Tuesday, April 7, 2015
බෞද්ධ කෙටි චිත්‍රපට උළෙල
බුද්ධ සාසන අමාත්‍යංශය සහ ජාතික විද්වත් මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව පවත්වනු ලබන තරගය සදහා ඔබේ නිර්මාණද DVD පට පහත ලිපිනයට ගෙවිත් හෝ තැපැල් මගින් එවන්න.
Monday, April 6, 2015
අමුතු මිනිසා
එකිනෙකට වෙනස් තුරුලතා එකම භූමියක ඇති නිසා ලංකාව අමුතු රටකි. වෙන වෙනස් සත්තු එකම බිමේ එකට ජීවත් වන නිසාත් අමුතු රටකි. මේ අමුත්ත තවත් අමුත්තක් වන්නේ එක දිගට එකට ලියාගෙන එන ජාතික වංශ කතාවක් ඇති රටත් ලංකාව නිසාය. ඒ වගේම ලොවේ අමුතු ජාතින් තුනක් හමුවේ. ඒ ජපන්නු ඉංගී‍්‍රසින් හා සිංහලූන්ය. මේ තුන් ගොල්ලාම අමුතු වන්නේ තුන් ගොල්ලාටම දිගු රාජ පරපුරක් ඇති පුරාණම ජාතින් වී ඇති නිසාය. අනෙක් අමුත්ත රටවල් තුනම දුපත් තුනක් වීමය. සිංහලයන්ට ජපන්නු සමග ඇත්තේ හෘද මිත‍්‍ර හද බන්ධනයකි. අහසින් බෝම්බ දැමුවත් ජපනා හපනා ලෙස හද මිතුරෙකු බවට සිංහල පපුවට ඇත්තේ මතකයකි. මේ හද මිතුරු බැදීම ලෝකය හමුවේ ජාති දෙජාතියේ ආල කථාවක් වන්නේ ජයවර්ධන ජනපති නිසාය. කොහොම හරි දිගුම දිගු රාජ වංශ තුනක් රැකගෙන ආපු මේ තුන් ජාතිය මැද සිටින සිංහලයන්ව යටත් කළද ඉංගී‍්‍රසීන් සිංහලයන් කෙරෙහි විශේෂ සෙනහසකින් කි‍්‍රයා කළ ජාතියකි. යටත් විජිත රටවල් අරභයා ඉංගී‍්‍රසීන් දැක්වූ ආකල්පය ලංකාවේ දි වෙනස් විදියට මිතුරු හැඩයක් ගෙන ඇත්තේය. ඇත්තටම භාරතය පහකට කඩා නිදහස දුන් බි‍්‍රතාන්‍යය සිරිලක් දිව ගත් විදියට නොබිදා යලි ලබා දුන්නේ ඒ නිසාය. මේවා සිතිය යුතු විමසිය යුතු ඉතිහාසයේ රස පරි පරියේෂණය. එත් පරිය පරියේෂණ විහිදෙන්නේ දන්න දේම හොයා යන්නටය. මේ නොදකින පැති දකින ඇසක් ඇත්තෝ විරලය. ඒ ස්භාවික විද්වතුන් හිග වීමය. ශාස්ත‍්‍රාලීය විද්වතුන්ගේ හිගයක් නැත. එත් ස්වභාවිත විද්වතුන් හිගය. එ හිගය නිසා ශාස්ත‍්‍රාලීය විද්වතුන්ගේ හිසද අලූත් නොවේ. කොහමින් හරි ජපන්නුන් හා ඉංගී‍්‍රසීන්ට තවමත් රාජකීය පවුලක් තිබේ. එත් සිංහලයන්ට නැත. සිංහලයා අන්තිම රාජා ගස්බැද භාර දී රාජකීය බි‍්‍රතාන්‍යයන් ලව්වා රාජකීය වංශය නිමා කරගෙන ජනසම්මත යුගයට පා තැබුවේය. එතැන් සිට ජනසම්මත පාලකයා තුලින් රාජවංශ වගේ ජනසම්මත වංශ තනා ගන්නේය. සේනානායකලා, බණ්ඩාරනායකලා, කොතලාවලා, ජයවර්ධනලා, වික‍්‍රමසිංහලා කියන්නේ මේ රාජවංශ උරුමයෙහි ජනසම්මත වංශ කථාවය. ඒ අතින් සිරිලක තවත් අමුතු වන්නේ එක වගේ දුපත් ජාතීන් තුනක් මැදත් වෙනස් වෙමිනි. බි‍්‍රතාන්‍යයත් ජපානයත් රජ පවුල සමග ජනසම්මතයට පා තබන විට සිරිලක්වාසීන් රජ පවුල අතහැර ජනසම්මතට පා තබා අමුතු මගක ගොස් ඇත. ජනසම්මතය මැද රජ පවුලක් වන්නට සිතු රාජපක්‍ෂ පවුලහි පරාජය පෙන්නා දුන්නේ සිංහලයන් 1815 රජ පවුල අතහැර දැමුවේ හේතුවක් ඇතිව බවයි. හරියටම 1815 සිට ඉන් දෙසිවසරක් ගිය තැනම එය සිදුවීමත් පුදුම අමුත්තකි.
සිරිලකටම පොදු මේ අමුත්ත මොකද්ද. මේ සොබා දහමට වැදි බැලූවිට පෙනෙන ඇත්තකි. අමුත්ත පටන් ගෙන ඇත්තේ ඈත අතීතයේය. මිනිසා කවදා උපත ලැබුවාද යන්න විවාදයකි. මේ ගැන පොදු අදහසක් මිස පිළිගත් කථාවක් නැත. පොදු අදහස සනාථ වන්නේ ලොවේ නන් දෙසින් ලද ප‍්‍රාග් යුගයේ මිනිස් ජනාවාස ඇටකටු මෙවලම් නිසාය. ඒත් ඈත මිනිසා හෙවත් මුල්ම මානවයාගේ කථාවෙන්ද සිරිලක අමුතුවි ඇත. එ නිසා අමුතු මිනිසා හමු වි ඇත්තේද ලක්දිව තුළය. ලොව පුරා හමු වී ඇති ප‍්‍රාග් මිනිසා ජිවත් වී ඇත්තේ තැනිතලාවේය. බොහෝවිට ඒ එ රටවල වියළි කලාපයේය. එයට හේතුව ආහාර සුලභ වීම විය හැකිය. දඩයම පිණිස විශාල සතුන් හමුවන්නේ තැනිතලාවේදි හෝ වියළි වනාන්තර තුළය. ඒ නිසා අතිත මිනිසා තැනිතලා තැන්නේ වියළි වනාන්තර වල දිවි ගෙවීමට රුචි වී ඇත්තේය. එත් අමුතුම අමුතු තැන බවට ලක්දිව අතීත මිනිසා පත්ව ඇත්තේ ලොව පුරා මානව විද්‍යඥයන් පුරාවිද්‍යඥයන් වගේම ඉතිහාසඥයන් මවිත කරමින්ය. ඒ ලක්දිවින් හමුවී ඇති ප‍්‍රාග් මිනිසා තෙත් වනාන්තරවල දිව් ගෙවා ඇති නිසාය. බටදොඹ ලෙනේදි පාහියන් ලෙනේදි කූරගලදි හමුවන්නේත් බලංගොඩ මානවයා කියා දෙන්නේත් මේ අමුතු මිනිසා ගැන කථාවය. ලොව පුරා අතීත මානවයා එක විදියකටත් එම සමයේ ලක්දිව අතීත මානවයා වෙන විදියකටත් කටයුතු කිරීම පුදුමයක් මෙන්ම අමුත්තක් දක්වන කථාවකි. දැන් ලොව පුරා අතීත පරියේෂණ වල කතා නිමිත්ත වී ඇත්තේ මේ කථාවය.
මේ කථාවට ඈදෙන ඊළග අමුත්ත මේ අතීත මානවයා පරිනාමය වි ගොවි යුගයට ආ විට ගත කළ ජිවිතයය. ලොව පුරා සියළු ශිෂ්ඨාචාර ඇරඹි ඇත්තේ ගංගා නදි ආසන්නවය. එත් ලක්දිව ශිෂ්ඨාචාරය ගංගා අසබඩින් දුරක වැවක් මත පදනම් වී ඇත්තේය. මේ විදිහට ආරම්භක ප‍්‍රාග් යුගයේ සිටම ලක්දිව මානවයා අමුතු මිනිසෙකි. මේ අමුතු මිනිසාගේ අමුත්ත වටහා ගත හැකි මිම්මක් හෝ නිර්නායකයක් අප සතුව නැත. වෙනත් අතීත මිනිසා මැන බැලූ පොදු මිම්මෙන් හෝ නිර්නායක වලින් ලක්දිව ”අමුතු මිනිසා” තේරුම් ගත නොහැක. එසේ පොදු මිම්මෙන් තේරුම් ගැනීමට දැරු වැරදි තැත නිසාම මේ තරම් අමුතු ශිෂ්ඨාචාරයකට ලොව ඉදිරියහි ”අමුතු අතීතයා” ලෙස මතු වි නැගි සිටින්නට බැරිව ඇත. ”අමුතු අතීතයා” අමුතු නූතනයෙකු නොවී ඇත්තේ ද ඒකය.
කොහමින් හරි ලොවක නෙත ලකට හැරි ඇත. ඒ ”අතිත අමුත්තා” නිසාය. සමකාලීන හැම මිනිස් ප‍්‍රජාවකටම වඩා වෙනස් ප‍්‍රජාවක් සේ සිරිලක මිනිසා තම ජිවිත සිරිත තෙත් කලාපයට සීමා කළේ මන්ද. කුඩා සත්තු පමණක් දිවි ගෙව් වැසිවනාන්තරයට වි දිවි ගෙවමින් ශිෂ්ඨාචාරය සොයා ගියේ කිමද. ලක්දිව අතීත මිනිසා මෙසේ අමුතු වීමම ලංකාවේ මානව හැසිරවීම කෙරෙහි බලපා ඇත්තේද. සැබවින්ම ලංකාවේ තැන්න හැම කල්හි ජනාවස වී ඇත්තේ පෙර අපර දිගින් මෙහි පැමිණි ආගන්තුක අතීත මානවයන් නිසාය. එය එදා වගේම මෑතද එක වගේ සිදුවන දෙයකි. එසේ නම් ගම් වැසියා වන වැසියා ලෙස අමුතු මිනිසා ගෙවු දිවිය මෙරට පදනම වි ඇත්තේද. මේ සියල්ල මේ වන විට ලෝක මට්ටමේ දාර්ශනික ප‍්‍රශ්ණයක් වී ඇත. ඒ ලෝකයේ සියළු අතීත මානවයන්ගෙන් ලක්දිව මිනිසා ”අමුතු මිනිසා” වූයේ කොහොමද කියාය. මේ පැනයට උත්තර සොයන විට ලක්දිව නූතනයන්ට ගැඹුරු උත්තරයක් නිරායාසයෙන් ලැබේ. ඒ ලක්වැසියන් වෙනස් බවත් ජානමය වශයෙන් අමුතු බවත්ය.
සුජිත් අක්කරවත්ත
Thursday, February 19, 2015
බුද්ධ මිත‍්‍ර කුමාරයා
කි‍්‍ර:ව 1868 අවුරුද්දය. ඒ අවුරුද්දේ දුරුතු මහේ දවසකි. කෑගල්ල දිස්ති‍්‍රක්කය වෙන් වන්නේ එදාය. එදාම කෑගල්ලට අලූත් දිස්ති‍්‍රක් විනිශ්චයකාර පදවියක්ද ඇති වූයේය. ඒ අලූත් පදවිය හිමි වන්නේ ‘‘හැරී චාල්ස් පර්විස් බෙල්’’ මහතාටය. ඔහු තෙමේ පදවිය ගත් දාම වට්ටාරම පන්සලට ගොඩ වැදී එහි ‘‘නදුන් මණ්ඩපය’’ දැක බලා ගත්තේය. ලක් කතාවත අලූත් ගමනක් අරඔන සුභ දැක්ම වන්නේ එදාය. වට්ටාරම රාජ මහා විහාරයේ නදුන් මණ්ඩපය හි තැන්පත් වී තිබුණු ඓතිහාසික ලියවිල්ල අතට ගත් විනිසුරුතුමා එහි අතීත පවත දැන ගත්විට මවිත වන්නේය. ඒ ඉතිහාස පවත නම් ‘‘වට්ටාරම අස්න’’ ය . වට්ටාරම අස්න දෝතට ගත් හැරී චාල්ස් පර්විස් බෙල් ලංකාවේ පුරාවිද්‍යාව කෑගල්ලෙන් පටන් ගත්තේ එදාය.
වට්ටාරම අස්න සොයා ගන්නට වන වැදුණු බෙල් ශි‍්‍රමතාණන්ට ‘‘බුද්ධ මිත‍්‍ර කුමරයා’’ හමුවන්නේ මල් වැස්සා වෙහරට ගිය මල් වැහි වහින හිරි පොද වැස්සේදීය. ඔහු ඒ අමුතු දසුනින් වශීකෘතව ඇලී ගැලී එහි දැහැන් ගතව බලා හිදියේය. සුද්දා මැණීකේ මළුව අමදින ආල ලාලිත වැසි පියවර බෙල් තුල ඇති කලේ සංයමය හා බැදුණු ලාලිත ලෝලිත ශාස්ත‍්‍ර හැගීමකි. සුද්දා මැණිකේ ‘‘මල් වැස්සා රජ මහ වෙහෙර’’ට ශී‍්‍ර මහ බෝධියෙන් අංකුර අෂ්ඨ පැලය වැඩිය හැටි කියා දුන්නේය. හීන කථාවක් නොව ඒ සුරංගනා කතාවක්ද නොව පණ ගැසෙන අතීත පුරාවෘතය ජීවමාන ජාන ආත්මයක ගලා යාමකි. සුද්දා මැණීකේ හද පවත සනහා ගැයූ බෝධි පද කවිය හැරී චාල්ස් පර්විස් බෙල් තුල මනමත් පුරාවිද්‍යා ආලයත් ඇති කරන්නේය. ඇගේ පුරාවෘත කවි ගෙත්තමින් හමු වූ ‘‘බුද්ධ මිත‍්‍ර කුමරයා’’ සොයා ගන්නට බෙල් යලිත් වට්ටාරම පන්සලේ ‘‘නදුන් මණ්ඩපය’’ පැදකුණු කරන්නේය. බරට බැදුණු පුස්කොල මිටි මැදින් ඔහුට ‘‘බෝධිවංශය’’ හමුවන්නේය. ඒ ග‍්‍රන්ථ රත්නය මැද තිබුණු දුර්වර්ණ පුස්කොළයකි. එය වට්ටාරම පන්සලේ නායක හිමියන් තබා වට්ටාරමෙ කෑගල්ලේ කවුරුත් මෙතුවක් නොදැක තිබූ පුස්කොළ ලියවිල්ලකි. ලියවිල්ල ලියා තිබුණේ දඹදෙණි සමයේය. ලියවිල්ලට පාදක වී තිබුණේ මැද අනුරාධපුර සමයේ කථාවකි. ඒ කථාව නිසා ගල්බොඩ කෝරළය ගම්වර වූ හැටි ලියැවිල්ලේ රාජ අණය. විනිසුරුකම විහිළුවක් බවත් පුරාවිද්‍යාව ජීවිතය බවටත් බෙල් ශී‍්‍රමතාණන් සිතා ගන්නේ එදාය. නීතියට වඩා ඉතිහාසය සොදුරු සුන්දර ජීවිත සුසුමක් කර ගන්නට මේ සුදු පුත‍්‍රයා සිතා ගත්තේය. ඉතින් ඔහු තෙමේ සියල්ල අත්හැර කෑගල්ලටම ජීවිතය දන් දුන්නේය. ඒ දන් දුන් ජීවිතය නිසා ලක්දිවට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවක් ඇති වූයේය. එතැනින් බිමට වැටි වල් වැදී තිබූ සිංහල සිරිත අබිමන, දිග පළල හා මවිතයෙන් පුදුමයෙන් යලි උදාන වන්නට පටන් ගත්තේය.
තර්ක මිසක සංවේදනා නැති කුතර්ක නීති විශාරද බව මිනිසත්කම නසන වියළි ඉඩෝරයක් බැව් ඔහුට දැනේ. ඔහු මිනිසත්කමෙන් සොබා දහමෙන් මුසු විසිතුරුව දුටු සිංහලේ උදාන යුග සොයා යෑමේ අතීතා ගමනයට පා නගන්නේ මෙහෙමය. මහ බි‍්‍රතාන්‍යයේ උතුරු වෙල්සයෙන් ලක්දිව කෑගල්ලට තමා කැදවූ දෛවය කුමක් දැයි සිතුවේය. කළු කබායත් නීති පුස්තකත් පසෙක තැබූ ඔහුගේ පළමු වෑයම කෑගල්ලට උපත දුන් මිනිසා සොයා යාමය. එබැවින් ‘‘බුද්ධ මිත‍්‍ර කුමාරයා’’ සොයා ගැනීමට නම් පාලි බසත්, සිංහළ බසත්, සකු බසත් යන තුනම ඉගෙන ගත යුතු විය. ඉතින් ඉංගී‍්‍රසි,ගී‍්‍රක,ලතින් ප‍්‍රංශ හා ජර්මන් භාෂා විශාරද මේ මිනිසා සිංහලත්, පාලිත්, සකුවත් ජිවිත පොතේ ජිවිතය කර ගත්තේය. ඔහු පණ ලැබුවේය. කි‍්‍ර:පු 306 උදුවප් මහේ පුන් පොහොදා සිරි ලක සැපත් බුද්ධ මිත‍්‍ර කුමාරයා ඔහුට හමු වන්නේ සිංහළයන්ගේ අතීත පද වාර්තා මැදිනි. පෙලින් පෙළ පද කියවන ඔහු ඒ හා බැදී ඇති ගම් සොයා ගෙන කෑගළු පූරාවෘතය අසමින් ගමින් ගමට ඇවිද ගියේය. ගම් මැද්දේ කදු මැද්දේ ගොවි ගෙවල් ,දිසා ගෙවල්, ආරච්චි ගෙවල් වගේම ආවාස ගෙවල්වල ජීවිතය ඉව කරමින් සොයා යන්නට විය. ඒසේ යමින් කෑගල්ලට උපත දුන් පණ දුන් ‘‘බුද්ධ මිත‍්‍ර කුමාරයා’’ සොයා ගත්තේය. ගැමි කථා රජ කථා වගේම උපමා උපමේය ගී ,ජන කවි, සැළලි ,අස්න, අතර මැද හැම තැනම සිටි බුද්්ධ මිත‍්‍ර කුමරු හමු වන්නේය. කි‍්‍ර:පූ 306 දී බුද්ධ මිත‍්‍ර කුමාරයා සිරි ලකට සැපත් වන්නේය. ඒ තම සොයුරු සමුද්‍ර ගුප්ත සමගය. සමුද්‍ර ගුප්ත , ගුප්ත රාජධාණියේ කිරුළ හිමි කුමාරුය. නමුත් රජ කම අතහැර මහ බෝධීය රකින සිංහළ ජාතිය සුරකින්න ඔහු සිරි ලකට එන්නේය. අයියා රජ කම අතහැර දැමූ ඒ අසිරිමත් රුක් රජාණන් වෙනුවෙන් මල්ලී බුද්ධ මිත‍්‍රද රජ කම අතහැර සිරි ලකට එන්නේ ඒ අනුවය. ගසක් නිසා රජ කම අතහැරු මිනිසෙක් ලොවේ ඇත්නම් ඒ මේ අයියා මළෝය. හැරී චාල්ස් පර්විස් බෙල්ගේ ජිවිතය වෙනස් වන්නේ මේ කථාව නිසාය. දිස්ති‍්‍රක් විනිශ්යකාර ධුරය අතහැර ඉතිහාසය ජිවිතය වූයේ මේ අදහා ගත නොහැකි ඉතිහාස කුමරා නිසාය. අධිරා්‍යවාදීන් ලෙස ඉංගි‍්‍රසීන් සිංහලයන්ගෙන් අපහස විදිද්දී, බෙල් උපහාර ලබන්ගේ ඒකය. එත් කථාව දුකක් වන්නේ බෙල් ගැන සිංහලයන් දන්නේ මොනවාදැයි සිතුණු විටය. තමන්ට හිමි වූ නිතීය එපා වී ඉතිහාසය ජිවිතය කළ මිනිසා සොයාගෙන යන්න ඔහු ඇරඹූ ගමන මුළු ලක් ඉතිහාසයම ගොඩ නැ`ගු ගමන වූයේය. ඒ ගමනින් ගමනක් හදා ගන්න ලක්දිවට යලිත් හැකි වන්නේ ඒකය. එත් ගමන අතර මැද දී ඇද වැටන්නේ හැරි චාල්ස් පර්විස් බෙල් වගේම ඔහුට සිරිලක් බිම මව්බිම තරම් උතුම් කළ බුද්ධ මිත‍්‍ර කුමරුත් අමතක කර ගත් ඉතිහාස බමුණන් නිසාය. බමුණෝ කවදත් ලාභ ලැබීමත් සත්‍ය යටපත් කිරීම ජිවිතය කර ගත් ඇත්තෝය. මෙකළ ලංකවේ ඉතිහාසය ද බමුණන් අතට ගත් ලාභ භණ්ඩයක් සේ විකිනේන්නේය. බුද්ධ මිත‍්‍ර කුමරුගෙත් ශි‍්‍රමත් බෙල් වෙතද සිතුවිළි උදානක් උවමනා එබැවිණි. මන්ද ‘‘බුද්ධ මිත‍්‍ර කුමරු’’ භාරතය අතහැර සිරිලක ජිවිත දුන්නේය. හැරි චාල්ස් පර්විස් බෙල් බි‍්‍රතාන්‍ය අතහැර සිරිලකට ජිවිත දුන්නේය. මෙවන් ජිවිත පුද දුන් මිනිස්කමට කමටහනක් සිංහළයන්ට නැත්තේ මන්ද?.
සූජිත් අක්කරවත්ත
Sunday, February 15, 2015
වහලතන්ත‍්‍රි
සිහිනයක් තරම් ජිවිතය තීරණය කරන වෙනත් හැගීමක් ගැන කිව නොහැකිය. කි‍්‍ර:ව 1527 දී කෝට්ටේ රාජ නුවර වැසි අන්තිම සිංහලයාන් අතලොස්ස හමුවේ වූයේ සිහිනයකි. ඒ කවදා හෝ යලි නිදහස් වී රජ නුවර සිරි පුරන හැටියය. ඒ සිහිනය හිතේ දරා ගෙන කෝට්ටේ අතහැර ගාල්ලට සෙන්දු වන වහලතන්ත‍්‍රි පරපුර නවාතැන් ගන්නේ උණවටුනේය. බරන්තෝ වහලතන්ත‍්‍රි උණවටුනට පලා එන්නේ යලි කෝට්ටේ රජ නුවර ගොඩ නැගෙන බව කියමිණි. වහලතන්ති‍්‍රවරු ශී‍්‍ර ජයවර්ධනපුරය ගොඩනැගූ විට එහි ගෘහ නිර්මාපකයන්ය. වෙසෙසින්ම අලකේශවර ප‍්‍රභු රාජයාද වීදාගම මෛතී‍්‍ර මහතෙරිදු අතර මැද සිටිමින් ජයවර්ධනපුර රාජ විභුතිමත් කිරීමට උරදුන්නේය. ඔහුහු රාජ උරුමයට නෑකමක් පෙන්වන්නේ ‘‘විසිදා කුමරිහාමි’’ නිසාය. ඈ තෙමේ ඒ දණ්ඩුවේ වහලතන්තී‍්‍ර සමග හද ගන්න අනිමයම් පේ‍්‍රමය නිසා වහලතන්ත‍්‍රිවරුන්ට රාජ නෑ කමක් බැන්දෙන්ය. පිසිදා කුමාරිහාමි වූ කලී වීදිය බණඩාරගේ දෙවන බිසෝ වූ ටිකිරි බිසෝගේ දුවනියය. කොහොම උනත් විසිදා කුමාරිහාමි ඒදණ්ඩුවේ වහලතන්ත‍්‍රිරි දාව බිහි කරන බරන්තෝ වහලතන්ති‍්‍ර පරපුරේ ඊලග පුරුක වන්නේ මේ විලසින්ය. බරන්තෝ බුදු දහම අතහැර කිතුනු සමයට බැදෙන්නේ ගැති බවට නොව තම සිහිනයට බව පෙනෙන්නේ බරන්තෝ පෘතුගි‍්‍රසී අතහැර උණවටුනට ආ හැටියටය.
සුජිත් අක්කරවත්ත
Friday, February 6, 2015
කපිතාන් හොග්
භාරතය තේරුම් ගැනීමට පුරා විද්‍යාවේ සරණ යන්නට ඉංගී‍්‍රසී අධිරාජ්‍යවාදය තීරණය කරන්නේ කි‍්‍ර:ව 1842 දීය. එත් ඒ සදහා නිල මෙහෙයුම ඇරඹෙන්නේ කි‍්‍ර:ව 1861 දීය. ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒ සමග පිහිටු වන්නේය. ඒත් වැඩි දුර යන්නට මත්තෙන් භාරතය සොයා යාම අසරණ වේ. ඒ භාරතය සොයා යන්නට නම් සිංහලය සොයා ගත යුතුව තිබූ බැවිණි. මේ ගැන කදීම සිතුවිලි සරණයක් ශි‍්‍රමත් කනිංහැම් හා ලක්දිව ආණ්ඩුකාර හර්කියුලස් රොබින්සන් අතර සිදු වී තිබුනි. ඉතිහාසය ගැන ලියන ඇත්තන් කියවිය යුතු මේ හෘද පේ‍්‍රමයේ මිතුරු ලිපි වැල පෙරට ගත යුත්තේ ඒකය. ඒත් සුද්දා පරයා.... ඌ අපිව කෑවා..... අපේ උරුමයට ගිනි තිබ්බා.... වගේ මෝඩ සිතුවිළි තාම හිතේ දවටාගෙන ඉතිහාසය ගැන ලියන කියන උදවිය මෙවා හංගාගෙන ඇත්තේය. නැත්තම් දන්නේම නැත්තේය. නොදන්න උන්ට ඉතිහාසය භාරදීම ලක් රජයට පුරුදු වී ඇති ලෙඩකි. මේ ලෙඩඬේ හොදවන පාටක්ද නොපෙනේ කොහොම උනත් රටක උරුම සිරිතට පණ දීම රජයක වගේම එහි පුරවැසියාගේ ද වගකීමකි. මේ ගැන හිතා ගෙන ඉතිහාස විෂයට සිතුවිළි පතුල යා කර ගත විට බොහෝ දේ දැනේ පෙනේ.
උතුර වෙල්සයේ සිට ලක්දිව වෙල්ලස්සට ‘හොග්’ පැමිණෙන කථාව මන බදින චිත‍්‍රණයක් වැනිය. හොග්ගේ තාත්තා මහා බි‍්‍රතාන්‍ය රාජකීය යුධ හමුදාවේ නිළ ලේඛකයාය. හොග්ට අම්මෙක් නොවූනේය. ඒ අම්මා පුතුව අතහැර ගොස් සිටි නිසාය. මේ තරුණයා හර්කියුලිස්ට හමුවන්නේ උතුරු වෙල්සයේ කෑලෑ ගමකදීය. දෙදෙනා මිතුරන් ගුරු ගෝලයන්ද වන්නේය. ඒත් හර්කියුලස් රොබින්සන්ට ටික කාලයකින් රටත් මිතුරාත් අතහැර ලක්දිවට පා තබන්නට සිදුවූවාය. ඔහු ලක්දිව ආණ්ඩුකාර පදවියට පත් විට හොග් බි‍්‍රතාන්‍යය රාජකීය හමුදාවේ කපිතාන්වරයකුව සිටියේය. මහා භාරතය සොයන පුරා විද්‍යා වෑයම නතරව ඇති වග හර්කියුලස් වෙත තම මිතුරෙකු වූ කනිංහැම් ගෙන් දැන ගන්නට ලැබෙන්නේය. කනිංහැම්ට ‘මහාවංශය’ ගැන ලියා යවන්නේ හර්කියුලස්ය. කනිංහැම් වහා වහා ලක්දිවට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවක් උවමනා බැව් කියන්නේය. මහා අධිරාජනියගෙන් ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට ලංකා පොලොවේ ඇති පුරාවිද්‍යා උරුමස්ථාන ගැන ජිවමාන වර්තාවක් වහා සැපයිය යුතු වූයේය. ලංකාදීපය ගැඹුරට සොයා නොගෙන භාරතය සොයා ගත නොහැකි බවට වර්තා පලවන්නේ මේ අතර තුරය.
කපිතාන් හොග් හෙවත් ‘කපිතාන් අර්.එෆ්.හොග්’ බින්තැන්නට ඇවිත් මහියංගණ මහාසෑය තිබූ තැනින් පටන්ගෙන අනුරාධපුරයට පිවිසෙන්නේ ඒ සදහාය. සිහින කථාවක් විතරක් නොව යටගිය දවසක් සොයා ගෙන කපිතාන් හොග් ජිවිතයම අතහැර සොයා යෑමම ජිවිතය කර ගත්තේය. ඔහුගේ ගුරු මිතුරා වූ ‘හර්කියුලස් රොබින්සන්’ තම සගයාගෙන් ලැබෙන තතු විත්ති එකට අමුණා ගොතා බදින්නේය. විටක සිංහල මිහි ගැබ හා එහි ඇති අතීත කෞතුකයන් සොයා ගෙන වන වැදුනු තම සගයා ගැන මාස ගණනාවකින් ආරංචි නැත. අතරමංව සිටි හොග් මංමුලාවෙන් මිදි ආ විගස හර්කියුලිස්ට තතු දත්ත යවන්නේය. විටක දෙදෙනාම එක් වී වන වදුලූ මැදින් විරාජමානව නැගී ඇති සිංහළයන්ගේ වන්දනීය භුමි සොයා යන්නේය. ලක්දිව උරුමාතිතයට එබෙන විට මෙවන් කෞතුක කථාන්දරයන් ලියවී ඇත්තේය. ඒ ආත්මාන්දරයකිනි. මෙම ආත්මන්දරය වූ කලී මිත‍්‍රාන්දරයකි. ඒ මිත‍්‍රාන්දරය ලෝක උරුම මිතුරු සිරිතක් වන්නේ නූපන් රටක නූපන් ජාතියක උපන් සිරිතට පණදීමදට රුකුල් දුන් මිතුරු අන්දරයක් නිසාය.
කපිතාන් ආර්.එෆ්.හොග් විසින් මහියංගන මහාසෑය, රුවන්වැලි මහාසෑය, ජේතවණාරාම අභයහිරි මහා සෑ සේම අටමස්ථානයද ඒ හා බැදි ලොව්තුරු නිර්මාණයන්ද ගණනය කලේය. වන වදුලක් මැද ගහකොළ සතා සිව්පාවා විසින් සුරකින වන ගැමියන් නමදින මේ පුදුම උරුමයන් ඔහු හරියටම ගණනය කලේය. හොග් මැන බලන්නේ බිදවැටී තිබූ මහාසෑයය. පුදුමය වන්නේ ඔහු එයට දුන් වට ප‍්‍රමාණය හා උස ගනණය මහාවංශය ථුපවංශය හා මහාවංශ ටීකාව විසින් සුත‍්‍රගත කොට තිබූ ගණනයන් හා හරියටම සමාන වීමය. එය අභයගිරියට ජේතවණාරාමයටද මහියංගන මහා සෑයටද එසේම වූයේය. වඩාත් ආදරණිය ලක්වැසි මිතුරෙකු සේ කපිතාන් හොග් සදාදරණිය වන්නේය. ඒ ඔහු තම පරියේෂණ සමයේදි සෙල්ලිපි ගණනය කොට ඇති බැවිනි. පුරාතන සිංහළ අකුරු වැල කියවන්න ඔහු නොදත් අතර එය දත් අයෙකු හරියටම නොවූ සමයකි. ඒත් ඔහු හැම සේල්ළිපියකම දිග පළල වගේම එහි ඇති වදන් ගණනත් අකුරු ගණනත් මැන ගණනය කර ලියා තැබූවේය. එපමණක් නොව අකුරු නොවන සංකේත සලකුණු ද තව විටක වන ගැමියන් ඒ ගැන කියවූ අතීතාඩම්බර කථා පොකුරුද ලියා ඇත්තේය. ඉතින් කපිතාන් හොග් ගේ ලියවිල්ල නිසා මහා අධීරාජණීය සිරිලකට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව තම රජයේ වියදමින් පිහිටුවන්නේය.
ඒත් හර්කියුලස්ට වගේම හොග්ටත් අපේ ඉතිහාසයෙන් දී ඇත්තේ මොනවගේ ඉඩක් ද?. මේ වගේ වී ඇත්තේ ඇයිද?. උත්කර්ෂයෙන් උත්කර්ෂයට මෙකල අප නංවන අපේ අතීත ආඩම්බරය සොයායන මාවත සොයා දුන්නේ ඔහුනය. කි‍්‍ර:ව 1882 දී මේ දෙන්නා නැව් නැග ස්කොට්ලන්තය බලා යන්නේය. ඒත් කරුමය පූරාවිද්‍යාව යන්නෙන් අදහස් වන්නේ ගල් පිළීම සෙල්ලිපි වෙහෙර විහාර රජ ගෙවල් රන් රීදී තඹ භාණ්ඩ විතරක්ය. නැත. පූරාවිද්‍යාව යනු පුරාවිද්‍යාත්මක මිනිසුන් ගැනද සොයන විෂය ය. නූතන ලක් පුරාවිද්‍යාවට නැත්තේම පූරාවිද්‍යාත්මක මිනිසා සොයන පරියේෂනයය. ඒ නිසා මුල අග මැද පැටලී යයි. ලොවක් හමුවේ පවතින්නට වෙනත් ධනයක් නොවමනා ජාතියක් ණය බරින් මිරිකී අපිළිවලින් අප්පිරියාවට ගොස් ඇත්තේ ඒකය.
පුරාවිද්‍යාත්මක සුමිතුරන් වූ හර්කියුලිස් රොබින්සන්ද , කපිතාන් හොග්ද සොයා යන්න සිතුවේ ඒකය. ලක් පුරාවිද්‍යාවට ‘ පුරාවිද්‍යා මිනිසා’ ගැන චින්තාවක් අවැසිය. එය මාධ්‍යට කලාවට සිනමාවට විලසින්ම අධ්‍යාපනයට පිවිසිය යුතුය. එහෙම නොවූනු නිසා අපට හොග් වන් මිනිසුන් නැත. එවැනි ව්‍යායාම සහිත මිනිසුන් ඇතද නොපෙනේ. කඹුරුපිටියේ මහතෙරි`දුලාට, පරණවිතාරණලාට සහ දැරණියගලලාට පසු අප ඇවිත් නතරවී ඇත්තේ එතනය. හදකම්පා කරන මේ තැන ගැන සිතන්න සිතුවිලි හැගීම් ජනනය වේවා. සුදු සගයන් සිංහළ උදානයට ඇවිද ගිය මගම ඇවිදමින් මම දැන් සිතන්නේ ඒ ගැනය.
සුජිත් අක්කරවත්ත
Friday, December 26, 2014
නිලූපුල් විල
අලූත් රාජධානියක් සොයන්න සිදුවන්නේ තිබෙන තැන කිළිටු වූ විටය. තැනක් කිලූටු වන්නේ ක‍්‍රමයේ වරද හෝ පාලකයන්ගේ වරද නිසා හෝ සතුරු ආක‍්‍රමණයක් නිසා හෝ සොබාදහම විසින් ඇති කරන අවුල් නිසාය. ඒත් සිරිලක් රාජධානිය බොහෝ විට අගනුවර මාරු කර ඇත්තේ සතුරු වියවුල් නිසාය. ක‍්‍රමය වෙනස් කිරීමට වෙනස් කළ රාජධානිය වන්නේ අනුරාධපුරය සහ කෝට්ටේ පමණි. අනුර නුවර සොයා ගත්තේ අනුරය. පුදුමය කෝට්ටේ සොයාගත්තේද අයන්නේ අකුරින් නමක් තිබූ අලකේෂ්වරය. රටට අගනුවරක් සොයන ”සතර මහ භූ සූත‍්‍ර” භුමී ශ‍්‍රාස්ත‍්‍රය අනුව විමසන සතර විමසුමට අදාළ එක් භූ භාග්‍ය ලකුණ නම් ”පුෂ්ප විලය” ඒ කියන්නේ සොබාදහම විසින්ම බිහි කොට තිබූ ස්වභාවික විලක් මැද මල් පිපි තිබීම ඒ භූ භාග්‍යයහි ලකුණය. මේ විදිහට ගත් විට ”කකුධ විල” අනුර නුවර තිබූ පුෂ්ප විලය. මේ විල් දිය මැද පිපි තිබූ පුෂ්ප නෙලා ජය වැවට පුදා කිරුළ දැරූ පණ්ඩුකාභය නිරිදු මේ විල රැකගත්තේ ජාතික වස්තුවක් ලෙසය. පසුව ජය ශී‍්‍ර මහ බෝධිය රෝපණය කළේ මේ කකුධ විල අසබඩය. ඒ කියන්නේ ජය ශී‍්‍ර මහ බෝධින් වහන්සේට ජල පෝෂකය වූයේ මේ විල් දියය.
වීදාගම මෛතී‍්‍ර මහ තෙරිදු කෝට්ටේ ශී‍්‍ර ජයවර්ධනපුර විමසන විට හමුවන්නේ නිලූපුල් විලකි. මේ නිලූපුල් විල වසර හයසීයයක් ගෙවී ඒ තිබූ තැනම අදත් තිබෙන්නේය. කෝට්ටේ ජයවර්ධනපුරයට අගනුවර නැවත රැුගෙන ජයවර්ධන ශී‍්‍රමතාණන් රාජ්‍ය නායක පදවි ලැබීය. එතුමාණන් මේ විල ගැන රහසිගත පුවත සනාථ කරගත්තේ කෝට්ටේ අතීත පුවත ගැන පූර්ණ පර්යේෂකයෙකු වූ ඉතිහාසඥ ඞී.ඩබ්.වික‍්‍රමආරච්චිගෙනි. විල ගැන පුවත් තැනින් තැන ලියවී තිබූ තතු විත්ති වලින් ද සනාථ වන්නේය. පසුව ඔබේසේකර වෙද මුදලිතුමා මෑත කාලීන පර්යේෂකයා වන්නේය. පසුව මේ විලහි මතු පැවැත්ම රැුක ගැනීමට කෝට්ටේ නිලූපුල් විල ඇති භූමී භාග්‍යම තමන් සතු කරගන්නේ ඉංගී‍්‍රසි ආණ්ඩුවට මුදල් ගෙවා දමමිනි. මේ නිල්මල් විල ගැන අතරින් පතර තතු කෝට්ටේ යුගයේ ලියවී ඇති බොහෝ තතු අතර වේ. ඒ වගේම දියවන්නා දියත්ත සමග ද යමින් බැ`දී ඇති මේ විල රැකගැනීම සෑම රජ දරුවෙකුගේම රාජ රහසක්ද වුයේය. මෑත කාලීනව ඒ සදහා කැප වූයේ ජයවර්ධන ජනාධිපතිවරයාය. සැබැවින්ම ලක්දිව නූතන රාජ දේශපාලනය ප‍්‍රධාන දහරා දෙකට බෙදී පවති. ඒ ස
ඉතින් නිලූපුල් විල ගැන ගෙතී ඇති කතා සියල්ල එකට ගොතා කියවා බැලූ විට බොහෝ දේ දැකිය හැකිය. ඒ දැක්ම ඉතිහාසය ගැන මෙලෝ හසරක් නොදන්නා හැමටම වටහා ගත හැක්කේ මේ මොහොතේ සිදු වී ඇති දේ අනුවය. නිලූපුල් විලේ නිල් නෙළුම භූමි භාග්‍යයක් සේ සලකා ගෙන පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමය වෙනස් කර පාර්ලිමේන්තුව කෝට්ටේට ගෙන ආවේය. එදා පටන් යලිත් බලය පාර්ලිමේන්තුවට උවමනා බවට පැතිරුණ මතයට ජය ගෙන එන්නට පැවරුනේ නූතන ලංකාවේ නිල්පුල් පාට දේශපාලන දහරාවට ය. පුදුමය බැරිම තැනදී කොළපාට දේශපාලනය ඇරඹු ක‍්‍රමයේම වෙනසට, ඔවුන්ම නිල්පාට දහරාවේම
නායකයෙකු ගෙනවිත් ඇති සැටිය. මේ කෝට්ටේ නිලූපුල් විලට බැදී ඇති භූ භාග්‍යයහි ඓතිහාසික ඇත්තය. ඉතිහාසය, විසිතුරු පුදුමයන්, මවිතයන් හා නොපෙනෙන සත්‍යයන් ඓතිහාසිකව ගලාගෙන එන සැටියය. ඒ සැටිය මේ මොහොතේද පෙනේ. පිලකට ගොස් බලය ලබා ගත යුතුය. ඒත් ඉතිහාසය වටහා ගන්න පිලක් නොව ඕනෑ පලල් හිතකි. මේ නිල් මල් විල ගැන ලියුවේ ඒකය.
Saturday, November 15, 2014
ඉත්තෑපානේ මහ තෙරිඳු
ක‍්‍රි.ව. 1412 දි කෝට්ටේ රාජධානිය බිහි වන්නේ විද්වත් පාණ්ඩිත්‍යයෙන් අනූන මහ තෙර පරපුරක ආසිරි බල මහිමයද සමගිනි. එතැන් පටන් කෝට්ටේ ඔස්සේ විහිද පැතිර ගිය ලක් සසුන් කතාවත දිගුය. ප‍්‍රභාෂ්වරය. දෑ අභිමන් මැවූ සීල සුගන්ධයෙන් පිරිපුන් ප‍්‍රඥා ප‍්‍රභා පැවිදි දිවි සිරිතෙන් සුසැදි ජාතික අන්දරයක්ම බඳුමය. සතුරු අතවර මැද සසුන බිඳ වැටී යළි උදා වූ පසු මහා විහාරවංශයෙන් උදාන වන කෝට්ටේ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාව මෙරට යති සසුන දිදුළවන්නේ විද්වත් පාණ්ඩිත්‍යයෙන් සරු මහ තෙර පරපුරක්ම ජාතියට දායාද කරමිනි. ඒ නිසා සියම් මහ නිකායේ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාව වූ කලී මහාසාර පැවිදි පඩිවර සිරිත්වලින් ශෝභමාන මහා සඟ ගණය සේ විරාජමානය. ඒ අතීත සංඥා අරුත යළිත් පසක් කරමින් එකී සංඝ සභාවේ අභිනව මහ නායක ධූරිණ වී පරම පූජනීය ආචාර්ය ඉත්තෑපානේ ධර්මාලංකාරාභිධාන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහ නායක පදවි ප‍්‍රාප්තව ඇත්තේය.
මතක පොත දිග හැරේ. මගේ සිත අදින් විසි හත් වසරක් ඈතට දුවයි. සුහුඹුල් යෞවනය එළිපත්ත මුලදී මේ මහ තෙර සිරිත හමු වන්නේය. ඒ එකල දුටු සැණින් මම වශීකෘත වීමි. එය උන් වහන්සේගේ පසඟ පෞරුෂයටය. පුරුෂ උදාරත්වයට කා වැදී තිබූ පරම නිහතමානී මුදිතාව දැක මම දැහැන්ගත වීමි. සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ රෝහණයේ මහ තෙරව වැඩ විසූ පුරාවිදු සක්විති මහාචාර්ය පූජනීය කඹුරුපිටියේ වනරතන මහ නායක මහ තෙරිඳු සමීපයෙහි මට ඉත්තෑපානේ මහ තෙරිඳු මුලින්ම හමු විය. ඒ දවස මතක පොතින් මෙනෙහි කළ විට මේ සඟ සිරිත එතැන් පටන් ගෙවුනු හැම කාලයකම හමු වූ බව සිහි වේ. විටක ජාතික සටන් බිමේදීය. තව විටෙක සාර සුභා ශාස්ත‍්‍ර හැන්දෑ යාමයන් අතර මැදදීය. නොවේ නම් එළඹ නොගත් අහඹු මුණ ගැසීම්ය. තවත් විටෙක ශාසනික වත් පිළිවෙත් අතරය. රට විපතේ හෙළුණු අනූව දශකයේ මැද භාගයේදී ‘‘ජාතික සංඝ සභාව’’ සෙවණේදී මට යළිත් පූජනීය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ තෙරිඳු හමු වේ. ඒ සමයේ මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘‘පැවිදි මිණි පහන් ’’ නමින් විරචිත කෘතිය ගැටවර සිත සසුන් සිරිත යා කර තිබුණි. මහ තෙරිඳු ධම්මාලංකාර සමිඳු විප්ලවීය සුගන්ධයක් වන්නේ ‘‘මල් පැලේ උපන් පන්සලේ පියතුමා’’ රචනා කොට එළි දැක්වූ විටය. සිත අළුත් හැඟුමන් පිරවූ ඒ පොත ශාස්ත‍්‍ර ලෝලීත්වයට කදිම රස උපදවන ගද්‍ය අපදානයක් වූයේය. ජයකොඩි පිය සමිඳු ගැන අප සිත් තුළ ඉපදී තිබූ ගෞරවනීය පේ‍්‍රමයට මහ තෙරිඳු ධම්මාලංකාර සමිඳු නව ඇසක් පෑදුවේ මේ පොතිනි. පන්සලටත් පල්ලියටත් ගමනක් ඇතැයි දැනුනු අතර, සැබවින්ම පසුව සිංහල කිතු සසුනේ ජාතික රිද්මය වූ ‘‘කිතු දන පුබුදුව’’ හි මතවාදී අවේෂය බවට ද මේ පොත පත්වූ බව දනිමි. එය ජාතික ව්‍යාපාරයේ ගැටවර සටන්කාමීත්වය ඔද වැඩූ බව කිව යුතුය.
පරම පූජනීය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනායක හිමිපාණන් වහන්සේ චිරන්තන ශාස්ත‍්‍ර සම්ප‍්‍රදායේද චිරාතගත පඩිවර ආරෙන්ද නවීකාරක අධ්‍යාපනයේද කදිම මුසුවකි. අනෙක උන් වහන්සේගේ පූර්වගාමී මහ තෙර පරපුරම ලක් සසුන පොබ කළ චිරාගත මහ පඬිවරුන් වහන්සේලා වේ. අන් අතකින් ඉත්තෑපානේ මහ තෙරිඳු කෝට්ටේ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක ධූරන්ධර වූ පළමු මහජනවාදී භික්‍ෂුව යැයි මම සිතමි. ඒ වගේම ජාතික සටන් භූමියෙන් මහ තෙර පදවි ප‍්‍රාප්ත මම දන්නා නූනත ලක් සසුනේ තෙවන භික්‍ෂූන් වහන්සේ ලෙසද උන් වහන්සේ කැපී පෙනේ. කෝට්ටේ සඟ ගණය හෙබ වූ අන් සියලූ මහ නායක තෙරවරුන්ට වඩා මහ තෙරිඳු ඉත්තෑපානේ මහජනවාදී තෙර නමක් වන්නේ උන් වහන්සේ මහජනවාදීව පොදු ජන කරණයට ලක්ව දිවි සිරිත ගෙවූ සහ ගෙවන නිසාය. එමෙන්ම මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුවිශේෂීය. ඒ මෙරට බහුජන සමාජයෙහි සෑම මං පෙතකම වැඩ වසමින් හොඳින්ම පරිණතව අසූවියට එළඹි සැනින් මහනායක පදවි ප‍්‍රාප්ත වී ඇති බැවිනි. ඒ වගේම ජාතික සටන් බිමට නායකත්වය දී වැඩ සිට මහනායක පදවි ලැබූ ප‍්‍රථමයා වන්නේ මඩිහේ මහ තෙරි`දුය. දෙවනුව බලංගොඩ මහ තෙරි`දුය. මඩිහේ මහ තෙරි`දු මෙම පදවි ධූරන්දර වන්නේ සතලිස් වියැති යෞවනයේය. බලංගොඩ තෙරිඳු සැට දෙවෙනි මැදි වියේදීය. ඒත් ඉත්තෑපානේ් මහ තෙරිඳු අසූ වියැති ජීවිත දිවි මග මහ ගිරි සිරසේදීය. වෙනස සහ බලාපොරොත්තුව රැුඳී ඇත්තේ මෙතැනය. ලක් සසුනම ශීල, ඥාන, තපෝවෘද මහ තෙර පහසක් පතන සමයක ඒ ගුණ මාවතට ප‍්‍රාර්ථනාවක් වැඩම කර ඇත්තේය. අසූ වියට එළඹ මහ නායක පදවි ධූරිණව ඇත්තේ තවමත් පසඟ පෞරුෂයෙන් පනස් වියවත් නොපෙනෙන කඩිසර අබල දුබල නොවූ මනා නුවණින් හා සිහියෙන්ද, පරිකල්පනයෙන්ද උජ්ලිත වූ සමාජමානී සමාජගාමී සජීවී සිරිතකි. ඉතින් අපේ මහනායක හාමුදුරුවන් වහන්සේ මත සමාජ ප‍්‍රාර්ථනා ගොඩකි. සබුද්ධික මහ සඟුන් වහන්සේලා සමුදායක් සපිරි විනීත සංවර සඟ ගණයට සසුන් භාර ධාරීන් වහන්සේ වූ උන් වහන්සේගෙන් ජාතිය පින්සාර ප‍්‍රාර්ථනා පුරමින් සිටින්නේය. සසරේ පිරූ පිං මහිමයක් නිසාදෝ සුහුඹුල් යෞවනයේ සිට මේ භද්‍ර යෞවනය දක්වා ඉත්තෑපානේ මහ තෙරිඳු සමග සමීප බැඳීමක් හා ඇසුරක් ලබන්න වාසනා මහිම ලදිමි. සටන් අත් හැර පසන් සිතින් ප‍්‍රඥා දැක්මෙන් ජාතික සාසනික මෙහෙවරකට ගොමු ගත විය හැකි සසුන් භාරධාරීන් වහන්සේ නමක පත්වීමේ ධර්මානන්දය වින්දනය කරමි. එමෙන්ම මහ තෙර නමකසේ ජාතියද සසුන ද මෙහෙයවීමට නම් මෙරට ඉතිහාසය, සසුන, සමාජය හා දේශපාලනයද මනා කොට වටහා ගත් එහි ඇලී ගැලී රැුවටී කිළුටු නොවන මහ සිරිතක් විය යුතුය. අපේ මහ නායක හිමි පාණන් මේ සියලූ සුදුසුකම් මැනවින් සපුරා ඇති විට දුර්දාන්ත සමයක සහන් එළියක් දක්නෙමි. ජාතිකවාදය, ධනවාදය, මාක්ස්වාදය, ලිබරල්වාදය සහ සමාජවාදය යන මේ කොයි අරුතත් මැනවින් දැනගත් භික්‍ෂූන් වහන්සේ නමක සේ අපේ මහ නායක හාමුදුරුවන් වැදගත් වේ. එමෙන්ම සිරිලක් පොදු ජන සම්ප‍්‍රදායද අපරදිග ජන සම්ප‍්‍රදායද දිවි ගෙවා තුමුම අවබෝධ කර ගත් ඥාන අවබෝධයක් අත්දැකීමෙන් උන් වහන්සේ සතුය. මේ සියල්ල මැද අපූරුව සුමට මුදු ගුණ වෑහෙන ව්‍යක්ත නිර්මාණශීලි භාෂාවකින්ද ශාස්තී‍්‍රය ගැඹුරින් පේ කර ගත් භාෂාවකින්ද හෙබි පන්හි`දක් අපේ මහනායක හිමිපාණන්ට තිබීමය. සැබවින්ම ‘‘බුදු බව පතන බලංගොඩ ආනන්ද මෛත‍්‍රී හාමුදුරුවෝ’’ නමින් උන් වහන්සේ ලියා පළ කළ පොත තරම් සඟ සිරිත ජන සිරිතක් කළ පොතක් මේ ලක ඇත්තේම නැත. පොත හුදියාගේ සිට උගතා දක්වා අත් පොතක් වී නැවත සඟ අපදාන රචනයට මාවත විවර කර තැබූ කෘතිය වී ඇත්තේ ඒකය.
මේ සියල්ල මැද කතාවක් විය යුතු ගැඹුරු කරුණකි. ඒ කෝට්ටේ කල්‍යාණ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායකව වැඩ විසූ නොබෝදා අපවත් වූ පරම පූජනීය අග්ග මහා පණ්ඩිත බෙල්ලන ශ‍්‍රී ඥාන විමල මහනායක හිමිපාණන් දිවිමන්ව වැඩ සිටියදී කළ කාර්යය. එනම් ඉත්තෑපානේ මහ තෙරිඳු වැඩ බලන මහ නායක සේ පූජිත කොට උන් වහන්සේ මතු සසුන් භාරධාරීන් වහන්සේ සේ අභිිධාන කිරීමය. මේ ගැඹුරු අරුත පෑ¥ සසුන් චාරිත‍්‍රයකි. එය ගුරු දේව මහ තෙර සිරිතක දුර දැක්මද සියල්ල අත් හල හැකි පරම නිවනෙහි අරුත් මාවත පෙන්වූ දුර්ලභ චරිත සිරිතකි. මේ සියල්ල පෙන්වා දී ඇත්තේ කෝට්ටේ කල්‍යාණ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහ නායක පරම පූජනීය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාරභිධාන යති සිරිතේ තීරක සම්ප‍්‍රාප්තියෙහි ජාතික අරුතය.
චරිතයක් සිිරිතක් වන්නේ පදවිය නිසා නම් නොවේ. පදවිය පවා බැබලවිය හැකි සිරිතක් පදවියකට පත්වීම සිරිතත් පදවියත් රටත් දැයත් සමයත් ලබන විපුලත්වයය. එබැවින් ඉත්තෑපානේ යති සිරිත වූ කලි සිරිතක් වී පදවි ප‍්‍රාප්ත පදවියකි. සුපේක්‍ෂලශීලීත්වය හා විනීත සටන් කාමීත්වය ද සංවර දුර දක්නා බවද කැටි වූ නායක හිමිපාණන් වහන්සේ විප්ලවීයද වූ චරිත සිරිතකි. ගෙවී ගිය දශක ගණනාවකදී උන් වහන්සේ මෙරට බුද්ධිමය ශාස්ත‍්‍ර වාද විවාද පොහොසත්් කරනුයේ ඒ බව විද්‍යාමාන කරමිනි. එමෙන්ම ජාතික විපත් අභිමුව පෑ විනීත විචක්‍ෂණ නායකත්වය පෙළහැර පෑ පරමාදර්ශයක්ම බඳුය. එමෙන්ම සියලූ ආගමික නායකයන් සමග සමීපවද ගෞරවනීවද සහෝදරත්වයෙන් බැඳී සිටින්නට ඉත්තෑපානේ මහ තෙරිඳු පා ඇති සමත්කම ජාතික අරමුණ, ජාතික රාජ්‍යයට අවශ්‍යම අධ්‍යාත්මික නායකත්වයක සඵලතාවය. වියතෙකු වූ මහ තෙර නමකට ජනතා රුචිය වඩන ලෙස හා ජන හද මනස බැඳෙන ලෙස ධර්ම දේශනා පැවැත්විය හැකි නම් ඒ හුදී දනන් ලබන පිනකි. මහ නායක හිමිපාණන් ඒ අරුතින්ද වටින්නේය.
රට තීරණාත්මක අර්බුද මොහොතකට වැටී ඇති අගාධය අභියස මහනායක හිමිපාණන් මහනායක ධූරන්දර වී ඇත. සසුන විලෝපනයකට ගොදුරුව ප‍්‍රඥා ධර්ම පූර්ණ භික්‍ෂූ පතිරූප ඇවැසි මොහොතක උන් වහන්සේ සිරිලක නාගරික සඟ ගණයෙහි අධීක්‍ෂවරයාණන් වී තිබේ. මේ සියල්ල එක් ඓතිහාසික ගලායෑමකි. තම අසූ වන ජන්ම දිනය එළඹි විටම ස්වකීය පැවිදි දිවි මග ඇරඹි නිකායෙහි මහ නායක ධූරයට වරම් ලැබී ඇත්තේ උන් වහන්සේගේ අවබෝධගාමී සංසාරික කාල සටහනකට අනුව යැයි මම සිතමි. ස්වකීය සඟ පරපුරේ පූර්ව ගාමීන්ට යුක්තිය හා ගරුත්වය ඉටු කළ හැකි තරම් පැණසර මහ තෙර නමක් සේ ඉත්තෑපානේ මහ තෙරිඳු පදවි උදානය අප වෙත ප‍්‍රහර්ෂය ළඟා කර ඇත්තේ එබැවිනි. ඒ වගේම ඉත්තෑපානේ මහ තෙරිඳුට මහ නායකව වැඩ වසන්නට සිදුව ඇත්තේ උන් වහන්සේගේ පූර්වගාමී ගුරු දේව පරපුරට වෙනස් සමාජ වටපිටාවකය. නමුත් වෙනස්වීමත් වෙනස් වන අයුරු හා වෙනස්වීම ධර්මතාවය බවත් පුරුදු පුහුණු කළ ධර්ම දැක්මෙන් පේ කළ, එය ජීවිත අභ්‍යාසයෙන් වටහා ගත් භික්‍ෂුවක් වූ මහ තෙර නමට මේ වෙනස් වටපිටාවට සුගති ධර්ම මාවත පෙන්විය හැකි යැයි සිතමි. අතෝරක් නැති විලම්බීත හා ආටෝප සාටෝප හා හිස් පුස් ව්‍යාජ රැුළි මාලාවකින් ගැවසී ගත් ලක් බුදු සසුන ධර්ම ප‍්‍රඥාවෙන් ශෝධනය කරන මග මාවතක් ඉත්තෑපානේ ධම්මාලංකාර තෙරිඳු ආගමනයෙන් සිදු වෙතැයි සිතමි. එම ප‍්‍රාර්ථනය පැතුමක් තරමට මහා සාරවී ඇත්තේ පරිනත පළපුරුද්දකින් මතු වූ උන් වහන්සේගේ ආගමනය සමගය. මේ සමග එක් ඓතිහාසික ආඥාවක් හැබෑ වී නූතනය තුළ යළිත් රෝපනය වී ඇත. ඒ කෝට්ටේ රාජධානිය බිහි වූ දා පටන් ඒ රාජධානියට මතය හා දිරිය සැපයූ රයිගම් පුත‍්‍රයන් අභිධාන වන සැටිය. පළමු කෝට්ටේ යුගයේ සිදුවූ ඒ දේ මේ දෙවන කෝට්ටේ යුගයේද සිදු වී ඇත්තේය. රයිගම් පුත‍්‍රයෙක්ම අභිෂේක ලබා යළිත් කෝට්ටේ සග සසුනේ භාරධාරීන් වහන්සේ වී ඇත. රයිගම් පුත‍්‍ර ඉත්තෑපානේ මහ තෙරිඳු කෝට්ටේ සංඝ සභාවේ නායකත්වයට වැඩම කර ඇත්තේ ඒ ඉතිහාසාගමනින් බව කිව යුතුය. එබැවින් පෙර රයිගම් පුත‍්‍ර සඟ පරම්පරාව සේම සුජ්ජලිත ඉතිහාස පරිච්ෙඡ්දයක්
අපේ මහනායක හාමුදුරුවන් වහන්සේ ජාතියට උදා කරන බව නම් නිසැකය.
Monday, November 3, 2014
Sunday, November 2, 2014
රාජ- ගිරිය
දඹදෙණිය ඇද වැටෙන්නේ වීරබාහු රජු රජ පුටුවෙන් ඇද වැටි මැරී වැටුණුදාය. කවුරුත් නොසිතු නොපැතු මොහොතක වීරබාහු රජුගේ මිය යාම සිහිනයක් හැබෑ කර ගැනීමේ මාවත වන්නේය. ජයසිරි බිසව්ගේ ජීවිතය අමුතුය. ඒ ඈ තොමෝ පුරුෂයන් තිදෙනෙකු සමග රාග සිරිතක් බැදගෙන උන් සිංහලේ අරුමැසි බිසව වූ නිසාය. මේ නිසා දඹදෙණි රාජ යුගයේදීම විකසිත සරාග බැදීමක් නිසා ඇගේ පේ‍්‍රමණිය සැමියන් තිදෙනාට ලක් රාජ කිරුළට දොරටු විවර වන්නේය. ජයසරි බිසව් වල්ලභයන් තුන්දෙනා එකම පවුලේ අයියා-මලෝ වූ සැටිය හරි අපුරුය. මේ තුන්දෙනාම අලකේශවරලාය. මේ විදියට අලකේශවර ප‍්‍රභු කුමරු තිදෙනාගේ ජාන රජස් ජය සිරි බිසවගේ ඩිම්බානුවක් හා සහබැදි නිශ්ශංක අලකේශ්වරට උපත සදන්නේය. වීරබාහු රජ අසුන මත මැරී වැටෙන විට නිශ්ශංක අලකේශවර ප‍්‍රභු ප‍්‍රභා ඉසුරු සපිරි භද්‍ර යෞවන කුමරෙකි. එමෙන්ම එකළ සිරි ලක්දිව අගමැතිය. ජාතික ධනවාදය ලක් රාජ කතාවතේ ගමන බවත්, නිදහස්වාදය දිශාව බවත්, ඇදහු ඔහු, කැළණි මහ වෙහෙර වීභීෂණ පුජාවට පැමිණි දවසේ සහමුලින්ම වෙනස් චරිතයක් විය. ඒ කළ්‍යාණි නදිය ඔරුවක නැගී තරණය කර බත්තොටමුල්ලට සේන්දු වූ නිසාය. බත්තොටමුල්ල නම් අද බත්තරමුල්ලය. ඒත් ජයසිරි බිසවට ආසක්ව ඇගේ රාග පහසට ලොබ බැදි ප‍්‍රභූ පෙළපතක් තම හීනය බිද වැටී වෛර ගතව උන්නේය. ඒ සේනාධිලංකාරලාය. මේ ගුප්තාභය සේනාධිලංකාරගේ වෑයම වන්නේ නිශ්ශංක අලකේශ්වර වටලා වට කොට පහරදි මරා දැමීමය. ඒ නිසා එ වන කොට කළල ගොඩ හෙවත් වත්මන් කළල්ගොඩ , උතුවන්කන්දේ උන් ගුප්තාභයට සැල වන්නේ අලකේශ්වර බත්තොටමුල්ලේ ඔරුවක නැගී දියවන්නා සිරි බලන වගය. තම පරපුරේ රාග ඊරිසියාව දළුලා වැඩුනේය. ළැමැනි කුළ මෙහෙනවර වංශ උරුමයෙන් තමාට කිරුල හිමි බව ඇදහු ගුප්තාභය සේනාධිලංකාර බත්තොටමුල්ල වට කලේය. ඒත් අලකේශ්වර ඒවන විට සිටියේ මී තොටමුල්ලේය.
මේ වංශ ගැටුම දිග්ගැස්සෙන විට දියවන්නා දියත්ත මැද දුවේ අපුරු සිදුවීමක් වන්නේය. ඒ නයි මුගටි හටනකි. අලකේශ්වරත් සේනාධිලංකාරත් ගැටුමකට කුරුමානම අල්ලන විටම නයාත් මුගටියාත් සටන පටන් ගෙන තිබුණේ දියත්ත මැද දුපතේය. විශ්මයක් දන වන්නේ මුගටියා මැරී නයා දිනූ නිසාය. මේ පුවත දියවන්නා වන වාසයේ ගම් දනව් පුරා පැතිරයන්නේ ලැව් ගින්නක් සේය. මේ අතර නයි මුගටි සටන වූ තැන බලන්නට මාදිවෙළ කුමාරිහාමි ඇගේ පෙම්වතා වූ පතිරගොඩ කුමාරයා සමග එතෙනට ඔරුවෙන් එන විට එහි උන්නේ අලකේශ්වරය. ඉතිහාසය අලූතෙන් ලියවෙන්නට පටන් ගන්නේ එදාය. එදා එහෙම පටන් ගත් කතාව රස කථා ,ගම කථා , ආල කථා වගේම හින කථා විතරක්ම නොව රණකාමී අන්දරද බැදී සරාග කථා බහින්ද සාරසුබා වී ඇති කථා පොකුරකි.
ලෝකය අලූත් වී තිබුණේය. භාරතය දක්වා ඉස්ලාම් ආක‍්‍රමණය දිග්ගැස්සෙමින් තිබුණි. එහි ප‍්‍රතිපලය වන්නේ දකුණු භාරතයේ රණකාමී දෙමළ නැගිටීමය. මේ රණවාදී දෙමළ නැගිටීම ආර්ථිකවාදී ජීවය බවට පෙරළා ගෙන ‘‘ආර්ය චක‍්‍රවර්ති’’ ලක්දිව උතුරු අර්ධය උදුරා ගත්තේය. සිංහළයන් රට නැති විපතේ වැටී අනාථව උන්නෝය. හැම හදවතකම හීනය යලිත් රජෙක් නගා සේසත් නැගීමය. පුතෙක් තබා නෑයෙක් වත් ඉතුරු නොවී තිබූ දඹදෙණි රජ පෙළපත ගම්පොළින් වද වී ගියේය. මේ සරු පස මැද නිශ්ශංක අලකේශ්වර සුජ්ජලිත නව නුවරකට සුභාවිත මන්දිරයක් තනන්නට සිතුවේය. ඒ සදහා ඔහු නැග්ගේ ගිරියටය. ඒ ගිරිය රාජගිරියය. රාජගෘහයක් බැදගෙන ශී‍්‍ර ජයවර්ධනපුරය නිර්මාණයට යුහුසුළුවන්නේය. ඒ රාජ සිහිනයට ඔහු නැගි ගිරිය රාජගිරිය වූයේ ඔහොමය.
ඉන් හරියටම වසර පන්සීය හැත්තෑවකට පසු යලිත් ඒ රාජගිරියෙන් දියවන්නා දියත්තට රජ මාවත බැදෙන්නේය. ඒ කොළඹින් අගනුවර දියවන්නා දියතේ දුපතට ගෙන යමින්ය. මේ ඓතිහාසික හැරවුමට හැරවුම වන්නේ ‘‘ජුනියස් රිචඞ් ජයවර්ධන’’ හෙවත් ‘‘ජේ.අර්. ජයවර්ධන’’ උත්තමාණන්ය. ඔහු තෙමේ ඒ සදහා පලමු පියවර තබන්නේ රාජගිරියෙනි. එරියාව සන්නස සහ පතිරගොඩ සන්නස ගෙන ජයවර්ධනයන්ට තම මීමුත්තනුවන් වූ නිශ්ශංක අලකේශ්වරයන්ගේ තතු සොයා දෙන්නේය. ඒ වරලත් විදු ඉන්ජිනේරු ඊලියන්ද සිල්වා සූරීන් හා ඊ.පී.මිගහකුඹුරේ සූරින්ය. මේ සමගම අසහාය ගෘහ නිර්මාණවේදී ජෙෆ්රි භාවා ශ‍්‍රීමතුන් නව කෝට්ටේ සිත්තම් කරන්නේය. එදා අලකේශ්වර රජ මැදුර වට බැදි කොටුව සතර කොන තිබූ සතර භූ සුත‍්‍රය කියවා ගැනීම ඊළග කථාවය. ඒ අනුව ශී‍්‍ර ජයවර්ධන පාර්ලිමේනතුව වටා ජයවර්ධනපුර රෝහලද ජයවර්ධනපුර සරසවියද ජයවර්ධනපුර ශ‍්‍රී ලංකා මහ බැංකුවද තම දේශපාලන සරසවිය වූ සිරිකොත මන්දිරයද බැද තබන්ණේය. කවූරු ආවා ගියත් අදත් හෙටත් ලංකාවේ රාජ සමාජ බලය ඇත්තේ මෙම සිිව් මහා භූ සුත‍්‍රය ඇතුලේය. ඉන් පිටත සිට කිසිවක් කළ නොහැක්කේමය. මෙය තේරුම් ගත් ජනතා විමුක්ති පෙරමුණද දියවන්නා දියත්ත තරණය කරන්නේ බත්තොටමුල්ලේ පැලවත්තට තම දේශපාලන පීඨය රැගෙන එමින්ය .ජේ. ආර්ට එරෙහිව අවි එසවූ දෙමළ විමුක්ති කොටි අවසන් වී, ජනතා විමුක්තියට අවි එසවූ ජනතා විමුක්ති පෙරමුණ ඉතුරු වන්නේ ඒකය. මෙවා රහස් නොව ඓතිහාසික ඉවය. ඒ වගේම තවමත් මේ රටේ ජීවමානව ඇති ඓතිහාසික ලේඛනය. එරියාව සන්නස හා පතිරගොඩ සන්නස වඩාත් අරුත් බරව වටහා ගන්නට ජයවර්ධන උතුමාණන් 1981 මැයි 22දා තම මැදුරට සුවිශේෂි භික්‍ෂුවක් වඩමවා ගන්නේය. ඒ මහාචාර්ය කඹුරුපිටියේ වනරතන මහා තෙරිදුය. උන්වහන්සේ පද අරුත පහදා දෙන්නේය. ජයවර්ධනයන් ලක්දිව වෙනස් කලේ ඔහොමය. ලංකා සමාජය තම පුරාතන අගනුවරකට යලිත් තම නූතන අගනුවර රැගෙන ගිය ප‍්‍රථම හා එකම අවස්ථාව මෙය පමණක් වන්නේය. මේ අනුව ජේ.අර්.ජයවර්ධනයන් ශී‍්‍ර ලංකා මහ බැංකු ශ්‍රවණාගාර මන්දිරය රාජගිරිය පාර්ලිමේන්තු පාරේ තනවා එහි සුවිශේෂ ශෛල ටැඹක් පිහිටුවන්නේය. ඒ ඓතිහාසික සිව් මහා භූ සුත‍්‍රයෙහි උතුරු සුත‍්‍රය තිබූ තැනමය. එයට ‘‘ශී‍්‍ර ලංකා මහ බැංකු විදු පියස’’ නම තැබුවේ හෙළ බස් ඉසුරු අරිසෙන් අහුබුදුවන්ය.
මාළිගාව බැන්ද මාළිගාකන්දෙන් බැස මළිගාවත්තට පියමන් කොට එතැනින් අජානීය අසුපිට නැගීී අලකේශ්වර රාජගිරියට පිවිසේ. ඒ දියවන්නා රජ මැදුරට කිරුළ ගෙන එන මොහොතටය. එත් දෛවය පුදුමය. රටක් තනන්නට නුවරක් තැනූ නිශ්ශංක අලකේශ්වරට කිරුළ අහිමි විය. දෙමළ රැල්ල පෙන්නා සේනාධිලංකාර පරපුරේ මලයාලම් කුමරු පරාක‍්‍රම කිරුළ උරුම කර ගත්තේය. එත් ඉන් වසර පන්සිය හැත්තෑවක් කල් යල් බලමින් සිට අලකේශ්වර ජාන රජස සිය උරුමයට ලක් භූපතියෙකු බිහි කර ගන්නේය.ඒ ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේටම විත් ලක්දිව ප‍්‍රථම ජන සම්මත රජු හෙවත් විධායක ජනපති පදවිය අලකේශ්වරගේ මීමුනුපුරානෝ වන ජයවර්ධනයන් දිනා ගැනීමෙන්ය. රාජගිරියෙන් දියවන්නා දියත්තේ පාර්ලිමේන්තුවට පිවිසි ජයවර්ධනයන් සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ රෝහණ සංඝ සභාවේ මහනායකව වැඩ විසූ මහාචාර්ය කඹුරුපිටියේ වනරතන තෙරිදු ‘‘පුරාවිද්‍යා චක‍්‍රවර්ති’’ පදවියෙන් බහු මානයට පත් කරන්නේය. ඒ කි‍්‍ර:ව 1982 අවුරුද්දේ නොවැම්බර් 4 වෙනිදාය.
ඉතින් ‘‘රජස්’’ සමග බැදී ගෙති සිව් වසරකුත් තුන් මසක් මම සමග සිටි පාඨක සාදු ජනයෙනි. ඔබට ඇරයුම් කරමි. මේ අවුරුද්දේ නොවැම්බර් 4 වෙනිදා සවස 3.30 රාජගිරිය ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පාරේ ශී‍්‍ර ලංකා මහ බැංකු විදු පියස ශ‍්‍රවණාගාරයේදී ‘‘රජස්’’ ජනගත වේ. මට නිමිත්තක් වන්න ඔබත් එන්න.
සුජිත් අකකරවත්ත.
Thursday, October 9, 2014
කහ පිච්ච වැල
පිචිච මල සුවදින් අග පත් බෞද්ධ හින්දු දෙජාතියේ හෘද බන්ධන මලය. ‘‘සමන් මල’’ ලෙසද සිංහල අරුතින් පිච්ච මලට අරුතකි. එත් පිච්ච මලත් සමන් මලත් දෙජාතියක් විදියට කියවෙන කථාවක් ඇත්තේය. ගෞරවය ආදරය සහ ළබැදියාව එකට බැදුනු මේ අසිරිමත් මල ලක් ඉතිහාසයෙහි තීරක කථා ගණනාවකම පැළපදියම් වී තිබේ. ලෞකික ලොව්තුරු සුවද හමන හැම තැනම ‘‘පිච්ච මල’’ මලක් සේ භාවිතා වන පුදුම මලකි. දෙවියන් බුදුන් පුදට ලෞව්තුරු මලක් වන පිච්ච මලම, ස්ත‍්‍රීත්වයේ සැරසිල්ල සේද රජුන්ගේ ‘‘සිරියහනේ පුෂ්පය’’ ලෙසද භාවිතා වන්නේය. මේ විදියට ලොව්තුරු වන්දනාවටත් ලෞකික වන්දනාවටත් පත් වන මලක් ඇත්තේ නම් ඇත්තේ ‘‘පිච්ච මල’’ හෙවත් සමන් මලය. දෙමලූන් සහ සිංහලූන් හිතන්න ඕනෑ අලූත් තැන මෙතනය. මේ විදියට පුදුමයක් දනවන බැදීමක් ඇති පිච්ච මල ගැන ඉතිහාස වන්දනාවක සැරිසරන්න සිදු වූයේ ‘‘කහ පිච්ච වැල’’ දුටු දාය.ඒ මා දුටුව සහ අසා ඇති, දන්න හැමොගෙන්ම දැන ගත් සිරිලක ජීවමානව පවතින එකම එක කහ පිච්ච වැලය. දෑසමන්, සමන්, පොකුරු සමන්, ගැට පිච්ච, පිච්ච, පච්ච පිච්ච, රෝ්ස පිච්ච, නීල පිච්ච විදියට ඇති හැම පිච්ච මලක්ම සුදු පැහැය මුල් වූ පිච්ච මල්ය. ඒත් තනිකරම කහ පැහැති පිච්ච මල් වැලක් දුටුවෙමි. එය දුටු දාත්, එහි ඉතිහාසය ලිඛිතව ඇති නිසාත්, මේ කහ පිච්ච වැලින් අලූත් නිමිත්තක් උපන්නේය.
සමන් රජිදු බුදු පුදට පිවිසි කථාවේ පිච්ච හෙවත් සමන් ගැන ලියා තබා තිබේ. පසුව සමන් දෙවිදු බවට පත්වන සමන් රජිදු තම මිනිස් නාමයම, දිව්‍යය නාමය බවට පත්කරගෙන සමන් දෙවිදු ලෙස විරාජමානව වැඩ වසති. සමන් දෙවිදුට මේ තිරණය ගන්නට සිදුවූයේ තම නමට උපත දුන් සමන් මල තව්තිසා දිව්‍ය විමානයේද ලෞව්තුරු ලෞකික මලක් සේ පුද ලබන නිසාය. බුදු පා කමල මත සමන් මල් දොතක් අතුරා සමනල සිරසට බුදු මැණියෝ වඩම්වා ගත් සමන් රජුද ශී‍්‍ර පාදය පුදන්නේ සමන් මලට සපුමලක් ගෙතූ මල් දමින්ය. මේ පිච්ච මල් කථාව ගැන ඊළග කථා ලතාව ලියා ඇත්තේ උන්මාද චිත‍්‍රා කුමරියගේ සිරියහන අද්දරය. දීඝගාමිණි ශාක්‍යසිංහ කුමරු එක් ටැඹ තරණය කර සරාගයේ සිහින අරන් එන රෑ, උන්මාදා කුමරිය සිරියහන සරසා තිබුණේ සමන් මලෙන්ය. පිච්ච කථාවේ ඊළග කථා නිමිත්ත හමුවන්නේ වජ‍්‍රබෝධි භික්‍ෂූව සිරිලකට වැඩම කළ කි‍්‍ර:ව 732 දීය. චින දේශයේ මහායාන වජ‍්‍රයාන සිතුවිළි රැගෙන පැමිණි වජ‍්‍ර බෝධි භික්‍ෂුව මහ රහතන් වහන්සේ නමක් බව කියවේ. ඒත් ඒ ගැන ථෙරවාදි අටුවාවේ ඇත්තේ නුරුස්සන සුළු හැගීමකි. කොහොම උනත් මොණරාගල දඹේගොඩින් සිරිලකට මෛත‍්‍රීය බෝසත් පුජාව හදුන්වා දෙන්නේ වජ‍්‍ර බෝධි ථෙරිදුයය. පසුව එය අභේගිරිය හා මහාවිහාරය අතර මතවාදි සංකථනය වී ඉතිහාසය සූපෝෂිත කර ඇත්තේය. බෝසත් වන්දනාව ඇරඹෙන්නේ පිච්ච මලින් බෝසත් රුව වන්දනා කරමින්ය. ඒ හින්දා ඒ කාලේ ලක් දිව පුරා පිච්ච රැල්ලක් හමා ගොස් ඇති සැටි පෙනේ. මේ පිච්ච මලේ කථාව සිගිරිගිරි සිරසට නැග ඇත්තේ පිච්ච මල නිමිත්ත කර ගෙනය. ඒ සීගිරි කවි පොකුරේ ඇති කවි ගී නිසාය. කථාව තවත් ඈතට යන්නේ ශී‍්‍ර මහ බෝධීන් වහන්සේ සහ දළදා වහන්සේට බැදුනු පිච්ච මලේ කථා නිසාය. ඒ එම කථා මල් පුජාවලින් ඔබ්බට ගිය ඉතිහාසයේ තීරක කථා වී ඇත්තේ පුදුම විදියටය. බෙලිගලින් දඹදෙණිගලට දළදා වහන්සේ වඩින්නේ පුලතිසි නුවර දළදාවත්තේ පිච්ච මල් දෝතින් පුද විටය. සිරි වන්නියේ මහ වන්නියා විසින් තුන්වන විජයබාහුට දළදාවත්තේ සමන් මල් දෝත ගෙන නාවේනම් තුන්වෙනි විජයබාහුද දඔදෙණි රාජධාණියද සිහිනයක් වන්නට තිබුනි. ඒ වගේම දඹදෙණිය ඇද වැටී නුවරක් සොයන සිංහළයන්ට නව නුවරකට සිහිනය පෑදෙන්නේ වීදාගම මෛතී‍්‍රය මහ තෙරිදු නිසාය. කෝට්ටේ රජ නුවර බැදෙන තුරු දළදා වහන්සේ වැඩ සිටියේ මහතෙරිදු වීදාගම ස්වාමිද්‍රයාණන් වහන්සේගේ සමන් මලින් සුපිපි සුරත් තලයේය. මේ කථාවට බැදුණු වීදාගම සන්නස කියවන විට පිච්ච මලෙහි බල සුවද මහිමය විදගත හැකිය. මේ බලගතු ඓතිහාසික බන්දනය නිසාම හැම ගෙදරකම හැම උයනකම හැම අරමකම සහ හැම දෙවොලකම පිච්ච මල, බහුමානයෙන් වැජඹෙන මල් ගොමුවේ අග‍්‍ර මල් වැලය.
මේ පිච්ච මල දිව්‍ය ඔසුවක් කර තබන්නේ හෙළ වෙද රජ බුද්දදාසය. ඔහු ලියා තැබූ සාරාර්ථ සංග‍්‍රයෙහි පිච්ච මලේ පද වරුණා අපමණය. පණ්ඩිත පරාක‍්‍රමබාහු සුරචිත කුසදාවත හෙවත් කව්සිළුමිණහි පිච්ච මලේ ලෞකික සුගන්ධය ඉහවහා ගොස් තිබේ. එය සැලළිහිණි සංදේශයෙන් සුගන්ධවත් වී හංස සංදේශයෙන් යලිත් ලොව්තුරු සුව`දට මුසු වී ඇත්තේය. මේ සුව`ද ඉතිහාසය ඒ සුව`දින් ඉව කළ ජයසේන ජයකොඩි සූරින් ‘‘පිච්ච මල’’ නව කථාව ලියන්නේ ඒ රහසිනි. නුතන සිංහල ප‍්‍රබන්ධකරණයේ නව මානය බවට ‘‘පිච්ච මල’’ නවකථාව පත්වන්නේ මේ විදියටය.
මෙහෙම දිගට ඇදෙන පිච්ච කථාවට මට උපත වුනේ කහ පිච්ච මල් වැලය. කහ පිච්ච මල් වැල රෝපණය කර ඇත්තේ ලොව ප‍්‍රථම ජන සම්මත අගමැතිණි සිංහලේ ජන සම්මත රැුජින සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක ශි‍්‍රමතාවියය. ඈ තොමෝ බලගතු රහසක් මේ සමගම නිදන් කර ඇත්තේය. ඒ කහ පිච්ච වැල රෝපණ නැකතේ මහතෙරිදු බලංගොඩ ආනන්ද මෛතී‍්‍රය , මහ තෙරිදු වල්පොල රාහුල , මහතෙරිදු කඹුරුපිටියේ වනරතන යන සග රජුන් තිදෙනා සෙත් පිරිත් සජ්ජායනා කර වග ලිය වී ඇත්තේය. කහ පිච්ච පැලය සිරිමා රත්වත්තේ කුමරිය තෑගි ලබන්නේ භාරත රජ් පුත් රාජ වංශයේ සිංග් හමිර් ඨකුරක සිංග් කුමරුගෙනි. මල් වැල තවමත් සජීවිය. කහ පිච්ච මලින් සොබමානය. මෙය බණ්ඩාරනායක,රත්වත්තේ,ඔබේසේකර ප‍්‍රභූ වංශ පෙළපත මෙන්ම එයට බැදුනු කුමාරතුංග ජන පෙළපතටද හිමි කෞතුක රුක් වැලක් වේ. ඒත් මේ රුක් වැල ඇත්තේ කොතනදැයි කීම මහත් ව්‍යාකුල අනතුරු කථාවකි. කෞතුක හොරුන් අරක් ගත් රටක මේ පූජනීය රුක් වැල තණ්හාධික ඔහුනගේ කෙළි බඩුවක් විය හැකිය. ඒ නිසා තැන නොලියා තතු ලියමි. කහ පිච්ච වැල භාරතය හා සිරි ලක දිග ඇදුණු දිගු මිතු බැ`දුමේ නුතන සාක්ෂියය. මහ රජ ධර්මාශෝකයන් තමන්ගේ වටිනාම වස්තුන් දෙක වූ කිරුළ හිමි මිහ`ිදු කුමරුද මිත්තා කුමරියද සිරිලක වඩමවන්නේ හේතුවක් ඇතිවය. ඒ වගේම උත්තර භාරතීය කාශ්මිර රාජ වංශයේ කහ පිච්ච මල් වැල සිරිමා කුමරියට තෑගි දුන්නේ රාජතාන්ත‍්‍රක හේතුවක් නිසා විය හැකිය. ඒ වගේම මේ රාජ ත්‍යාගය රෝපිත නැකතට වැඩම කොට වල්පොළ ,කඹුරුපිටියේ,බලංගොඩ ස`ග රජුන් තිදෙනා එය බලගතු රාජතාන්ත‍්‍රික කථාව සනාථ කරයි. මෑත යුගයේ සිරිලක් සසුන පොඹ කළ මෙම සංඝ නේත‍්‍රෘන් තිදෙනාගේ අනු දැනුම රැුකවරණය මත සිදු වුනු මේ රුක් රෝපණය ලක් සංස්කෘතික ඉතිහාසයේ නිදන් ගත රාජ දේශපාලන සිදු වීමකි. එබෙවින් මේ ගැන ඇති ඉතිහාස සාක්‍ෂිය වහ වහා ලක් රාජ ලේඛනාගාරයෙන් සුරක්ෂිත කළ යුතු බව කිව යුතුය.
එමෙන්ම මේ ඓතිහාසික සිදුවීම් ආඥා අනුසාරයෙන් මෑත යුගයේදී සජිවි විය. ඒ පූජ්‍ය කොටපොළ අමරකීර්තිි ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ‘‘පිච්ච මල් පුජාව’’ නම් බෞද්ධ මහා වන්දනාව ඔස්සේය. ඒ පිච්ච මල් පුජාවේ ආඥා ධර්ම ධාතු බලයද එක් වී කොටි උවදුර සිරිලකින් සහ මුලින්ම උපුටා දැමුවේය. ඒ සදහා පිච්ච මල් පුජාවේ නිර්මාතෘ පුජ්‍ය කොටපොල අමරකීර්ති හිමියන්ට ධර්මාසනය මදකට අතහැර රාජ සභාවේ අසුන් ගන්නට සිදු වූයේ එබැවිනි. යුතුකම ඉටු කොට රාජාසනය අතහැර පිච්ච මල් පුජාව යලිත් ජිවමාන කොට නැවත ධර්මාසනේ වැඩ වසන්නේ ඒ ඉතිහාස ආනුභාවයෙන්ය. මේ කථාවේ ඇත්ත නැත්ත හරි මැද සජිවීව දිවිගෙවමින් තතු පවත් සහිතව දැන සිටින බැවින් නිර්භයවම ලියා තැබුවෙමි.
සුජිත් අක්කරවත්ත.
Subscribe to:
Posts (Atom)