Monday, July 27, 2015

මයා රටේ නාගයෝ

   


මයා රට ලංකාවේ බල මුදුනට ගෙන ඒමේ ගෞරවය හිමි වන්නේ ගිරිවතලානේ ස්වාමීන් වහන්සේටය. උන්වහන්සේ විසින් විරචිත සිරිලක කඩඉම් පොත මයා රට මුුදුනට ගෙන ඒමට මුල් වූ කෘතියය. ති‍්‍ර සිංහලය තැනුනේ රුහුණත් පිහිටි රටත් මයා රටත් එක් වීමෙනි. ඒ නිසි ලංකාවේ බලය සදහා රුහුණු රටින් පිහිටි රටින්ද මයා රටින් ද බලවේග තුනක් හැම විටම තරගකාරි වේ. මේ තුන් බලවේගයේ ගැටීම තරගය හා මුසුවීම ලංකාවේ රාජ්‍ය බලයේද සමාජ මත මානයේද මූල පදනම වන්නේය. ශි‍්‍ර ලංකා රාජ්‍යයෙහි සිංහල රාජ යුගයට පෙර සිට මේ කථාව දිගට ඈදුණකි. මේ භුමියට බැදුණු විශේෂණය නිසා ලංකාව වැඩම කරන බුදු හිමියන් තුන් ගමනකින් සිරිලක තුන් රට අවරණය කර තැබුවේය. ‘තුන්තරාගමනය’ නමින් මහාවංශය මේ සම්බුදු ආගමනය නම් කරන්නේ ඒ නිසාය.


    තුන් රට භුමි වශයෙන් ති‍්‍රවිධ වනවිට ඒ මත පදනය තුන් වර්ගය වන්නේ යක්කු රාක්‍ෂ හා නාගයන්ය. නාගයන්ගේ බල මුදුන බැදුනේ කැළණි නුවරය. එතකොට නාගයන්ගේ රජුන් අතර ඇවිල ගිය යුද්ධය නිමා කිරීමට බුදු රජුන් කැළණි බිමට වඩින්නේය. කැළණිය ලොව හා බැදී තිබූ අතීත වානිජ නුවරය. එය මහසයුර  සහ කැළණි නදි මුව දොර මැද පිහිටි අමුතු නුවරකි. කරදිය ද මිරිදිය ද එකට බැදුන මේ නාග තොටුමුණ හා බැදී ගිය රටෙ ඇතුලේ නාග ගම් ගනනාවකි. නයිවිල, නයිවල සිට අදත් මයා රටේ පිහිටි ගම් නම් කියා  පාන්නේ ඒ අතීත නාග වරුණය. ගම්පොළ යුගයේ අගදි විරචිත ගිරිවතාලනේ හිමියන්ගේ කෘතිය පුරා මේ නාග ගම් ගැන කදිම විස්තර සටහන්ව තිබේ. එ වගේම කැළණි නාග කෙලිත්තියන් ගැන සැළලිහිණිය පද බදින තොටගමුවේ රාහුල මහ තෙරිදුද රසාලිප්ත තතු ලියා ඇත්තේය. එහෙම ලියා ඇත්තේ නිකන් නොව නාග කතුන්ගේ ප‍්‍රබලත්වය නිසාය.

     ශි‍්‍ර ලංකාවේ මැද යුගය ඇරබෙන්නේ ගම්පොල යුගයෙන් පසුවය. එතැන් සිට අද දක්වා සිරිලක බලය දරාගෙන ඇත්තේ මායා රටේ මයාවරුය. මායාවරුන්ට එක දිගට සත්සිය වරුෂක් යන තුරු මෙසේ බලගතු රාජ දේශපලන උරුමයක් හිමිව ඇත්තේ කිමද?. මේ නම් සෙවිය යතු ඉතිහාස රහස්කි. රහස් සෙවීම ඉතිහාසය සාර කරන මාවතය. රහස සොයා නොගෙන ඉතිහාස වටහා ගන්නවද බැරිය. මෙහෙම වී ඇත්තේ සගවා තබා ගත් බොහෝ දේ ඇති නිසාය. ඒ නිසා මායා රටේ නාගයන් සගවා තබා ගිය රහස කථාව කියවා ගත යුතුය. රුවන්වැලි මහ සෑය රකින පවුර වැටේ ඇත්තේ ඇත්තුය. එත් පුදුමය නාග තොටමුනෙ බිදුණු කැළණි මහ වෙහෙර රකින පවුරේ ඇත්තේ නාගයෝය. රුවන්වැලි මහසෑය සමුප‍්‍රදාය වී ඉන්පසු බැදෙන චෛත්‍ය වටා ඇත් පවුරු බැදුනේ එකය. ඒත් රුවන්වැලි මහසෑයට පෙර බැදුනු ගෞතම බුදුන්ගේ පාදස්පර්ශයෙන් පුජණීය වූ කැළණි වෙහෙරෙ නාග පවුර මේ රටේ වෙහර සමුප‍්‍රදායේ ආදර්ශයක් නම් වී නැත්තේය. ඇත් පවුර පරමාදර්ශයක් වන්නටත්, නාග පවූර එහෙම නොවන්නටත් හේතුව කුමක්ද?. මෙන්න සොයන්න ඉතුරුව ඇති සොයන්න හිතන්නේ නැති එත් සොයන්න වටින ඉතිහාස රහස්ය.

    මේ රහස සොයන්නට නමි මායා රටේ යක්කු වගේම මයා රටේ නාගයන්ගේ කථාව ගැඹුර කිම්ද බැලිය යුතුව. ඇත්තටම මහාසෑය තනන්නාගේ කැළණි රජ පරපුරේ දු කුමරිය විහාර මහ දේවි පුත‍්‍ර ගැමුණුය. එතකොට විහාර මහදේවියගේ කැළණි නාග පවූර මහසෑය පරමාදර්ශ නොකොට ඇත් පවුරට ඉඩ තැබුවේ මන්ද? මේවා අහම්බයන් නොව සිද්ධ සිද්ධි වල සමාජ දේශපාලන ගැඹුරු කියා දෙන කලාත්මක නිපයුමකි. කලාව හැම විටම දේශපාලනයට වඩා ගැඹුරුය. සුමටය. ඒ වගේම රසාලිප්තය. තව විටෙක භාව හැගීම් බහු මානිකව කියන රහසකි. කෙටිවම හා සරළව කීවොත් අදේශපාලනීය ලෙස පෙනී සිටිමින් කරන දේශපාලනයකි. ඒ නිසා ඇත් පවූරත්, නාග පවුරත් ගැන කතාවත වටහා ගැනීමට මේ මානය උවමනා වේ. එසේ මාන ගත මානයෙන් බලන විට රහස් දොර හැර ගත හැකිය. නාගයන්ගේ බල මහිමය ද යක්කුන්ගේ බල මහිමය ද රාක්‍ෂයන්ගේ බල මහිමයද තුලනය කළ බිම මයා රටේ සියනෑවය. සිය නෑයන් ලෙස කලාකාමි වදනකින් රූබර කරන්නේ මේ තුලනයය. මේ තුලනය හදා ගත් දා පටන් මයාරට රටේ බල මුදුන මැදම වැජඹේ . ගම්පොලත් කොට්ටෙත් මහනුවරත් කොළඹත් යලිත් කෝට්ටෙත් කරා රජ නුවර මයාරටේ වටේ කැරකෙන්නේ ඒකය. ඒ හැම නුවරම තනා රාජ පදලාභින් වී ඇත්තෙක් නිබදව මායා රටේ මයාවරුය. අල්පයක් පිටින් ඇවිත් බල මුදුන අල්ලා ගත්තද ඒ හැම ව්‍යායාමයකම පිහිට රැකවරණදී ඇත්තේ මයා රටේ මායාවරුය. සියවස් වරුෂ හත්සීයක් හෙවත් සත් සිය වසරක් ගෙවී මත්තටද බලමුදුන මුදුන් පත් කරන්නේ මායා රටේ මායාවරු බව දැන්දැන් පෙනෙන් ඇත්තය. මේ ඇත්ත ඇත්තේ රහස ඇත්තේ මයා රටේ නාගයන් මයා රටෙම යක්කු හා රකුසන් හා එකට තුලනය කර ද බැදගත් මයා සම්මුතිය ඇතුලේය. මේ සම්මුතියට පණ දුන්නේ මයා රටේ නාගයන්ගේ නාග වනය වූ නයිවල දීය. මායා රටේ මේ සම්මුතිය මයා රටේ පුත‍්‍රයෙකු වූ රනිල් වික‍්‍රමසිංහයන්ගේ අගමැති පදවිප‍්‍රාප්තියෙන් යලිත් ජීවමාන වී ඇත.

සුජිත් අක්කරවත්ත