කි‍්‍ර:ව:619දී සිංහල රජ සිරිත යළිත් ඓතිහාසික ගැටළුවකය මුහුණ දෙන්නේය. ඒ උභය කුල කුමරු හෝ කුමරිය නැති වූ විටදීය. සිරි ලක්දිව පස්වන රාජ වංශය වූ දෙවන මෝරිය වංශය III ජෙට්ඨ තිස්සගෙන් අවසන් වන්නේය. ඒ අනුව පුරුෂ හිගයට බඳුන් වූ ලක්දිව රජ පදවිය සඳහා ස්තී‍්‍ර කුමරියක් නොවුනේය. එවිට අලූත් රාජ වංශයකට දොරටු විවර වන්නේ ඉබේටමය. මෙලෙස විවර වූ රාජ හිඩැස පිරවීම පිණිස තුන්වන මුගලන් නමින් ලැමිණි බොරනා නම් පිටස්තරයා රජ වන්නේය. නිසි කුල පෙළපත නැති සැම විට සිංහල රජ සිරිත මෙවන් අහඹු රජ දරුවෙකුට උරුම වීම සිංහල සිරිත හා බැඳුණු සම්ප‍්‍රදායක් වේ. කෙසේ නමුත් තුන්වන මුගලන්ගේ පස් වසර පාලනය නිමා වන්නේ නව රාජ උදානයක තරු ලකුණු පතිත වෙමිනි.
තුන්වන මුගලන් විසින් වේගයෙන් සමාජය භක්තිවාදී බුදු දහමට ගෙන යන්නේය. විචාරයක්, දර්ශනයක් නැතිව මහයාන දැක්මට බාධා පමුණුවන ඔහු දෙවන මෝරිය සමයේ ගොඩනැගෙන තපස්වාදී බෞද්ධ නිකායන් සවිමත් කරයි. මේ තපස්වාදී නිකායන් රජ සෙවනේ වැඩි යාමේ ප‍්‍රතිඵලය වන්නේ දාර්ශනික ප‍්‍රයෝගික බුදු දහමද ඒ බැඳී තිබූ සිංහල සමාජ, දේශපාලන,ආර්ථික, කලා,ආදී පැති මාන වල අර්බුද පිට අර්බුද නැගී වැඞී යෑමය. එම නිසා මේ මතවාදි අර්බුදය සහජීවනය බිඳ දමා තිබූ අතර අස්ථාවර දේශපාලන රාමුව රට සතුරු වියවුලට ඇද දැමීය හැකි තත්වයක් ඇති කර තිබුණි. එවිට ප‍්‍රභූ සම්මත රාජ්‍ය නායකත්‍වයක් සහිත වංශ පරපුරක අපේක්‍ෂා රට තුලින් මතුව එන්නේය. බහු විධ විද්වතුන් සහ පැණසර සංඝ නේතෘන්වහන්සේලා නායකත්‍වය සපයන මෙකී ශ‍්‍රාස්ති‍්‍රය පිපිදීම ජනකාන්ත වන්නේ අසිග්ගාහක කුමරු නිසාය.
අසිග්ගාහක යනු දෙවැනි මෝරිය වංශයේ රජ පද ප‍්‍රාප්ත අන්තිම පුරුකට අයත් වූ දෙවනසංඝතිස්ස සේනාධිපති වූ මලයරාජගේ පුත‍්‍රයාය. මලය රාජ දෙවන මෝරිය වංශය ආරක්‍ෂා කිරීම පිණිස උත්තර භාරතයෙන් මෙහි පැමිණි සිංහලේ ආරක්‍ෂක අමාත්‍ය ධූරය ඉසුලූ වංශ වතෙකි. ඔහු විවහා වී සිටියේ පළමු ලම්බකණ්න වංශයේ අවසාන ස්තී‍්‍ර පොකුරේ මණිඅක්්‍යත කුමරිය සමගය. ඒ දෙපළ වඩාත් ජනපි‍්‍රය වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ කේශධාතුන් හිමි කරගෙන සිටි නිසාය. කෙසේ කොහොම නමුත් කිසිදු වංශවතෙකු නැති එකල, උපරිම වංශවත් බව හිමිව තිබුණේ අසිග්ගාහක කුමරුන්ටය. මේ අසිග්ගාහක කුමරු නැග එමින් තිබූජාතික උදානයේ මුදුන් තරුව බවට පත් වන්නේ කි‍්‍ර.ව.619 දී සිරිලක රජ පදවිය දරමින්ය. සිලාමේඝවන්න නමින් රජ සිරිත නංවා සිරිලක සයවන රාජ වංශය වූ දෙවන ලම්බකණ්න වංශය ස්තාපිත කරනුයේ ඔහුය.
ඔහුගෙන් ඇරඹී දෙවන ලම්බකණ්න වංශය කි‍්‍ර.ව.619 සිට කි‍්‍ර.ව.1187 දක්වා වසර පන්සිය හැට අටක් සිරිලක බල මුදුනේ වැජඹුනේය. මෙකී පරපුර රජ සිරිතටරජුන් හතළිස් පස් දෙනෙකු ඔසවා තැබූ අතර ඔහුනගේ රාජ්‍ය පාලන සමය යුග දෙකකට ලෙස මැදින් බෙදී යන්නේය. ඒ පස්වන මහින්ද රජ සමයේ මුළු සිරිලකම ද්‍රවිඩ චෝළයන්ට යටත් වීම නිසාය.
කෙසේ නමුත් චෝලයන් පරදවා මහ විජයබාහූ යළි රජ වූ කල දෙවන ලම්බකණ්නයන් යළි සිරිලක තම දෙවන යුගය අරඹන්නේය. සිංහලේ මහා රණකාමීයා වූ මාගම වංශ දුටුගැමුණු රජ අභිබවන්නට තරම් අභිමානවත් වූ මහ විජයබාහූ දෙවන ලම්බකණ්න රාජ වංශිකයෙකි. එමෙන්ම සිරිලක්දිව දෘඩ සාර ඉසුරුමතා වූ මහ පරාක‍්‍රමබාහූ මෙකී වංශ රාජ උරුම සිරිතින් බිහි වූ රජ දරුවෙකි. ඒත් මේ දෙදෙනා අභිබවන්නේ දෙවන ලම්බකණ්න රාජ වංශය මෙන්ම සිරි ලංකාව ලොව මුදුනට ගෙන ගිය මානවම්ම රජුය. ඔහු කි‍්‍ර.ව.684 දී රජ වී ඇති කළ ඉසුරුබර ආර්ථික කලා උදානය සිංහල රාජධානියහි පෙර ගමන වූයේය. සැබවින්ම මානවම්ම රජතුමාට සම කළ හැකි චරිත සිරිතක් මුළු රාජ්‍ය ඉතිහාසයටම නැත. ඔහු ඉවසීමද, දුරදක්නා බව හා ජාත්‍යන්තර විෂ්‍ය ක්‍ෂේත‍්‍රය ආරභයා සිංහල රජ සිරිතින්විනීත මහා රාජ්‍ය තාන්ත‍්‍රකයා වන්නේය. මෙලෙස මානවම් ඇතුරු ඉසුරු රාජ සම්ප‍්‍රදාය නිසා පුරා වසර පන්සිය හැට අටක් දෙවන ලම්බකණ්නයන්ට සිරිලක් සිරිත සෝබමාන කළහැකි වන්නේය.
එමෙන්ම මෙකී රාජ වංශයට මෙරට රාජධානිය පොළොන්නරුවට හරවන්න සිදුවන්නේය. එබැවින් සිංහ වංශයට පසුව අග නුවරවල් දෙකක රජ සිරි හෙඹවූ වංශය බවට දෙවන ලම්බකණ්නයන් පත් වන්නේය. කීර්තිමත් ආර්ථික විශාරදයන්, කලා නිර්මානකයන්, රණකාමීන් සහ දැහැමි සංවර රජුන් පෙළක් බිහිකර සිරිලක සිරිමත් කල ලම්බකණ්න වංශය පුරුෂ හිගයෙන් ඔත්පලව ඇද වැටෙන්නේය.
මෙලෙස ඇද වැටීමට, එම ජාන වංශය ප‍්‍රශ්නය තුඩු දුන්න ද දෙවන ලම්බකණ්න වංශය පොලොන්නරු යුගයේදී සිරිලක මතවාදී ආභාෂය යළි ථේරවාදී අන්තයට රැගෙන යාමම එම ඇදවැටීමට බලපාන්නේය. වෙසෙසින්ම මහා පරාක‍්‍රමබාහූ රජතුමා විසින් සිරිලක් සගුන් දහස් ගණනක් සසුන් ශෝධනයට ලක් කරන්නේ දුශ්ශීල මහණුන් පන්නා දමමින්ය. එම දුශ්ශීල හරණය ඇතුලේ සසුන තුල වූ ප‍්‍රජාතන්තී‍්‍රය හා මතවාදී දර්ශනීකයන්ද පිටමන් වූයේය. පුදුමය ථේරවාදී අන්තයෙන් සමබර ජාතික ධාර්මික රාජ දේශපාලනයකටපිවිස ලම්බකණ්න රාජ සම්ප‍්‍රදාය අවසන්වීම සිදුවන්නේ ද ථේරවාදී අන්තවාදය රටේ දැක්මට ඇතුල් කර ගනිමින්ය. අතුරු පවුල් දහරා ගණනාවකින් පෝෂිත දෙවන ලම්බකණ්න යුගය දෙවන විජයබාහූගේ රාජ්‍ය පාලනය සමග නිමා වන්නේ මෙරට දීර්ගතම රාජ්‍ය වංශය බවට පත් වීමෙන් පසුවය.
සුජිත් අක්කරවත්ත
කලෙකින කියවපු හොඳම ඉතිහාසය ගැන ලිපිය...
ReplyDeleteකලින් එවාත් කියවන්න ඕනේ..
දෙවන ලම්බකණ්න වංශය හා දඹදෙණි රාජ වංශය අතර වූ නිශ්ශංක කළිගු වංශය ගැන නෑනේ
ReplyDelete