බුද්ධ මිත‍්‍ර කුමාරයා නිසා වැටුණ ඉව අල්ලා ලක් කතාව
සොයා ගිය එච්. සී. පි. බෙල්ගේ කථාව රස අන්දරයකි. ඒ අන්දරයහි දෙවන දිග හැරුම
වන්නේ වට්ටාරාම අස්නය. වට්ටාරාමෙන් කථාව ඊළගට හැරෙන්නේ යටහලෙනටය. යටහලෙන සොයා ගිය
බෙල්ගේ ගමන එ තැනින් ගල්බොඩ කෝරළයට ඇවිද ගිය ගමනක් වුයේය. ගමනින් ගමනට මගින් මගට
සොයමින් විමසමින් සිතමින් ඔහු ගිය ගමන ලක්දිවට නව ගමනක් තැනු ගමනකි. ගමනින් ගමනට
අලූත් වන අතීත තතු පිපාසාව වැටි සිටි සිංහලයාට අභිමානය හිත දරාගෙන සුද්දාව එළවා
ගැනීමට හේතු හැදුවේද මෙහෙමය. සුද්දා හදා දුන් මාවතම සුද්දා පළවා හරින මාවත වූ හැටි
විටෙක විමති දනවන කථාවකි. කොහම උනත් බෙල් ශි‍්‍රමතාණන්ගේ හිත ගල්බොඩ කෝරළය ගැන
දිගු විමසුමක් වන්නේ ”හිටි බණ්ඩාර බෑයෝ” හන්දාය.
ලංකාවේ රාජ කථාව අමුතු අතට හැරවු මේ බණ්ඩාර බෑයෝ දෙන්නා
ගැන බෙල්ගේ හිත වහ වැටුණේ යටහලෙනේදීය. යටහලෙනේදි ”හිටි බණ්ඩාර බෑයෝ” ගැන ඓතිහාසික ඔත්තුව
බෙල්ට හමුවුයේ ”පරපේ” ගම් පතියාගෙන්ය. ”පරපේ” මුලාදෑනියා කිව් කථාවට
වහ වැටුනු බෙල් එය සොයාගෙන ගල්බඩ සන්නසට ඇස යා කලේය. කෑගල්ලට අයිති ”සතර කෝරළය සන්නස” ලියවි ඇත්තේ පොළොන්නරු
රාජ සභාවේදිය. ඒ සන්නස යලි ඒ පද වලින්ම දඹදෙණි යුගයෙත් කෝට්ටේ මහනුවර
යුගයන් නිල රාජ අණ සේ යලි යලි පත් වි ඇති සන්නසකි. මේ නිසා ගල්බඩ කෝරළ ගම් පතින්
රාජ සබාවේ ගරු කටයුතු නිලදරු පදවිය ලද විශේෂිතයන් වි ඇතතේය. ගල්බඩ කෝරළයට මේ විශේෂ අවධානය හිමි වන්නේ කි‍්‍ර:ව:1146 දි ඇතිවු හෘද බන්ධන
රාජ දේශපාලනය නිසාය. හෘද බන්ධනය ”හිටි බණ්ඩාර බෑයෝ” හා මහා පරාක‍්‍රමබාහු
කුමරු අතරය. මායා රට දිනා ගැනිමේ පරාක‍්‍රමබාහුගේ රාජ සටන හැබෑ කලේ
එකවගේ දෙන්නා වු ”හිටි බෑයෝ, බණ්ඩාර” දෙන්නාය. දෙන්නා එක
වගේ වු නිවුන් සහෝදරයන් බවත්, එක තාත්තාට දාව අම්මලා
දෙන්නෙකුගේ කුස උපන් එක වගේ දෙන්නෙකු බවටත් කියවෙන මේ අමුතු කථාව හැරි චාල්ස්
පර්විස් බෙල්ට හද හැගුමක් මතු කල භාව රසාලිප්තම වුයේය.
කථාව දිග මුලට සොයා යන විට එහි මුල මැද අග හරියටම දැන
ගැනීමට බෙල් කලේ ”හිටි බණ්ඩාර බෑයෝ” දෙන්නාගේ ලේ නෑ සනුහරය
සොයා යාමය. ඒ අතර තවත් ප‍්‍රවාදයක ඇත්තේ ”හිටි බණ්ඩාර බෑයෝ” හද බන්ධනගත මිතුරු පේ‍්‍රමින්
බවය. කෙසේ කොහම උනත් අමුතු බැදිම ඇති චරිත සදහා එකිනෙකට වෙනස් කථා ගොඩක් ගෙති
තිබීම ලක් ඉතිහාස අන්දරය තුල හමුවන විශේෂණයකි. එහෙම වෙන්නේ රහසක් රැකීමටද නැත්තම් හැමෝම දැන ගත යුතු
නැති දෑ දැන ගත යුත්තාට පමණක් උරුම කිරීමටද විය හැකිය. ඒ අනුව ”හිටි බණ්ඩාර බෑයෝ” කදිම කථාවකද කදිම
ඉතිහාස සාක්‍ෂියකද ජිවමාන සාක්‍ෂියකි. මෙවන් පුරුෂ යුගලයන් තැබු මුද‍්‍රාවන් ගෙන්
ලක්දිව අතීත පවත පෝසත්ව ඇත. මේ අනුව මහා පරාක‍්‍රමබාහු කි‍්‍ර:ව:1158 දී රජ පද ප‍්‍රාප්තව
සතර කෝරළ එක් කෝරළයක් වන ගල්බඩ කෝරළ දායාද කර තිබූ පරපුර බවට හිටි බණ්ඩාර බෑයෝ පත්
වන්නේ මෙහමය. හිටි බණ්ඩාර පෙළපත එතැන් පටන් ලබා ගත් රාජ වරුණව නිසා පොළොන්නරු
යුගයේ සිට මේ නුතන යුගය දක්වා ඔහුනගේ පරපුර සමාජ ප‍්‍රභූන් වී වැජඹේ. එත් පුදුමය, පරපුරට මුල වූ ”හිටි බණ්ඩාර බෑයෝ” ගැන කථාව ගූඩ රහසක්
විදියට තිබෙන්න හැර ඔවුන් ඒ නමින් ලද උරුමය මත වැජඹී කල් ගෙව් සැටියය.
ශි‍්‍රමත් හැරි චාල්ස් පර්විස් බෙල් අතීතයට වැද සිදුරු
කර ගත්තේ මේ රහසය. ”හිටි බණ්ඩාර බෑයෝ” සොයා ගෙන ඔහු ගිය ගමන
ඔහුට ලක් රාජ කතාවේ අතුරු ජාන කතාද සමග බැදි අමුතු මාවතක් පදා දුන්නකි. මේ නිසා
බෙල්ට ”හිටි බණ්ඩාර බෑ” පුවත ආත්මිය හෘද බන්ධන
කථාවක් වි ඇත. ඔහු කෑගල්ලට මේ තරම් පෙම් බදින රහසහි සිව් වන රහස එයය. බුද්ධමිත‍්‍ර
කුමරු ඇරඹූ කෑගලූ ශිෂ්ඨාචාරයට රාජ සන්නස් පොළොන්නරුවෙන් ලියා ගත්තේ ”හිටි බණ්ඩාර බෑයෝ ” ය. හිටි බණ්ඩාර බෑයෝ හා මහ පරාක‍්‍රමබාහු අතර තිබුනේ ගැඹුරට
ගිය භාව බැදීමකි. දැදිගම කොට වෙහෙර ඒ බැදුනු භූමියේ මතක කථාවට බැදුනු මතක
නිර්මාණයකි. මෙහම කථා සොයා ගෙන බෙල් ලක්දිව අමුතු ඉතිහාසය පණ පොවා අපට දී ඇත. පණ
තිබෙන ඉතිහාස ජිවයන් සමුදායකට පණ දී නැගිටුවා ගන්නට හැකි නම් නම් නව පිබිදීමකි.
භාව බැදීම ජාතික බන්ධන තනන්නේය. කි‍්‍ර:ව: 1146 දි බැදුන මේ හෘද
බන්ධයත් කියන්නේ ඒ කථාවය. කථාව රසබර වන්නේ යුරෝපීය සුදු හෘද බැදීමක්ව ”හිටි බණ්ඩාර බෑයෝ” හෘද බැදීම මතු වූ
පුදුම බැදීමය.