Thursday, May 28, 2015

ජන තෙරිදු සග පතිදු

                  
(මැයි 29 වෙනි දිනට යෙදෙන පූජනීය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ උපන්දිනය නිමිත්තෙනි.)
                    
                    මල් සමයටත් මත්තෙන් නාග විහාරයට ගොඩ වැදුනේ දෛවෝපාගත ලෙසය. එතැන් පටන් ජන තෙරිදු මහ තෙරිදු මාදුඵවාවේ සෝභිත සංඝ සේනාධිපතින් වහන්සේ හා බැදුනු දිවි අන්දරය ගලන්නේය. නොසිදි බැදී නොබෙදී ගලන්නේය. උන්වහන්සේ ලගට බැදි බෝහෝ චරිත බැබලි , උන්වහන්සේට ගරහා අපවාද නගා අතහැර ගොස්ය. තනිවම හෝ අරමුණ අත නොහැරිය බුද්ධ භාෂිත වීර්‍ය පාරමිතා පිරූ මහ තෙර පාමුල අදත් නොබිදි පවතින ඇසුරේ පී‍්‍රතිය නිරාමිසව විදිමි. අරමුණ සීලයක් කර ගත හැකි බවත්, ඒ සීලය බහුජන පරාර්ථයේ උපරි ව්‍යුහය වූ ”රාජ දේශපාලනය” සදහා පෙරටු කර ගත යුතු බව පසක් කල මහ භික්‍ෂුව උන්වහන්සේය. අරමුණ ”මම” නොවන බවත්, අරමුණ ”අප” බවත් භික්‍ෂුව අරමුණට ලගා විය යුත්තේ පැවිදි ශීලයට අකැප බල දේශපාලනයෙන් පිටත සිට බව පසක් කර වූ ජන අරගල මහා තෙරිදු මාදුඵවේ සෝභිත හිමිය.

                               රටක් අසීරුම පැයේ එකට බැද ගොතා, සියල්ලටම බලය දී තමන් බලය අතහැර ආරාමයට වැඩ, වැඩ සිටිය හැකි සරල අල්පේජ්ජ ”සෝභිත හාමුදුරුවෝ” පිටකෝට්ටේ නාග විහාරයට වැඩියේ රයිගම් කෝරළයේ මාදුඵවාවේ සිටය. රයිගම් කෝරළය ලක් සසුනේ අග‍්‍ර සංඝනේත‍්‍රෘන් වහන්සේලාගේ ජාන භූමිය ලෙස සනිටුහන් වන්නේ සසුන ඇරඹි මිහි`දු මහරහතන් වහන්සේගේ සමයේමය. රයිගම් සග පරපුරේ කීර්ති කදම්බය විශ්වීය වූයේ ‘‘වනවාසියේ වනරතන’’ මහා තෙරිදු නිසාය. ඒ කීර්තියේ සෘජු ප‍්‍රථිපලය වූයේ පාහියන් භික්‍ෂුන් වහන්සේ රයිගම් කෝරළයේ පාහියන් ලෙනට වැඩම වීමෙනි. ලක් ශාසන කතාවතේ තීරක මතවාද හැසිර වූ සංඝ සෝභිත සග පතින් වැඩ විසූ රයිගම එක් තීරක මංසන්ධියක දී ලක් දේශපාලන බලයෙහි උරුමකරුවා වන්නේය. ඒ රයිගම් පුත‍්‍ර මහ තෙරි`දු මහ මෛතී‍්‍රය ස්වාමීන් වහන්සේ නිසාය. දඹදෙණි රාජධානීය වියවුලක් වන්නේ එක් අමන ආත්මලෝභී බල උමතු රාජ පාලනයක කෙළවරදීය..

                        වඩාත් පොදු මිනිසා පොදු අරමුණට සොයා ගැනීමට ලක් වැසියාට සිදු වන්නේ කි‍්‍ර.ව. 1412 වෙසක් මහේ 29 වනදාය. ජාතික ශිෂ්ඨාචාරයක හෘද ප‍්‍රාර්ථනාවට යුක්තිය ඉටු කළ හැකි ”ශිෂ්ඨාචාරයක යුග මිනිසා” සොයන්නට සිදු වූයේ එදාය. සටන වූයේ හිඩැස නිසාය. ගිහි සමාජයට උත්තරයක් නොතිබිණි. ගිහි සමාජය බෙදී තිබුණි. රජ කිරුළත්, දන්ත ධාතුන් වහන්සේත් සංඝරාජ රයිගම් පුත‍්‍ර  වීදාගම මහ මෛතී‍්‍රය තෙරිදුට පිරිනැමුවේ එදාය. පුදුමය ඒ සිදුවීමෙන් සියවස් හයක් පුරන දිනම මාදුඵවාවේ සෝභිත ජන තෙරිදු රයිගම මාදුඵවාවේ ගමේ දී උපත ලැබ තිබූ සැටිය. 

                       මැයි මාසේ වෙසක් මහේ රට අද වගේම බුදු තෙම`ගුලේ ප‍්‍රාර්ථනා සාදු නදින් බැබලෙන මැයි මහේ විසි නමවැනිදා උන්වහන්සේ උපත ලැබ සිටියේය. පරපුරු පරම්පරා ගුරුකුල කණ්ඩායම් සිය දහස් ගණනක් සම`ග පරහිත සුව පිණිස යෙදී වැඩ සිටින්නේය. සටන ජීවිතය පුදා කළ යුතු නම් උන්වහන්සේ එම සටනට පිවිසියේ භද්‍ර යෞවනයේ පහන් තරුව ලෙසය. ඒ 1987 ජූලි විසි නමවැනිදා පිටකොටුවේ බෝධිය පාමුල දීය. ලංකාවේ අසහය විධායක පාලකයන් සියඵදෙනාම සමග පොදු අරමුණු උදෙසාම ගැටුණු සෝභිත හාමුදුරුවන්ට ජන ඝාතක ත‍්‍රස්තවාදී ජන නායකයෙකු වූ වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සමග ද ගැටෙන්නට සිදුවිය. ඒ වඩාත් පොදු අරමුණ වූ ශී‍්‍ර ලාංකික ජාතියේ එ්කීය රාජ්‍ය වෙනුවෙනි. ලේ පිපාසිත ජන ඝාතක ත‍්‍රස්ත නායකයෙකුට මුහුණ දීමට පිළිවෙත් මගින් පුහුණු කළ ”ජාතික භික්‍ෂුව” ලෙසම උන්වහන්සේ නායකත්වය සැපවූයේය. ඒ ජන ඝාතක ත‍්‍රස්තවාදය නසාලන යුද්ධය ජය ගත්තේය. ජය උදම් රැුල්ලේ ලෝලව භික්‍ෂුව බල රස මැද ආතුරව යන කම්පිත සමයක් උදාවිය. ලක් රාජ්‍ය නායකත්වය අමරණීය රාජකීයත්වයට පත් වූයේය. ජිවිතයත් මරණයෙන් කෙළවර අවසන් වන ලෝක ස්වභාවයක අමරණීය රාජ්‍ය පාලනයක් ලංකා ව්‍යවස්ථාවට 18 නමින් නම්ව සම්මත වූයේය. ඔහු පාලනය කරන්නට නීතියටත් ආගමටත් සදාචාර චාරිත‍්‍ර වාරිත‍්‍ර කිසිවකට නොහැකි විය. ශිෂ්ඨාචාරය යළිත් පොදුම පොදු මිනිසෙක් සොයන විට ගිහියෙකු නොවූනු තැන පැවිදි සිරිත යළි සිරිත වූයේය. ඒ ලක් ඉතිහාසයේ එසේ සිදු වූ සත් වන වතාවයි. පුදුමයෙන් පුදුමය රයිගමට ඒ උරුමය ලැබී තිබූ දිනකම උපන් රයිගම් භික්‍ෂුවම සත්වැන්නා වූ අරුම දනවන ඓතිහාසික ගැලපීමය. ඉතිහාසය මේ මොහොතේ ජීවමානව වින්දනය කරන ප‍්‍රභාෂ්වර ජීවන චරිත සිරිතක් ලෙස මාදුඵවාවේ මහ තෙරිදු අභිෂේකව ඇත්තේ ඒකය. 

                       අසීමිත බලය ජාතික ශිෂ්ඨාචාරයක් විපතේ හෙලන විට පොදු ප‍්‍රාර්ථනාව වන්නේ සග පතිදු සෝභිත තෙරිදුය. දඹදෙණිය ඇදවැටී රජෙක් නැති විට රජ පදවියට මෛත‍්‍රීය මහ තෙරි`දු නම් වන්නේ කි‍්‍ර.ව. 1412 දීය. පුදුමය වන්නේ රජ යුගය නිමා කොට ජන සම්මත යුගය බිහි වූ පසු රජ පදවිය යළි  ස්ථාපිත කරන ඒ අනතුර පිටු දකිනට ජන පැතුම බවට සෝභිත තෙරිදු පත් වන සැටියය. මෛතී‍්‍ර මහ තෙරිදු රජකම ප‍්‍රතික්ෂේප කොට කෝට්ටේ යුගයට නව දොරටුව හැර තැබුවේය. එලෙසම නව කෝට්ටේ යුගයේදී ජන සම්මතය රැුක ගැනීමට මාදුඵවාවේ තෙරිදු ජනපති අපේක්ෂකත්වය අතහැර නිසි ගිහියාට මාවත හැර තැබුවේය.

                         කි‍්‍ර.ව. 1412 දී මෛතී‍්‍ර මහ තෙරිදු හමුවේ වූයේ නව යුගයක් සදහා සටනකි. ඒ සමයේ ආර්ය චක‍්‍රවර්තිගේ ද්‍රවිඩ ජාතිවාදය රට වෙලා ගනිමින් තිබුණිි. එවිට මහ තෙරිදු මෛතී‍්‍ර හිමියන් ඒ අනතුරින් මවුබිම මුදන රන් ස්වරය වූයේය. එලෙසම වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්ත උමතුව පරදවන රන් ස්වරය වන්නේ මාදුඵවාවේ තෙරිදුය. එදා මෛතී‍්‍ර මහ තෙරිදු  අර්යචක‍්‍රවර්ති පරදවන මගහි ප‍්‍රතිඵලය වන්නේ සයවන පරාක‍්‍රමභාහුවන්ගේ රාජ්‍ය උදාවය. මෙවර මාදුළුවාවේ මහ තෙරිදුගේ කොටි ත‍්‍රස්තවාදය පරදන ගමනෙහි ප‍්‍රතිඵලය වන්නේ් රාජපක්ෂ රාජ උදාවය. එකල සයවන පරාක‍්‍රමබාහු රජුගේ රාජ්‍ය පාලනය කෙලසින්, අල්ලසින් හා දුෂණයෙන් පිරීයෑමේ ඛෙදවාචකයකට මුහුණ දුන්නේය. එවිට සයවන පරාක‍්‍රමබාහුගේ ක‍්‍රමයෙන් රට මුදා ගැනීමට පෙරට වැඩියේ වීදාගම මෛතී‍්‍ර මහා තෙරිදුමය. ඒවගේමය. රාජපක්‍ෂ පාලනය දුගදින් පිරී පාපකාරී දුෂිත පාලනයක් වන විට එම පාලනයෙන් ජාතික ශිෂ්ඨාචාරය නිදහස් කර ගැනීමේ ජය නාදය වන්නේ මාදුඵවාවේ සෝභිත මහ තෙරිදුය. එදා සයවන බුවනෙකබාහුගේ රාජ්‍යත්වයද මෙවර මෛතී‍්‍රපාල සිරිසේනයන්ගේ රාජ්‍ය නායකත්වයද උදාවූයේ මේ රයිගම් පුත‍්‍ර මහ තෙරවරුන් දෙපළගේ අනුහස් සහිත ජාතික සටන මැදය.

                  ලක් පොළෝ තල මැද මාදුඵවාවේ සෝභිත හිමි බහු විධ මහ තෙර නමක් වන්නේ මෙවන් කේන්ද්‍රීය සිදුවීමක් සමගය. ලංකාවේ සමාජ මතමානයේ කවර දිශාවක වූවද ප‍්‍රකාශකයා ලෙස මතුවන උන්වහන්සේ ජනපි‍්‍රය බවත් ගෞරවයත් අඛණ්ඩව රදවාගත් එකම භික්‍ෂූන් වහන්සේ වන්නේය.

                      බලය ලබා ගැනීමට නොව බලය හැසිරවිය යුතු මග  භික්‍ෂූවගේ උරුමයය. මාදුඵවාවේ හාමුදුරුවෝ මේ පිලිවෙත අකුරටම රැක ගත්තේය. මේ මොහොතේ සිහිපත් වන්නේ 2003 දෙසැම්බර් 12 වෙනිදාය. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේගේ අදිසි අපවත් වීමේ අනුවේදනය මැද සිංහළ භික්‍ෂුවගේ පාර්ලිමේන්තු ආගමනයය. ඒ මොහොතේ ද සියළු හැකියාව තිබියදි බලය ලබා ගන්නා දේශපාලන මගින් උන්වහන්සේ  ඉවත්ව සිටියේය. එලෙසම රටම පොදු චරිතය සේ බල චරිතයට තෝරා ගත්තද උන්වහන්සේ එය හැරදැමුවෙකි . චරිතයක් සිරිතක් වන්නේ ප‍්‍රතිපදාවක්  මතය. මාදුළුවාවේ හිමිපාණන් වහන්සේ චරිතයක් සිරිතක් වන්නේ මේ ප‍්‍රතිපදා ගුණ කදම්බය නිසාය. ලක් සසුනේ බොහෝ සගපතීන් ඇසුරෙන් ලබා ගත් අත් විදීමක් මට ඇත්තේය. ඒ අත්විදීම තුල අවබෝධ කරගත් සත්‍යයක් වන්නේය. එනම් බොහෝ සගපතීන් වහන්සේලා බහු ජන සමාජය සමග බැදුනු විට උන්වහන්සේලාගේ පැවිදි බව බිදී වැටෙන සැටියය. එත් මාදුඵවාවේ මහ තෙරිදු අභිෂේක ලබන තැන මෙතැනය. අන් අතකින් මගේ සිත ඈතට ඇදී යයි. නූතන ලක් කතාවතේ ”ගුරු ගෙදර” ලෙස නාග විහාරය මතු වන සමය සිහි වේ. සියවස් ගණනනාවක ජාතික අස්වැන්න වූ මහා ප‍්‍රඥා තෙර පරපුර ගිහිිපාණ්ඩිත්වයන් එකට කදවුරු බැදි භූමියට ආ ගිය මතක පද සිහි වේ. ලක්දිව නූතන සගපති සමාජය සමග ඇසුරු බැදීමට කෙම්බිම වන්නේද මේ ”ගුරු ගෙදර” නාග විහාරයය. සාහිත්‍ය, කලාව,සිනමාව,වෙදකම,අමද්‍යපවාදය, ජෝතිර්වේදය යුද්ධයේ සිට ප‍්‍රජාතාන්ත‍්‍රවාදය මාක්ස්වාදය මෙන්ම ජාතික චින්තනය, ආධ්‍යාත්මිකවාදය ආදී හැම අත විෂයපතීන් එකට හමු වූ තැන නාග විහාරයය. ලංකාවේ ජාතික විප්ලවයන් දෙකකටම ජාතික නායකත්වයක් දුන් භික්‍ෂුවක් ඇත්නම් ඒ මාදුළුවාවේ හිමිපාණන්ය. කොටි ත‍්‍රස්තවාදය පරදන ම`ගටද ව්‍යවස්ථා ත‍්‍රස්තවාදය පරදන මගටද උන්වහන්සේ නායකත්වය සැපයුවේය. අරුමය සැත්තෑදෙවන විය පසුකොටද නායක හාමුදුරුවෝ ජව සම්පන්නය. මේ පූජනීය ජවසම්පන්නයා සමග ජාතියට තව දුරක් ඇවිද යා හැකිය. ඒ දුර කවර දීශාවකටද?. මේ මොහොතේ යලිත් අතීත මතක දැහැන සිහිවේ. දොළොස්වියේ දිනක නාග විහාරයට ආ දින මැවේ. මහ තෙරි`දු පුරාවිදු සක්විති කඹුරුපිටියේ වනරතන මහනාහිමි සම`ග නාග විහාරයට පැමිණී ඒ දවස සිහිවේ. එදා වල්පොළ රාහුල,බළංගොඩ ආනන්ද මෛතී‍්‍රය, පරවාහැර වජිර ඥාන වගේම මඩිහේ පඥාසීහ වන් විසිවන සියවසේ සිංහළ භික්‍ෂූ වංශයේ සගපතීන් වහන්සේලා එකට හමුවන්නේ එදාය. එදා හමු වී සුහුඹුල් මට ජිවීතය සොයා දුන් එම මහ තෙර පරපුරම අද නැත. දිවිමන්ව ඇත්තේ මාදුළුවාවේ සෝභිත අපේ හාමුදුරුවන් පමණය. එදා ඒ මහතෙර පරපුරම මාදුළුවාවේ හිමිට පෑ සුවිශේෂ සෙනෙහස ආදරය තවමත් සිහිවේ. තම පැතුම් ඉටු කළ හැකි  ‘සග පුත‍්‍රයා’ ලෙස මාදුළුවාවේ හිමි ගැන මේ මහ තෙරවරු කේතුමති ආරමයේදී කළ කථාව ජීවමානව ඇසූ දවස සිහි වේ. ඉතින් මේ සියල්ල කෙලවර වැටහෙන ඇත්තකි. ලක් ඉතිහාසය නිසි තැනට විත් නිසි ලෙස නිසි කාර්යය ඉටු කරන්නේ නිසි චරිත සමගය. මාදුළුවාවේ සෝභිත සගපතිදු සමග විසිහය වසරක් එකට වැඩ කර ඇති විට තේරෙන්නේ බිදීම් නැති බැදීමක් බැදුනේ සසර පරිචයක් නිසා බවය. සංසාර බන්ධන තනන ජාතික බන්ධන මහාසම්මත බන්ධනයය. සගපතිදු මහතෙරිදු මාදුළුවාවේ සෝභිත හිමිපාණන් අප සැම එකට බැද ඇත්තේ ඒ මහාසම්මත බන්ධනයටය.

සුජිත් අක්කරවත්ත.

Sunday, May 24, 2015

උතුරින් - දකුණට


                             
       

                       කන්දෙන් තැන්නට ගිය ලක් වැසි මිනිසා යළි කන්දට නැග කන්දෙන් බැස තැන්නට ඇවිත් නතර වන්නේ ජන සම්මත යුගයේය. ජන සම්මත යුගයෙන් යළි රාජසම්මත ආවේගයක් සමග පැරණි රජ නුවරක් යළි අගනුවරක් කර ගත්තේය. ඒ කෝට්ටේ රාජධානියට නව සලුපිලි ඇන්දවීමෙන්ය. පුදුමය වන්නේ කෝට්ටේ පා තැබූ විගස උතුරු ලංකාව රාජ සම්මත යුගයේ ආවේගයක් ගෙන එළාර දැක්මෙන් වෙන රටකට කදවුරු බැද ගැනීමත්ය. එ කදවුර එහේ බැදෙන විට නව කෝට්ටේ යුගයට ද ඉතිහාස ආවේගය බැදෙන සැටිය. මේ සියල්ල දෙස බලන විට පෙනෙන්නේ ලංකා දුපත ජාතික වර්ග විදියට බෙදෙන සැටිත් එය රටාවකට, රිද්මයකට වෙන හැටියත්ය.

                       ඇත්තම ඇත්තනම් ලංකා දුපතේ පළමු වර්ග අරගලය මේ රිද්ම රටාවේ ප‍්‍රතිඵලයක් බවයි. මාගම් වංශය රුහුණට රජකම  ඕනව බවත් අගනුවර මාගම තිස්සමහාරාමය විය යුතු බවත් කීවේ එළාර ලක් දුපතට ගොඩ බසින්නත් පෙර කි‍්‍ර.පූ. 338 දීය. එතකොට එළාරට පිහිටි රට උරුම වන්නේ මාගම් වංශයට රුහුණු රට උරුම වීමෙනි. එළාර පිහිටි රට අල්ලා ගත් නිසා සිංහලයන් රුහුණු රටට තල්ලූ වුනා යැයි නගන චෝදනාව පදනමක් ඇති අර්ධ සත්‍යයකි. පූර්ණ ඇත්තනම් රුහුණු වාදයක් නැගී ඒම උතුරුවාදයක් නැගී ඒමට පසුබිම සකසා ඇති බවයි. එතකොට රුහුණු රජකම ඉල්ලා සිටියේ ඇයි දැයි සොයා බැලිය යුතුය. එතකොට තිස්සමහාරාමයට අගනුවර ඉල්ලා සිටියේ මන්දැයි සිතිය යුතුය. මේ කිසිවක් නොසිතන ඉතිහාස විශ්ලේෂණය නිසා සිදු වන්නේ විටින් විට උතුරු රුහුණු ගැටුමට රට ගොදුරු වී ලේ විලක් වී යලිත් නිහඩ වී යලිත් කවදාක හෝ උනු උනුන් මරා ගන්නා එකම රිද්ම රටාවට පණ දීමය. ඉතිහාසය ගැටුම අවුලන විෂයක් බව මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදින්, මක්ස්වාදින්, ලිබරල් වාදින්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් මෙන්ම සමාජවාදීන් සහ යහ පාලනවාදීන් බොහොමක් සිතති. කරුමය මේ රටේ ජාතිකවාදීන්ද ඉතිහාසය සොයන්නේ ගැටුම අවුලුවා ගන්නටය. ගැටුම ජනප‍්‍රිය වීම සදහා ඇති කෙටිම මගය. එසේ නම් ජනපි‍්‍රය කම බලය සදහා ඇති හොදම මගය. කෙටි මගින් හොදම මගට එන්නේ කෙටිකාලීන මිනිස්සුන්ය. එත් කෙටි කාලීන මිනිස්සු ලබා ගන්නේ හොදම දේ වූ බලයය. ඒ නිසා කෙටිකාලීන මිනිස්සු බහුකාලීන ප‍්‍රශ්නයක් රට හමුවේ තනා දී නික්ම යන්නේය. බලයහි රටා රිද්මය එයම වීමෙන් බහු කාලීන ප‍්‍රශ්න ලක්වාසීන්ගේ ජීවිතයට බද්ධ වී දැන් සියවස් විසි එකක් ගෙවී ගොසිනි. එකම ප‍්‍රශ්ණයේ ශතවර්ෂ විසි එකක් හෙවත් වර්ෂ දෙදහස් එකසීයක් විසදා නොගෙන අරන් එම අතින් අපි ලැජ්ජා විය යුතුය. නවනින්දාවෙන් ගැලවෙන්න අපේ රට දරා ඇත්තේ දේශපාලන උත්සාහයකි. නැත්නම් මතවාදී උත්සාහයන්ය එත් අපිට හෝ අපේ සමාජයට ප‍්‍රශ්ණයෙන් ගැලවී ගොස් උත්තර සොයා ගැනීමට බැරි වී ඇත. ඒ මොකද?. ඒ ප‍්‍රශ්න ඓතිහාසික වූ විට උත්තරය ඓතිහාසික නොවීමය. ඓතිහාසික ප‍්‍රශ්ණයට උත්තර සෙවිය යුත්තේ ඓතිහාසිකවමය. දැන් ප‍්‍රශ්ණය උත්තරය සොයායන හැමෝම ප‍්‍රශ්න අවුලන විෂය ඉතිහාස විදියට දකින එකය. ඉතින් ප‍්‍රශ්න සමග පොර බැදී දේශපාලන නායකයන්ද දාර්ශණිකයන්ද ලේඛකයන්ද සමාජ මතවාදීන්ද ලෙස පුද්ගලයන් මතුවේ. ප‍්‍රශ්නය ඉතිරිය ලක් දුපතේ ලක් මිනිසාද රිද්ම රටාව අනුව මොහොත ගෙන දෙකට බෙදේ. කලකට සිංහලයන් සිංහලයන් ලෙසත්, දෙමලූන් දෙමලූන් ලෙසත්, නිහඩවේ. රිද්ම රටාව පෑදු විගස බෙදේ. අවි අතට ගනි. නායකයන් තනා ගනි. මරා ගනි. එකෙකු පාගා අනෙකා ජය ගනි. දෙමළෙක් හා සිංහලයෙක් එකට එකතුව විසදා ගත් කිසිම ප‍්‍රශ්නයක් තවමත් ලංකාවේ නැත. රටේ අයිතිය එකට විසදා ගන්න බැරි දෙජාතියකට කිසිම ප‍්‍රශ්ණයක් එකට විසදා ගත නොහැක. ඒ නිසා ලෝකයේ වටිනාම පරිසරයත්, ඉතිහාසයත් ජීව ජානත් භූගෝලීය පිහිටීමක් ඇති රටක් තුන්වෙනි ලෝකය තුළට වැටී අනාථව ඇත.

                           රාජකීය කෝට්ටේට අගනුවරත්, රාජකීය රජකම විධායක ජනාධිපති නමින් නව යුගයට ගෙනා විගස උතුරු රට වෙන් විය. මේ ලක්වැසියා, දෑසින් දුටු ජීවමාන ඇත්තය. මෙම සිදුවීම වාර්ගික ප‍්‍රශ්න ලෙස මිසක වෙන ඇසුරෙන් වටහා ගෙන නොමැත. නැත. ලක් පොළොවේ ඇත්තේ වර්ගවාදී ප‍්‍රශ්ණ නොව භූගෝලීය ප‍්‍රශ්නයකි. එනම් පරිසර පද්ධතිය, පරිසරයට අනුගතව තැනූ ජීව මිනිසාගේ තෘප්තිමත් භාවය ගැන ප‍්‍රශ්නයකි. උතුරින් ඈතට බලය යන විටම උතුරු කැළඹේ දකුණින් ඈත උතුරට ලංව බලය රැගෙන අගනුවර තැනූ විට රුහුණට රිදේ. කැළඹිල්ලත් රිදිල්ලත් ලංකාවේ දෙමළ සිංහල ගැටුමේ පාදම ඇති භූගෝලීය ඇත්තය. එත් මේ කිසිවක් කා සමග කතා කරන්නද?. හැම තැනම පෙරමුණ ගන්නේ ස්භාවික දැකීම නොව අස්වාභාවික දැකීමය. ලංකාදුපතේ දැකීම සොයා ගැනීමේ ජාන උත්සාහයට දිරියක් නැත. දිරියක් නැතත් ජීවයත්, ජානයත් දකින ජාන ඇත්තේය. මේ ජාන ජීව එක තැනකට ඇවිත් තැන හදන තැන මතු වී එනු ඇත. ඒ තැන නොසිතන තැනකි.


සුජිත් අක්කරවත්ත

Saturday, May 16, 2015

තැන්නෙන් - කන්දට


                          
   

                         ලක්දිව මුල්ම මිනිස් ජනාවාස ඇති වී ඇත්තේ සිසිල් සෞම්‍ය තෙත් කලාපීය වන පෙත් වලය. එසේ ජීවත් වීමට සිසිල් කදුකරය වනාන්තර තෝරාගත් ලොවේ එකම ප‍්‍රාග් මිනිසා වන්නේ සිරිලක ප‍්‍රාග් මිනිස් ප‍්‍රජාවය. මේ ගැන මවිතය මිසක නිශ්චිත හේතුවක් තවමත් නිසි ලෙස සොයා ගන්නට බැරිව ඇත. ඇරඹුමේදිම අමුතු මානවයෙකු වූ ලක් මිනිසා ශිෂ්ඨාචාරයට පිය මැන ඇත්තේ ද අමුතුම මිනිසෙකු විදියටය. තම රටේ සුව පහසු සෞම්‍ය කලාප තිබියදී වියළි කලාපයෙන් ශිෂ්ඨාචාරය පටන් ගෙන ඇත්තේය. සීතල කදු වලින් ජීවිතය අරඹා වියළි කටුක තැන්නෙන් ශිෂ්ඨාචාරය පටන් ගෙන ගලා ගිය ලක් මිනිස් ප‍්‍රජාවේ මේ වෙනස තවමත් හරි ලෙස විමසා බලා නැති ගැඹුරු කථාවකි. සැබවින්ම ”ප‍්‍රාග් ලක්වැසියා” කදුකරය පි‍්‍රය කරන ගමන් ”ජාතික ලක්වැසියා” තැනිතලාව තෝරා ගන්නට බලපෑමේ කවර හේතුවක්ද?. වියළි තැනි තලාවට පැමිණ සෞම්‍ය සිසිලනය සදහා ලොව සුවිශිෂ්ඨතම  ජල තාක්ෂණ කලාව බිහි කරගත් ලක්වැසියාගේ මේ බරපතල කලාව ලොවම මවිත වී සොයන කථාවයි. එත් ලොවක් මවිත වන කථාව පසක් කර ගන්නටත් ලක් වැසියාටම නොහැකි වී ඇති තැන කවර ලෙසින් මෙම විමසුම පූර්ණ කර ගත හැකිද?. ලොවක් බලා සිටින පුරාවිද්‍යා ප‍්‍රශ්නාර්ථයන් අතර මේ ප‍්‍රශ්ණය මුල් පෙලේම තිබෙන්නකි. දැන් ඇත්තටම මේ අමුතු මානව ශිෂ්ඨාචාරයහි අරුම දනවන හැසිරීම සොයා බැලිය යුතු රස කථාවකි. කථාව රසය දනවන්නේ මේ මානව හැසිරීම ගලාගෙන විත් ඇති සැටිය සොයා බලන කොටය. කන්දෙන් පටන් ගෙන තැන්නට ඇවිත් තම්මැන්නාවේ පළමු රාජධානිය තැනූ සිංහළ ශිෂ්ඨාචාරය අවසානයේ තැන්නේ තැනින් තැනට ගොස් කන්දේ මහනුවරට ඇවිත් නතර වූ සැටිය අරුම දනවන මවිත කථාවේ පූර්ව අපර ගැලිපිමේ අමුතු තැනය. සැබෑ විදියට අන්තිම රැකවරණය ඇත්තේ මැද කදු රටේ බව සිංහළ මිනිසාට වැටහුනේ කෙසේද?. එ තම මුල්ම ජාන බලපෑම නිසා වූ ආපසු ගමනයක්ද?. මේ ගැන සිතා බලන්න වේලාවක් නැත්තේ රාමුව මැදට ඉතිහාසයත් දමාගෙන සංකල්ප වලින් අතීතය ගැන උත්තර සොයන නිසාය. ලක් ඉතිහාස විත්ති කථාව මෙවන් අපුර්වත්වයෙන් ගලා විත් ඇත. සැබවින්ම තම්මැන්නා තැන්නේ පටන් අරන් මහනුවර කන්දෙන් අවසන් වන රාජකීය ලක් වැසියන්ගේ දේශපාලන ඉතිහාසය පුදුම දනවන්නේ ජන සම්මත ලක්වැසියාගේ යුගය සදහා කන්ද මහනුවරින් තැන්නේ කොළඹට ආ සැටියෙන්ය. රාජකීය රාජ්‍යත්වය පටන් ගන්නේ වෙරළ තැන්නේ මුහුද අයිනේ තම්මැන්නාවේය. පුදුමය කියන්නේ රාජකීය රාජ්‍යත්ව කන්දේ මහනුවරින් නිමා කර ජන සම්මත රාජ්‍යත්වය පටන් ගන්නේද වෙරළ තැන්නේ මුහුදු අයිනේ් කොළඹින්ය.

                            සැගවි සිටින යුගයේ කන්දත් එළිපිට සිටින කාලයට තැන්නත් සොයා ගත් ලක් මිනිසාගේ මේ හැසිරීම භූගෝලීය හැසිරීමක්ද?. එසේ නැත්නම් ජීව ජාන හැසිරීමද?. මේ සෙවිය යුතු එත් සොයන්නේම නැති අපේ කමේ ඇත්ත කථාවය. අපේ කම කියන්නේ දෙමළාටත් මුස්ලිමානුවාටත් උඩින් සිටින්නටත් බටහිරට පහර දීමත් යැයි සිතන පටු ජාති පේ‍්‍රමයක හිර ගත සිරගේ බිද ගත නොහැකිව ඇති තැන මේ ඇත්තට ගැඹුරක් සොයන පරියේෂණ අපට නැත. ශාස්තී‍්‍රය ව්‍යාපර බුද්ධිමය චරිත නැත. හිස් වාග්ලංකාර හා පරපුටු පංචස්කන්ද වලට හැම දේම වැසි ඇත.  පටු ජාති පේ‍්‍රමය අතහැර ඇති අයට ඇත්තේ ජාති මාමකත්වයක් නොව බටහිර ලෝලයකි. එ ලෝලයෙන් ඉතිහාසය බලන මේ අයට බටහිරට පෙනෙන තර්ක දත්ත හා දර්ශන නැතිව මොකුත් කළ නොහැකිව ඇත්තේය. ඉතින් ”ලක් මිනිසා” හරියටම අසු නොවේ. එ නිසා හරියටම සොයා ගත නොහැකි ජාන ජාතියක් ජාතික වශයෙන් එකතු කොට ලෝක ශිෂ්ඨාචාරයහි මුදුනට රැගෙන යන්නට බැරිව සිටින්නේය.
                             
මේ හන්දා තැන්නේන් කන්දට ගිය කි‍්‍ර.පූ. 547 සිට කි‍්‍ර.ව. 1815 දක්වා ලිඛිත ඉතිහාසය හරියට වටහාගත නොහැකිව ඇත. ලියා තැබූ තතු කථාව තේරුම් ගන්නව බැරි නම් එ කියන්නේ තැන්නේන් කන්දට ආ කථාව වටහා ගන්නට බැරිනම් ලියා තබා නැති කන්දෙන් තැන්නට ආ ප‍්‍රාග් කථාව කෙසේ වටහා ගන්නටද?. මේ නිසා කදුයායෙන් තැනිතලාවටත් යලි තැනිතලාවෙන් කදු යායටත් ගමන් කර ඇති සිරිලක මිනිස් කථාව හරියටම වටහා ගත හැකි පරියේෂණ ඇරඹිය යුතුය. එය ජීවිතය ජාතියට කැප කොට සෙවිය යුතු පුරාවිද්‍යාවට බැදුනු ඓතිහාසික පරියේෂණයකි. නිමිති පහල වූ තැන ලියා තැබිය යුතුය. යුගය පැමිණි විටක හෝ චරිතය පැමිණි විට ඉටු කළ යුතු හරිම දේ ඉටු කිරීමට මොහත එළඹෙනු ඇත. එහෙම මොහත කන්දෙන් තැන්නටත් තැන්නේන් කන්දටත් අතර දෝලනය වූ සංසරණය වූ ලක්වැසි මිනිසාගේ ජීවමානය හරියට සෙවීම ප‍්‍රතිපත්තිය කර ගන්නා වෙලාව එනු ඇත. වෙලාව එන විට කවරෙකු කොහේ හෝ සිට මොහතට එනු ඇත. ලක් පොළොවේ වැඩ කෙරෙන තාලය එකය. කන්දෙන් නැගිටින ශිෂ්ඨාචාරයත් ඔනෑ වූ තැන රාවණා ලත්, විභීෂණලාත්, සුමන සමන්ලාත්, මහසෙන්ලාත් මතු වූයේය. එ කන්දේ විජීත යුගය අවසන් වී තැන්නේ යුගය පැමිණ ඇතිවිට විජය කුමරු සිංහ ලකුණින් ඇවිත් තැන්නේ යුගය ඇරඹිය. සතුරන් ඇවිත් තැන්න වට කරන විට යළි කන්දට නගින්ට විමලධර්මසූරිය ආවේය. යළිත් තැන්නට ගොස් නිදහස් යුගයට මොහොත ආවිට සේනානායකයන් ආවේය. මේ විදියටම ඉතිහාස කරුවන්ද බිහි වන්නේය. අනුරපුරට අභියෝගය එනතුරු කවුරුත් ඉතිහාස පොත ලියන්නට නොසිතුවේය. එත් මොහත ආවිට මහානාම හිමි වෙලාවට වැඩියේය. ඉතින් තැන්නෙන් - කන්දටත් , කන්දෙන් - තැන්නටත් කථාව හරියට මැද අග මුල තේරෙන මිනිසා ඇවිත් මොහත උදා කර දිය හැකිය. මේ නිමිත්ත එ නිමිති මොහතට නිමිත්තක් පමණි.

සුජිත් අක්කරවත්ත

Thursday, May 14, 2015

තුන්තරාගමනය


                                            
          

      ලක්දිවට ආලෝකය ගෙන එන සිදුවීම් තුන වන්නේ ”තුන්තරාගමනයයි”. ”තුන්තරාගමනය” නමින් මහාවංශය මෙසේ නම් කොට ඇත්තේ ගෞතම මුනිදු ගේ සිරිලක වැඩම වීමය. තුන් වරක් උන්වහන්සේ සිරිලකට වැඩම වන්නේ සිරිලක තුන් සිංහලයටය. එ කියන්නේ පිහිටි රටට මයා රටට සහ රුහුණු රටටය. මේසේ සිරිලක තුන් බෙදීම ”තුන්තරාගමන”යෙන් සමනය වන්නේය. තුන්ගමනින් ස්ථාන දහසයකට වැඩම කරන තථාගතයාණන් වහන්සේ එ ඔස්සේ ලක්දිව නාගරික සිතියම ද සකසන මාවත තනන්නේය. ”තුන්තරාගමනය” විසින් රාක්‍ෂ, නාග, යක්‍ෂ, දේව, සිංහ ආදී වංශයන් සදහා එක්සත් ජාතික රාජ්‍ය මතවාදයක් හිමි වන්නේය. එමෙන්ම බුදු හිමි වැඩම කල ස්ථාන දහසය මැදි කරගෙන මෙරට නගර ජනපද සහ මං මාවත් වෙළද නගර සහ සංස්කෘතිකාංග බිහි වූවේය. එ අනුව අදත් ලක්දිව නගරයක්  ඇත්නම් පළාතක් ඇත්නම් එ සියඵ ප‍්‍රදේශ බුදුන් වහන්සේ වැඩම කල භූමිය මූල පදනම කොටගෙන පවති. අම්පාර දිඝවාපිය නිසාද ගම්පහ, කොළඹ, කැලණිය නිසා පවතින සැටියටම කිරිවෙහෙර නිසා හම්බන්තොට, මාතර ද ශී‍්‍ර පාදය නිසා රත්නපුර, නුවරඑළිය, කෑගල්ල ද එසේ පවතින්නේය. ලක්දිව සියඵ නගර එකට බැදෙන මාර්ග පද්ධති ද ගෙති බැදී විහිදි යන්නේ ද මේ සොළොස්මස්ථාන මැදින්ය. තවත් අපූරුව වන්නේ ලක්දිව සියඵ ජාතික උත්සවය ලෙස පවතින ප‍්‍රදේශීය සංස්කෘතිකාංග සියල්ල මෙම සොළොස්මස්ථාන මැදින් බිහි වි ඇත්තේය. එමෙන්ම ලංකාවේ රාජ්‍යත්වයද ව්‍යවස්ථාදායකයේ සිට රාජ්‍ය නායකත්වය සදහාද බලපෑ ඇති අති මහත් බලගතු භූමීන්ය.   

                          මේ නිසා ”තුන්තරාගමනය” තුන් සිංහලයට සිදුවන්නේ තුනට බෙදී තිබූ ති‍්‍ර සිංහළය එකට බැද තබමිණි. එවිට ගෞතම තථාගතයාණන් වහන්සේ මෙසේ සිදු කර සිටින හේතුව කුමක්ද? සිරිලක පදනම් බෞද්ධ රාජ්‍ය වන නිසාද. මෙය හීන සිතුවිල්ලක් නොවන බව වැටහෙන්නේ මිහිදු ආගමනය නිසාය. ධර්මාශෝක අධිරාජ්‍යයා තම ධර්ම ප‍්‍රචාරක ලෝක ව්‍යාපෘතිය සදහා සිරිලක තෝරා ගන්නේ සුවිශේෂත්වයේ තබමිණි. එ තම පුත‍්‍රයාද දියණියද සිරිලකට දායාද කරවමිණි. ධර්මාශෝකයන් මෙවන් බලගතු තීරණයක පිවිසෙන්නට හේතුව මොග්ගලිපුත්තතිස්ස මහරහතුන් විසින් බුද්ධ පාරිභෝගික ශුද්ධ භූමියක් සේ සිරිලකට ලබා දී තිබු සුවිශේෂත්ව විය හැකිය. එසේ නම් ලෝක දේශපාලනයහි තීරක දුපතක් වීමට සිරිලකට වරම ලැබන්නේ මෙතැන් සිටය. මේ විශේෂ බුදු කරුණාව සිරිලකට ලැබෙන්නේ අප රටේ භූ සුවිශේෂතාවය නිසාද?. නොවේ නම් ජනතාවගේ විශේෂත්වය නිසාද?. එහෙම නොවේ නම් භූ ජාන සත්ව තුරුලතා ආදි සොබාදහමේ සුවිශේෂ බව නිසාද?. මේ සිතිය යුතු තැන්ය. මනෝරාජික සිහිනයක් ලෙස බැහැර තබා ඇති මේ සියුම් දෑ පසක් කර ගන්නට පෝසත් මනසක් මේ රටේ ඉතිහාසඥයන්ට පහල වන්නේ නම් පරියේෂණ තව දුරටත් රසය දැනෙන මවිත තතු වලින් උතුරා ගලා යනු ඇත.

                   අධ්‍යාත්මික බලය ගැන බැදි දිවි ගෙවන පිරිස් වල වන්දනාවට පත් වන මේ භූමි රටක ජාතික බල ගැන්මට බලපෑ සැටි විමසිය යුතු තැන්ය. වන්දනාවම නිසා පවතින දෑ වන්දනාව නතර වූ තැන නතරව යා යුතුය. නැත ලක්දිව සොළොස්මස්ථාන එසේ වන්නේද නැත. වන්දනාවට නොව බලන්නට මෙහි පිවිසී බි‍්‍රතාන්‍යයන් අතින් මේ භූමි පුරාවිද්‍යාත්මක ලෝක උරුම ලෙස සුරක්‍ෂිත වන්නේ ඒකය. එවිට දැනෙන දේ ජාතික සංසකෘතියට හා ලෝක කලාවට පාඩමක් එක් කළ ස්ථාන බවට මේ ස්ථාන පත්ව ඇති සැටියය. මේ නිසා මෙවන් බලවත් සම්ප‍්‍රදායික රිද්මයක් සදහා පිවිසුම වූ ”තුන්තරාගමනය” කියවා තේරුම් ගත යුතුය. ඉතිහාසය ගැඹුරට සොයන බොහෝ විද්වතුන් පවා  ගැඹුරට නොබැලූ වූ මහාවංශ පරිච්ෙඡ්දය ”තුන්තරාගමනය” යැයි සිතේ. මන්ද එය භක්තිය දනවන ආගමික කථාවක් ලෙස ගැනීමය. සැබවින් එය ආගමික කථාවක් නොව භූගෝලය, දේශපාලනය, කලාව, ඉතිහාසය, ජෝතිර්වේදය, වෙදකම, අධ්‍යාත්මිකවාදය, දර්ශණය හා මානව විද්‍යාව එකට බැද තැබූ කදිම පද ගෙත්තමකි. 

                    
  ”තුන්තරාගමනය” ලක්වාසි යකුන්, නාගයන් හා රාස්සයන් ද දේවයන් ද සමග ලෝකය හා නිවන මැද සිදු වූ බුද්ධ භාෂිත සංවාදයන් වල සරාර්ථයය. මේ සරාර්ථය ගැන කතාබහක් මතු නොවන්නේ කිමදැයි විමසිය යුතුය... මේ බුද්ධ භාෂිත සංවාදයහි ප‍්‍රතිඵල කෙතරම් ගැඹුරට කිද, බැස ඇතැයි සනාථ වී ඇත. එ සරඹු මහ රහතන් වහන්සේ නිසාය. මහියංගන වැසියෙකු වූ සරඹු, මහරහත් බව ලද ප‍්‍රථම සිරිලක් වැසියාය. සිරිලක ජාතික රාජ්‍යහි සම්ප‍්‍රදාය බිහි වන්නටත් පෙර නිවන වටහාගත් ප‍්‍රථමයා වන්නේ කෙසේ ද යන්න සැක බලා ගැනීමට හැකිය. එ ”තුන්තරාගමනය” විමසීමෙන්ය.

                       මෙතරම් දියුණු හා ගැඹුරු සංවාද දිග හැරුනු සමයක් විද්වතුන්ගේ කථා බහින් පවා ඈතක් ඇත්තේ මන්ද? මේ මන්ද විමතියම බුදු හිමි සිරිලකට බැදුනු බැදීම සොයන මාවත අහුරා ඇත. ලොවේ බලගතු අධිරාජ්‍ය අතර අශෝක මෞර්ය අධිරාජ්‍යද ඉංගී‍්‍රසි අධිරාජ්‍ය ද කැපී පෙනේ. සිංහළ භූමිය මේ අධිරාජ්‍ය දෙකම විශේෂත්වයක් ගෙන කල්පනා කර ඇත්තේ එකය. මේ නිසා ”තුන්තරාගමනය” ඔස්සේ අටමස්ථාන සොළොස්මස්ථාන දක්වා විහිදෙන භූ විද්‍යා කථාන්දරයක් ඇත. මේ භූ විද්‍ය කථාව අධ්‍යාත්මික ජාතික ප‍්‍රබෝදයක කථාවකි. එ පමණක් නොව ලොව වැඩිම කාලයක් නොනැසි ඇති එකම නගර සම්ප‍්‍රදායය. ලොවේ නගරවල නම් කාලය අනුව වෙනස්ව ගියේය. එත් පුදුමය ලොවේ නගර දහසයක් ඇත. එ දහසය නම යෙදුන දා පටන් හැදින්වෙන්නේ එ නමින්මය. එහෙම නගර දහසයක් පවත්වා ගෙන ඇත්තේ සිරිලක සිංහළන් පමණය. ”තුන්තරාගමනය” සොළොස්මස්ථාන දක්වා නගර දහසයක් තනා ඇත්තේ ලෝක මට්ටමට යා හැකි බව කීමටය. එත් සිරිලක ඇත්තේ එ සිංහළයන් දැයි හිතා ගැනීමටත් බැරිව සිංහළකම තප්පු ලන්නා වාගේ වංසේ කබල් ගෑමක් වී ඇත්තේය. එම වර්ග හීනමානය නොව වර්ග මායිම මුදා හැර තැබු මුනිදු දුටු ජාතික පුඵල් භාවය ”තුන්තරාගමනය” කියා දී ඇත්තේය. ඒ මානවිය දැක්මය. මානව වංශ කථාවේ දිගු නමක් සිංහළයන්ට ඇත්තේ එතැනටය. මුනිදු කියා දුන් ජාතික පුඵල් භාවය සොයන්නට ”තුන්තරාගමනය” පාදක කියවීමක් කර ගත යුත්තේ එකය.

සුජිත් අක්කරවත්ත

Monday, May 11, 2015

මියු ගුණය - මහියංගනය

                    
                 


               ”මිහි ගණයා” දිවි සිරිත ඇරඹි තැන ”මිහි ගණය” විය. එ මිහිගණය ”මියුගුණය” වන්නේ කි‍්‍ර.පු. 627 දීය. එ මුනිදු බුදු ගුණ ගෙන වැඩම කළ තැන නිසාය. බිම් තැන්න නමින් යකුන් නාම ගත කර ඇත්තේද එතැනටය. පාලි සංස්කෘත මූලයෙන් බිද ගත් විටද හෙළ බස් ඉසුරු කුමරතුගු මුනිදසුන්යගේ හෙළ භාෂා මූලයේන් බිද ගත් විටද අරුත එකය. එ කියන්නේ මිනිසා ජීවිතය සංස්කෘත ගත කළ තැනට දෙන තනි වදන මියු ගුණය, මිහි ගුණය මහියංගනය බින්තැන්යය. එසේ නම් එ බිම් තැන්න, එ මිහි ගුණය නැත්නම් මිහි ගණය, මහියංගනය ලෝක කේන්ද්‍රය වන බව දැන ගත්තේ ගෞතම මුනිදුය. මුනිදු මුලින්ම මෙහි වැඩම වන්නේ සිංහලයන් ජීවිතය පටන් ගත් බිම් තැන්නටය. මියුගුණටය. මිහි ගණයටය. මහියංගනය. 


                  මහියංගන මහසෑය නංවන පළමු සිහිනය දුටුවේ සමන් නිරිදු දෙව් රජුය. ඉන්‍ද්‍රනීලක්‍ෂෙ ධාතු, මුනිදු ගෞතමයන් වැඩම කළ නීල පද්ම අසුන මත තබා මියුගුණ දෑගබ බැදෙන්නේය. එ ලක් දිව ප‍්‍රථම මහ රහතුන් වහන්සේ වූ සරඹු මහරහතන් වහන්සේගේ භූ සූත‍්‍ර කලා වියමන අනුවය. එ අනුව තුන්ලෝකාග‍්‍ර බුදු මුනිදු තෙමේ සමනල ගිරියේ දී තම ශීර්ෂ මස්තකයෙන් නෙලා ත්‍යාග කළ ඉන්‍ද්‍රනීලක්‍ෂෙ ධාතුන් වහන්සේලා වැඩවසන්නේ මියුගුණ මහසෑයේය. ධර්මාශෝක අධිරාජ්‍යයා  ධර්මචක‍්‍රවර්තීසේ ලෝක අධිරාජ්‍යයා වන්නේ බුදු මුනිදු ලෝක චරිතය වෙමිනි. එ බුදු සිරිතට බැදුනු බිම්තැන්න ලොව මුදුනට එන බව දැනගත් පළමු සිංහල නර පතිදු වන්නේ රාවණාය. රාවණා මේ රහස සමනල සිරසේ දී ගෞතම මුනිදු වෙතින් දැන ගත් බව ”ලංකාවතර සූත‍්‍රය” නිරවුල්ව ලියා ඇත. එත් ගැටුම ථෙරවාදින් ”ලංකාවතර සූත‍්‍රය” තම ති‍්‍රපිටකයෙන් පිටත තබා ඇති තැනය. කොහම උනත් ”ලංකාවතර සූත‍්‍රය” එහි ඇති මියුගුණ බැදුනු රාවණ බැදිම සිංහල ජන සිරිත හා බැදී ප‍්‍රාග් මිනිස් තතු දත්ත මත ජිවමාන ඇත්තකි. බිම්තැන්නට බැදුනු බිමට ඌව පලාත කියාද කියයි. අනුර නුවරට බලය සොයා ගෙන ගිය පණ්ඩුකාභය මියුගුණය හෙවත් මහියංගනය හරියටම දකින දෙවන රජුය. ඔහුට එක්සත් ජාතිකවාදය නමින් මහා සම්මුතික රාජවාදය නිර්මාණ කිරීමට පාද භූමිය වන්නේ මියු ගුණයය. මෙතැන් පටන් මහවැලි නදිය උතුරට හැරී නැගෙනහිර බලා යන මර්මස්ථානය පිහිටි මියුගුණය, බින්තැන්න ලක් රාජ කතාවතේ හරි මැද වි ඇත. එ හරි මැදට මහියංගනය පත් වුයේ කොහමද? මුල්ම ලක් මානවයා බැද්ද වනාන්තරය අතහැර බින්තැන්නට බින්න බැස්සේ මන්ද? මේ ගැන ගැඹුරට ඇති කතාව ඇත්තේ මහවංශයෙහි ”තුන්තරා සුත‍්‍රය” නම් පරිච්ෙඡ්දය හරි මැදය. මේ කිසිවක් කියවා තේරුම් ගෙන ලක් රාජ කතාව සොයන බහු ඇසකින් පිරුනු ඉතිහාසයවේදීන්  නැති තැන සියල්ල කට කයිවාරුකාරයන් වී ඇත. අතීත දැනුමේ ඡායා මාත‍්‍රය මිසක ගැඹුරු පතුල හා බැදුනු ගලායෑම සොයන තැන් විරලය. 

                   එහෙව් විරල ඉතිහාස සමාජයතකට 2559 වන වෙසක් වසර නිමවා 2560 වන වෙසක් වසර සමරන්න සිදු වී තිබේ. ඉතිහාසය හරි මැදින් ගත් විට පුදුමය යලි ජිවමානව දැකිය හැක. මියු ගුණය සොයා ගත් තුන්වන සිංහල රාජකිකයා හමුවන්නේ එතැනදිය. රාවණාත් පණ්ඩුකාභයත් සෙව් තැනින් නොව වෙනත් තැනකින් මියු ගුණය දුටු තුන්වැන්නා දුටුගැමුණුය. ඔහු මහියංගන තොටමුනෙන් සොළියා පන්නා දැම්මේ පර ගැතියන්ට එරෙහි වීමේ ඓතිහාසික සම්ප‍්‍රදාය තනමිනි. මහියංගනයෙහි සිවුවැනුව හැරුවුම කරන්නේ මහියංගනයෙම උපන් මහසෙන්ය. ලක් වාපි කලාව නැවුම් මාවතකට හැරවු ශිල්පීය රජාණන් වන්නේ මහසෙන්ය. එපමණක් නොව මහසෑය පරයන මහසෑයක් බැද ජේතවනාරාමය මතින් බින්තැන්නේ රාවණා නාදය අනුරනුවරින් මතුමහලට නංවන්නේය. එසේ නංවා ථෙරවාදින්ගේ ති‍්‍රපිටකයෙන් බැහැර තැබු ”ලංකාවතර සූත‍්‍රය” ලක් රජයේ නිල පිළිගැනීමට බදුන් කරන ප‍්‍රථමයා වන්නේ ඔහුය. මේ විදියට දිගට ඇදෙන කථාවක් මියු ගුණයට ඇත. මේ කථාව කස්සප සීගිරි පබ්බතය උඩටටම රැුගෙන ගියේ ලංකාවතර සූත‍්‍රය ලංක්දිව රාජ  සූත‍්‍රය කර ඉසුරුවාදී රාජ වාදයට මග හැර තබමිනි. ලක් රජෙකු ථෙරවාදය මහයානය අතර පිලකට නොගොස් බෞද්ධ දැක්මින් රාජ විලාසය තැනුවේ මෙලෙසිනි. එ ගමන ඇරඹෙන්නේ මහියංගන සොරබොර වැව් තාවුල්ලේ හරි ගැසුනු කතාබහකින්ය. සීගිරි සිරසින් පසු ලක් රාජ්‍ය හරි මැදින් මතු වන පළමු පරාක‍්‍රම බාහු ලක් පොළවේ බිහි වූ විශාලතම වාණිජ නුවර බැන්දේ මියු ගුණ සෑයේ  සෙවනේය. එ වණික් නුවර හෙවත් වාණිජ නුවරය. එතැනින් නව යුගයකට පාර කැපුනු අතර පුදුමය රාජ සම්මත කථාව ජන සම්මත යුග කථාවට බැදී ඇත්ත වු සැටිය. 

                       බටහිර ජාතීන්ගෙන් මිදෙන සටන හැබෑ කළ ඞී.එස්. සේනානායකයන්ට ජාතික ධනවාදයේ පළමු සිහිනය පෙනුනේ මහියංගනයේදීය. ඒ සිහිනයෙන් ඔහු ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුගයකට හැර තැබුවේය. මේ නිසා ලක් ඉතිහාසයහි සියලු රජුන් ප‍්‍රභූන් බලකාමීන් මියුගුණ මහාසෑය බැ`දි මහියංගනය වැද සටන පටන් ගන්නේ මේකය. මේ ගැන ජාතික වංශ කථාවට බැදී අතුරු වංශ කථාව ලියා ඇත්තේ වැද්දන්ය. වැද්දාගේ අවසන් රජ්ජුරුවන් තවමත් බින්තැන්නේ ජිවත් වන්නේ ඒකය. මනුෂත්වයේ උත්තර රජු බුදු රජ බින්තැන්නට වැඩියේ ඒකය. ජන රජු වෙන්නට පතන හැමෝම මියු ගුණ මහසෑය වැද භාරහාර වන්නේ ඒකය. බිම්බරක් සෙන`ග ගැවසුනු භූමිය ගැන සැලව ස්වකීය කරුණා සමාපත්තිය අග ගෞතම මුනිදු මිහි ගණය මියුගුණක් කර වැඩියේ සිංහලයන්ට ලෝක භූමියක් ඇති කරමිනි. මේ ලෝක භූමිය අසමසම පිහිටීමකින් හෙබි භූමියකි.  ඕනෑම රටක් ලොවේ ඇත්නම්... එ රටේ ස්වභාවිකම සැදුනු එ රටේ ප‍්‍රධන ගංගාව.. එ රටේ පිහිටි ස්වභාවිකම වරායට යා හැකි තැනක් වේ නම් එහෙම තැනක් ඇත්තේ සිරිලකය. එ සිරිලක තම පළමු සිරි පතුල බුදු මුනිදු තැබු මියුගුණයය. මහියංගනයය.

සුජිත් අක්කරවත්ත