීමෙන්ය. එමෙන්ම බරණැසින් සිරිලකට සැපත් වනවිට ගෞතම බුදුන් වහන්සේගේ කේශධාතුවක් මෙරටට වැඩම කරවාගෙන ඒම ඔහු වටා බෞද්ධ රැස් වළල්ලක් ඇති වීමට හේතුවේ. මේ අතර ඔහු සිය රට සැපත්ව ‘‘දිපංකර බැංකුව’’ නමින් බෞද්ධයන්ට පුද්ගලික බැංකුවක් ආරම්භ කළෝය. දීපංකර බුදුන් නමින් නම් කරන්නේ ගෞතම බුදුන්ට විවරණ දුන් බුදුන් බව සිහි කරමිනි. ඉක්මනින් බොද්ධ ධන එකතුවෙන් දිපංකර බැංකුව ඉහල එන්නේය. ඒ අපුරු උපායකිනි. එනම් ලක්දිව ප‍්‍රථම ‘‘කුරුස කාසිය’’ සමගය.
සිංහල බෞද්ධ දේශයේ ප‍්‍රථම ‘‘කුරුස කාසියේ’’ නිපදවන්නේ බෞද්ධ බැංකුවෙනි. එ විශ්ව අගනුවර වී තිබු සීගිරිපුර සිරි විදින විශ්විය කිතුණු සමාජය ඉලක්ක කරගෙනය. සිලාකාලගේ විස්කම් හිස එතරම් පුළුල්ව තිබු බව වත්මන් සිංහළ බෞද්ධයන්ට කියා දෙන ඉතිහාස සාක්ෂිය මෙයය. සිලාකාල හෙවත් සාමණේර කුමරු කිතුණු විරෝධය පසු පස නොගොස් ප‍්‍රබුද්ධ රාජ විශාරද හිසකින් ගමන පටන් ගත්තේ එලසය. සාමණේර කුමරායාගේ ‘‘කුරුස කාසිය’’ සීගිරී යුගයහි ගලා එන දැවැන්ත ධන අයෝජනය බවට පත් වන රහස විය. වඩාත් අපුරු කථාව සීගිරී කාශ්‍යප මෙයට අනුමැතිය දීමත් සමග බෞද්ධ බල සේනා කුපිත වීමය. පසු කාලයක දේශපාලන සගුන් වහන්සේලා පන්දහසක් සීගිරී රාජධානිය වටලා ‘‘පත්තනිකුජ්ජන කර්මය’’ සිදු කිරීමට තුඩු දෙන හේතුවට උපත දෙන්නේ දීපංකර බැංකුවේ කුරුස කාසියය. කාශ්‍යප රජුට පුත් කුමරුන් නොමැති වීම නිස ඔහු ඇවැවෙන් සිලාකාල හෙවත් සාමණේර කුමරු බලයට එතැයි බියක් හා සැකයක් දේශපාලන සගුන්ට මතුවිය. එවිට සිදු වන්නේ ඉන්දුසියාවට පැන ගොස් සිටි මුගලන් කුමරු හා දේශපාලන සගුන් වහන්සේලා අතර ලක් කිරුළ සීගිරී කාශ්‍යප ගෙන් පැහැර ගැනීමේ දේශපාලන කුමන්ත‍්‍රණයක් මතු වීමය.
දීපංකර බැංකුව පිළිබද ඉතිහාස මුලාශ‍්‍රයන් ලක් දිව ලියවුනු තතු විත්ති වලින් මැකි ගියේ මන්දැයි සිතා බැලීම වටි. එත් ඉන්දුනිසියනු භික්‍ෂුවක් වු ආනන්ද තෙරිදුගේ ශීලා ලේඛණයක් හමු වීමෙන් මේ වටිනා තතු පවත නුතන ඉතිහාසවේදීන් වෙත හමු වේ. එය වඩාත් තහවුරු වන්නේ දීපංකර බැංකුවේ කාසි සමුහයක් හමු වීමත් සමගය. එමෙන්ම කාශ්‍යප පරදා මුගලන් රජ වීමත් සමග ලක් රජය විසින්ද කුරුස කාසි නිකුත් කිරීමට මුගලන් රජ කටයුතු කර ඇත. මේ සියල්ල මෙනෙහි කරමින් එච්.ඩබ්ලිව්.කොඞ්රින්ග්ටන් ශී‍්‍රමතාණන් අනගී විමසිමක් ලක්දිව පුරාණ කාසි පිළිබද සිදු කරන්නේය. එ ඔහු තෙමේ විරචිත Ceylon coins and
currency (සිලෝන් කොයින්ස් ඇන්ඞ් කරන්සී) කෘතිය ඔස්සේය. එමෙන්ම සිලාකාල කුමරුගේ ජිවිත පවත මහාවංශයටත් වඩා පුර්ණව විස්තර වන්නේ චුලවංශයහි 39-49 පරිච්ඡේද වලිනි. එත් සිලාකාල අනුකරණය කරමින් මුගලන් රජුද කුරුස කාසි නිකුත් කළද ඔහුට එමගින් ආර්ථික පුනරුදයක් ලබා ගැනීමට හැකියව ලැබි නැත්තේය. එයට හේතුව නම් විශේෂඥ හැකියාව තිබු සිලාකාලව රාජ්‍ය පාලනයෙන් ඈත් කර ඔහුගේ අනගි අදහස පමණක් අනුකරණය කිරීම වීය හැකිය. කොහමත් මුගලන් තම බෑනා රජ කමට ඒම වැලකීමට මහත් වෙහෙසක් ගනු ලැබුවෙකි. මුගලන් තම පුත් කුමරු වු කුමාර ධාතුසේනට රජ කම පවරා දීම සදහා සීලාකලා හෙවත් සාමණේර කුමරුව බලයෙන් ඈත් කර තැබුවේය. නමුත් මුගලන් රජු යනු බෞද්ධත්වයද කිතුණු ආගමද එමෙන්ම හින්දු ආගමද පහත් ලෙස බල උවමනාවට භාවිතා කළ රජෙකි. ඔහු අතින් සාරවත් ලක් රාජ්‍යය දුප්පත් තැනකට ඇද වැටීමට මාවත පෑදුනේය. මේ සියල්ල අතරින් මුගලන්ගේ දාහත් වසරක පාලනය නිමා වන්නේ ඔහු ප‍්‍රාර්ථනා කළ ලෙසට ඔහු පුත‍්‍ර කුමාර ධාතුසේන බලයට පත් වීමෙන්ය. රටට සුභදායක ගමනක් තනා දීමට අපොසත් වු ඔහුගේ අට අවුරුදු පාලනය කෙළවර වන්නේ ඔහු පුත‍්‍ර ‘‘කිත්ති සේන’’ වසරකට රජ වීමෙන්ය. මේ රාජ බල හුවමාරුව අතර රට පත්ව තිබුණේ අස්ථාවර තැනකටය. ඒ අනුව අභිමාන හා ආර්ථික අහේනියට නතු වෙමින් තිබු රට හමුවේ ප‍්‍රාර්ථනාව බවට ‘‘සාමණේර කුමරු’’ පත් වන්නේ මේ අතරය. දීපංකර බැංකුවේ නිර්මාතෘට රට භාර කිරීමට සුසිල්වත් සගුන් හා අන්‍ය ආගමික ජන ප‍්‍රධානින් එකතු වන්නේ ඒ අතරය. ඒ වෙනුවෙන් ඇති වන ජාතික කතිකාව කෙලවර වන්නේ කි‍්‍ර:ව 518 දී අම්බ සාමණේර හෙවත් ‘‘සාමණේර කුමරු’’ සිලාකාල නමින් ලක් සියසුනට පත් විමෙන්ය. ලක්දිව ප‍්‍රථම මෞර්්‍ය වංශ රජ පරපුරේ කීර්තිමත් තෙවැන්නා ඔහුය. මෞර්්‍ය පරපුරේ ආරම්භක ධාතුසේනට ද කාශ්‍යපට ද පසු එම වංශයට උත්තරීතරත්වය ගෙන ආවේ කුරුස කාසියෙන් රටක් මවිත කළ ‘‘සිලාකාලය’’.