කලින් කලට පෙලින් පෙලට එක එක දේ වෙන්නේය. එහෙම කලක වුන දෙයක් පෙලින් පෙලට දිගටම විත් වෙච්ච තැනදිම නතර වන හැටියත් හරි අපූරුය. ඉතිහාසයට බැස්සහාම විතරක් පේන මේ අමුතු කථා විසිතුරුය. විටෙක අමිහිරිය. තවත් විටෙක පුදුමය. ඒ වගේම හිරිකිතක්ද දනවන තැන්ද නැතුවා නොවේ. එත් ඉතිහාසය හි වූ දෙයක් දෙස ඉතිහාස බැල්මෙන් බලා යුගයක් හා යුගයක හද ගැස්මත් ඒ ඔස්සේ හැදිච්ච ක‍්‍රමයත් එ ක‍්‍රමය ගලා ඇවිත් ඇති හැටියත් හදුනා ගන්න හැකිය. එ හදුනා ගැනීම අතීතයෙන් වත්මනත් වත්මන ඔස්සේ අනාගතයත් ඉව කල හැකි මානයක් වන්නේය. මේ විදියටම ගියාම ‘දොන් ’ කියන්නේත් එ වගේ කථාවකි. ‘දොන් ’ නමින් වදනක් සිංහලයන්ට කි‍්‍ර:ව: 1505 වන තුරු හමු වූයේ නම් නැත. මේ වදන හමුවන්නේ පෘතුගීසීන් නිසාය. එ සිංහලයන්ගේ ඔටුන්න හිමි කුමාරයා ‘දොන් ’ නම ගෙන දොන් ජුවාන් ධර්මපාල ලෙස කිරුළ දරා ගත් නිසාය.
එතැනින් සිංහලයන්ගේ නම් අතරට ‘දොන් ’ නම එක් වන්නේය. මෙහම පටන් ගත් ‘දොන් ’ කථාව යුග යුග පසු කරගෙන බොහෝ දුරක් ගමන් කළ කථාවකි. ධර්මපාල කුමරු ‘දොන් ’ නම ගෙන රජ වූ විට ‘දොන් ’ නම පැවතීම රැකීම හා තාන්නමාන ලාභ සත්කාර සදහා භාවිතා කර ගැනීම පුරුද්දක් වූවේය. විටෙක අධිරාජ්‍යවාදින්ගේ තාඩ පීඩන වලින් මිදීමට නම පෘතුගීසි වදනකින් සරසා ගැනීමට සිංහලයන් උපායශීලි විය. තවත් විටෙක ලාභ වරදාන ගැනීමට ‘දොන් ’නමින් තම නම සරසා ගැනීමට තරම් කපටි කෛරාටිකද වන්නේය. එවගේම තව විටෙක ‘දොන් ’ නම ගැනීම ගෞරවයක් තත්වයක් මහන්තත්වයක් සේ ඇදැහීමට තරම් ස්වදේශිකයා හීන දීන පරාධීනයෙකු ද වූයේය. මෙය ඇබ්බැහියක් වූ අයුරු පේන්නේ පරංගිද ලන්දේසීන් ද ඉංගී‍්‍රසීන්ද මෙරට අතහැර ගිය පසුවත් උපන් අයත් ‘දොන් ’ නමින් තම නම සරසා ගැනීමට තරම් දීනයන් හෝ අනුකාරකයන් වීම විටෙක සිනා උපදවන සැටියටය. මෙහම බලන විට ‘දොන් ’ නමින් සංස්කෘතියක් ඇති වී ඇති සැටිය පෙනේ.
මේ දොන්ලාගේ කථාවේ ප‍්‍රකට දොන්ලා ගැන සොයා යා යුතු යැයි සිතුනේ එබැවිණි. දොන් ජුවාන් ධර්මපාලට පසුව අපට හමුවන ප‍්‍රකටම දොන් වන්නේ දොන් ඬේවිඞ් හේවාවිතාරණය. දොන් සිමන්ලාගේ සිට හැම පරගැත වදනක්ම ස්වදේශි නම් වලින් ඉවත් කරවා ගැනීමේ ජාතික අරගලයට පණ පොවන්නේ මේ දොන් ඬේවිඞ් තම නම සපුරා වෙනස් කර ගනිමින්ය. එ ධර්මපාල නමිනි. දොන් ඬේවිඞ් තම නමින් දොන් ද ඬේවිඞ් ද අතහැර ධර්මපාල වීම අමුතු කථාවක් වන්නේ ‘දොන් ’ පටන් ගත් දොන් ජුවාන් ධර්මපාලගේ ”ධර්මපාල නම” ගැනිම නිසාය. ‘දොන්’ නමින් උපත ලබා තම නමින් දොන් නම ඉවත් කර දැමූ ප‍්‍රථමයා ඔහුය. ප‍්‍රථමයා විතරක් නොව ජාතික චරිත අතර එකමයාත් ඔහුය. ඒ දොන්ට පසුව හමු වන්නේ දොන් ජුවන් ධර්මපාල නිසාම සටත් දීපයක් වූ රට නිදහස කර ගත් ”දොන් ස්ටීවන් සේනානායකය”. දොන් ජුවාන් ධර්මපාල යටත් කළ රට දොන් ස්ටීවන් සේනානායක බේරා ගැනීමත් අමුතු වන්නේ ඒකය. දොන් පටන් ගත්ත දේ දොන් කෙතෙක් අවසන් කර දැමීමත් විශේෂ සිදුවීමක් වන්නේ මේ නිසාය.
මේ දොන්ට පසු හමුවන ප‍්‍රකට දොන් වන්නේ දොන් නන්දසිරි පට බැදිගේ විජේවීර හෙවත් ”රෝහණ විජේවීරය”... අධිරාජ්‍යවාදියාට එරෙහිව රැඩිකල් වාම විප්ලවයත් ඇරඹි ඔහුත් දොන් නම උරුම කර ගත් දොන් කෙනෙකි. පුදුමය කියන්නේ මෙකයි. අනික් දොන්ලා ඉපදි තිබුනේ කුලීන වංශවත් පවුල් වලය. මේ දොන් ඉපදි තිබුණේ කුලහීන දුගී පවුලකය. අනෙක අනෙක් දොන්ලා උපන්නේ යටත් විජිත සමයේය. මේ දොන් නිදහස් සමයේ මුවදොර උපන් දොන් කෙනෙකි. දොන් නන්දසිරි විජේවීරට පසුව හමුවන ඊළග දොන් වන්නේ දොන් පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ හෙවත් මහින්ද රාජපක්‍ෂය. මේ ‘දොන් ’ දොන් කෙනෙකු බව දන්නේ අත ලොස්සකි. කෙසේ නමුත් දොන්ලා අතරින් නිල නම වෙනුවට නොනිල නමකින් පෙනී සිටි දොන්ලා වන්නේ දොන් නන්දසිරි විජේවීර හා දොන් පර්සි රාජපක්‍ෂය. ඒ රෝහණ විජේවීර සහ මහින්ද රාජපක්‍ෂ නමිනි. පුදුමය කියන්නේ නිල නම වෙනුවට නොනිල නමකින් පෙනි වුන් දොන්ලා දෙන්නාම රුහුණු රටේ හම්බන්තොට වැසියන් වූ සැටියත් එ දොන්ලා දෙන්නාගේම දේශපාලන බල කොටුවත් එකම තැනක් වු විදියය. එ වගේම මේ දොන්ලා දෙන්නාම පරාජය වන්නේ ද තම බලකොටුව අතහැර වෙන පලාතක අන්තිම සටනට සටන් කරන්ට ගොස්ය. තව අතකින් තම නිල නමට උරුම දුන් යුරෝපීය කිතුණු මූලයට බැට දුන් මේ දෙන්නාගේ උරුමය හා හැසිරීම ද අමුතු වී ඇත්තේය.
මේ අතර දේශපාලනය අතහැර කලාවට ගිය විට හමුවන ප‍්‍රකට දොන් වන්නේ දොන් සිරිසේනය. ඒ සිංහල සිනමාවේ යථාරූපි විකට රංගධරයාය. ඔහු හැබෑ මිනිසෙක් වන්නේ කිසිවිටෙක තම ”දොන් ” නාමය සගවා තබා නොගෙන එ නමින් ජනගත වූ නිර්ව්‍යාජ ලකුණ නිසාය. මේ විදියට දොන් කථාව කියවා ගෙන යන විට පේන්නේ ලංකාවේ දොන්ලා මේ තරම් ප‍්‍රබල වි ඇති සැටිය. එය පැරණි නමක් වුවද අධිරාජ්‍ය ගැති නමක් වුවද ආසන්නතම පාලකයා දක්වා එ නම ඈදී ඇවිත් ඇති වගය. වඩාත් පුදුම දනවන කථාවක් වන්නේ ආරම්භක දොන් වගේම අන්තීම දොන්ද කෝට්ටේට බැදුනු බැදිල්ලය ‘දොන්’ නම පටන් ගත් පළමු නායකයා කෝට්ටේ රජ වූ දොන් ජුවාන් ධර්මපාලය. ඒ වගේම රට පාලනය කර ඇති අන්තිම දොන්, දොන් පර්සි රාජපක්‍ෂ පාලකයා වුනේ දොන් ලාගේ යුගය පටන්ගත් කෝට්ටේම අගනුවර පාලකයා ලෙසය. මතුවටත් දොන්ලා මතුවේ දැයි නොදනිමි. ඒත් පළමු දොන් වගේම අන්තිම දොන් ද කෝට්ටේ නුවරට බැදී ‘දොන් යුගය’ අවසන් වී ඇති බව නම් පෙනේ. කපටිකමට හෝ උපායට වගේම වාසියට වරදානයට දොන් වීමට තවත් උවමනාවක් නම් නැත. ඒත් පුරුද්දට ඇබ්බැහියට උරුමයට දොන් අරන් ආපු දොන්ලා , දොන්ලාට විදියටම යන්න සිදුවනු ඇත. ඒත් එහෙම දොන්ලා යලිත් බල මුදුනට එතැයි නොසිතෙන්නේ අන්තිම දොන් යන්න ගිය හැටියටය.
සුජිත් අක්කරවත්ත

"දොන්" කියන නමේ ස්ත්‍රී ලිංග පදය "දෝන" කියන එක ද?
ReplyDeleteමොකද,
මම දැකලා නෑ "දොන්" කියන නම තියෙන ගෑණු අය...
ඒ වගේම මම දැකලා නෑ "දෝන" කියන නම තියෙන පිරිමි අය...
දෝන දොළරස් ලා මුස්තාකා මතක් උනා. උභයජීව පොතේ තිබ්බෙ ඒ නම...
ReplyDeleteපර්සි මහේන්ද්‍ර මහතා දොන් බව දැනන් උන්නේ නෑ . . . එතුමා කපටි කමට දොන් කියන පරන්ගි නම් කෑල්ල විතරක් නෙමේ පර්සි කියන ලන්සි නම් කෑල්ලත් මහේන්ද්‍ර කියන දෙමළ නම් කෑල්ලත් හලලා මහින්ද කියලා දාගෙන මිනිස්සු අවුරුදු 40ගානක් තිස්සේ ගොනාට ඇන්දුව හැටි නම් නියමයි හැබැයි
ReplyDelete