ඉතිහාසය බෙදා ගත් විට ජනතාව බෙදාගත හැකිය. ජනතාව බෙදාගත් විට බෙදා ගැනීමේ මතය ඇත්තන්ට බලය ලබා ගන්නට පුඵවන. බෙදුම්වාදය උපදින සරළම සරළ ඇත්ත මෙයය. එවිට බෙදුම්වාදය යන්න ඇතිවේ. ලංකාවේ බෙදුම්වාදය ඉහළින්ම එසවි ඇත්තේ ඉතිහාසය තුළය. බෙදුම්වාදී ඉතිහාසය බෙදුම්වාදින් විසින්ම බිහි කර ඇත්තේය. ලංකාවේ නූතන ඉතිහාස කථනය පටන් ගත්තේ ඉංගී‍්‍රසි ජාතිකයන්ය. ඔහුනගේ ඉතිහාස ලිවීම තුළ තිබූ බැල්ම ආගන්තුකයකුගේ විමතිය ප‍්‍රහර්ෂය පුදුමය හා සැකයය. මේ සියල්ල කැටි කරගෙන ඉතිහාසය දෙස බැලූ සුදු ජාතික ඉතිහාසාඥයන් නිසා ස්වදේශීය ඉතිහාස කරණය යලි මතුවේ. එ වන විටත් ”සුද්දාට පස්සේ අපි”... යන ප‍්‍රාර්ථනාවේ සිටි දේශිය ප‍්‍රභූන්ට බලය සදහා ඉතිහාස උවමනාවේ. එ අනුව දෙමළ උගතුන් තම උරුමයට ලංකාව ගැට ගසා ගෙන ඉතිහාසය ලියන අතර , සිංහළ උගතුන්ද එයම කරන්නේය. ඒ අනුව දෙගොල්ලන්ම එකතු වී බෙදී වෙන්වීම සදහා ඉතිහාසය ගොඩ දාන්නේය. මෙහිදි සිංහල උගතුන් අතර තවත් බෙදීමක් ඇති වන්නේය. ඒ සිංහල ජන සමාජය අතර මුලිකයා වීමට කුල අරගලයන් මතු වීමය. ඒ අනුව වඩා උරුමය ඇති කුල වංශයට අනුව ඉතිහාසය ගොඩනැගීමටද සිංහල උගතුන් දරණ වෑයමක් ද මතුවේ. ඒ අනුව බෙදුම්වාදය පැතිමාන ගණනාවකට පැතිරේ.
මේ අනුව ඉතිහාසය සිංහල බෙදුම්වාදයටද දෙමළ බෙදුම්වාදයටද අනුව ලියවේ. ඒ අතරට ලක්දිව ඉතිහාසය යළි හෙළ ඉතිහාසය සහ සිංහළ ඉතිහාසය ලෙස බෙදුම්වාදිව ලියවේ. කුමාරතුංග මුනිදාසයන් විසින් ඇති කරන භාෂානුරාගික ව්‍යාපාරය හෙවත් ”හෙළ හවුල” නිසා හෙළ ඉතිහාසය මතුවන්නේ සිංහ ඉතිහාසයට එරෙහිව යමිනි. අවසානයේ එය ලංකා ඉතිහාසයේ දුරාතිතයේ සිට පැවතුණ බෙදුම්වාදයකට නූතන ජීවය රැගෙන එන්නේය. ඉන්පසු ඉතිහාසය තුල බෙදුම්වාදය පටන් ගන්නේ වඩා නූතනවාදින් සේ තමන්ව හදුනාගත් මාක්ස්වාදීන්ය. ඔවුහු ඉතිහාසය පන්ති වාදයකින් බෙදා බැලූවේය. එසේ පන්ති බෙදීමෙන් ඉතිහාසය බෙදුම්වාදයට ලක් කර තැබුවේය. මෙහෙම ඇදෙන ඉතිහාසය බෙදුම්වාදයට යට වීමේ කථාව දිගට ගලන්නේ ධනවාදින්ද ලිබරල්වාදීන් ද ඉතිහාසය තුල බෙදුම්වාදය සොයන්න ගත් වෑයම නිසාය. ඔහුනට අනුව ඉතිහාසය බලය අනුව ලියවෙන කියවෙන විෂයක් වන්නේය. එතකොට දැන් ප‍්‍රශ්ණය නූතන බෙදුම්වාදය මෙහෙම පටන් ගත්තද ඉතිහාසය තුළ බෙදුම්වාදය කොහම පටන් ගත්තාද යන්නය. එය හරිම ස්වභාවික කථාවකි. බෙදුම්වාදය ඉතිහාසය ආරම්භ වූ දා පටන් ගන්නට ඇත. එත් බෙදුම්වාදයට බෙදුම්වාදයම නොව බහුවාදයද එදාම ගොඩනැගෙන්නට ද ඇත. ප‍්‍රශ්ණය වන්නේ බෙදුම්වාදය නඩත්තු වෙමින් ගලා ඒමත් බහුවාදය එසේ ගලා නොයේමත්ය.
ඒ නිසා ඉතිහාසය කිව්ව ගමන් මතකයට එන්නේ යුද්ධයය. යුධ විරුවන්ය. සෙන්පතින්ය. යුද්ද බිමේ උන් අලි ඇත්තුය. යුධ විරුවන් රජ විරුවන් වූ හැටියය. එ යුධ රජුන් හැදු අරාම ප‍්‍රසාදය. කථාව පේ‍්‍රමය නම්, ඒ පේ‍්‍රමය යුද්ධ කරපු රජුගේ පේ‍්‍රම කථාවකි. කථාව ජන කථාවක් නම් ඒ කථාවත් යුධ විරුවෙකුට සින්න වු කථාවකි. කථාව ළමා කථාවක් නම් ඒකත් රණවිරු යුධවිරු චරිත වල ළමා වියේ කථාවන්ය. සංකේත සළකුණු ධජ පතාක සේසත් මුර ආයුධ වල පටන් සෙල් ලිපි පත පොත පත්ඉරු රන්පත් තඹපත් මේ හැම දේම විතරක් නොව බුදු පිළිමයත් දන්නේ ඒ සියල්ල රණකාමි රජුන් හැදුවේ නම් පමණය. මෙහම වෙන්නේ මන්ද. එහෙම වෙන්නේ බෙදුම්වාදය නඩත්තු වන නිසාය. එය නඩත්තු කර හැකි ලොකුම තැන ඉතිහාසය නිසාය. එ නිසා කිසිවෙක් ඉතිහාසය බෙදුම්වාදින්ගෙන් බෙරා ගැනීමේ අරගලයට අත තබන්නේ නැත. බෙදුම්වාදයට විරුද්ධ අය හිතන්නේ ඉතිහාසය අමතක කර දැමූ විට මානවයා නවීන වන බවය. එසේ නවීන ඩිජිටල් මිනිසා බවට හැරෙන බවය. ඒ ”ඩිජිටල් මානවයා” වාද භේද බින්න නැති එක මිනිස් යායක් හදන බවය. මේ තවත් බෙදුම්වාදයකි. ඉතිහාසය එපා කියන්නේම බෙදුමකි. එසේ මිනිසා තම මුල් වලින් ගලවා අලූත් ඉතිහාසයක් ලියන්න යාමම බෙදුම්වාදයක් බව කියාපාන්නේ ඔහුහු මහත් උත්කර්ෂයෙන් තැනූ ඩිජිටල් මිනිසාමය. ඩිජිටල් මිනිසා විසින් තැනූ ඩිජිටල් ත‍්‍රස්තවාදය පෙන්වා දෙන්නේ මුල කැපූ මානවයා කෙතරම් සැහැසි වී බෙදුම්වාදය ජිවිතය කරගෙන ඇත්තේද කියාය. එ නිසා මූල පාදන විෂය අතහැර මානවයා මානුෂිකව පූර්ණ කිරීම කල හැක්කක් නොවේ. මේ ගැටුම් ගැන ලංකාව ගැඹුරට හිතන්නට ඕනෑය. එ ඉතිහාස ජාතියක් මෙහි වෙසෙන බැවිණි. මේ සදහා ඇති හොදම සිතුවිල්ල බෙදුම්වාදීව ඉතිහාසය ලියා ගැනීම අතහැර ගැනීමය. ඉතිහාසය යනු සිදුවීම්ය. එ සිදුවීම් අතර වටිනාකම නොවටිනාකම තීරණය කිරීම සිදුවන්නේ රචකයන් අතිනි. රචකයන් බෙදුම්වාදීන් වන්නේ නම් බෙදීම බෙදීම සේ පවති. ඇත්තට ම දුටු ගැමුණුගේ ආදර කථාව ලියන්න කැමති වුවත් මහසෙන්ගේ බුද්දදාසගේ සීගිරි කාෂ්‍යපගේ ආදර කථාව ලියන්නේම නැත. එ මන්ද, වාරිපොල සුමංගල හාමුදුරුවොත් කුඩාපොල රාහුල හාමුදුරුවොත් ථෙරපුත්තාභය හාමුදුරුවොත් ගංගොඩවිල සෝම හාමුදුරුවොත් මිගෙට්ටුවත් ගුණානන්ද හාමුදුරුවෝත් වෙනුවෙන් ප‍්‍රතිමා ඉදි කලාට විදාගම මෛතී‍්‍රය මහනාම තෙර පරපුරට මේ රටේ ප‍්‍රතිමා නැත. ධර්මපාලතුමා සැමරුවද ආනන්ද කුමාරස්වාමී සමරන්න සමරු උත්සව නැත. මේ පෙන්න්නේ බෙදුම්වාදී ඉතිහාසය නිසා අප වෙතින් ගිලිහි යමින් ඇති ඉතිහාසයය. එහෙම නැත්තම් මානවීය ගුණ කදය. එසේනම් ඉතිහාසය ඉතිහාසය ලෙසම තබා පවත්වා පෝෂණය කර ගන්න බැරි කුමන හේතුව නිසාද. එ හේතුව නම් ඉතිහාසය තුළ වගේම සමාජය තුලත් බෙදුම්වාදය පරාජීය කර ගන්නට බැරි වීමය බෙදුම පරාජය කරනවා කියන්නේ බෙදුම්වාදීන්ට තුඩුදෙන දේවල් මකා දැමි ද නැත. එසේ කලොත් ඉතිහාසය විකෘති වේ. කළ යුතු වන්නේ ඉතිහාස සියළු සිදුවීම් එක සමානව පවත්වා ගැනීමය.
ලක් ඉතිහාස අන්දරය එවන් පෝසත් කටයුතුව ඇරඹු ව්‍යායමයකි. ඒත් මහාවංශයට එරෙහිව චූල වංශය ලියවීමත් සමග බෙදීම මතුවන්නේය. එයත් සමග බෙදීම් සහගත රචනාවත් ඉතිහාසයෙන් මතු කර ගැනීමට මහත් වෑයමක්ද සිදු කරන්නේය. ඒත් ප‍්‍රශ්නය වන්නේ පාර්ශව සියල්ල පසුව පෙන්වන්නේය බෙදුම්වාදයට බර තබන ඉතිහාසය වීමය. මේ ගැටුම උත්සන්න වන්නේ ලංකාව යටත් වූ සමයේය. එ හැමෝම සුදු අධිරාජ්‍යය ආයුධ ඔසවා පරාජය කළ හැකියැයි සිතු නිසාය. ඒ නිසා ඉතිහාසයෙන් යුධ රජුන් සොයා සොයා මතු කලේය. සුද්දා දිනුවා මිස සිංහලයා දිනුවේ නැත. කාලය අවසන් වූ විට සුද්දා යන්න ගියේය. ඊට පසුව ‘බෙදුම්වාදය’ සිංහලයා දෙමළාටත් දෙමළා සිංහලයාට භාවිතා කළ ඉතිහාස සංකල්පයන් වූයේය. බෙදුම්වාදයට භාවිතා කිරීමට උවමනා නොවූ මහසෙන්ලා පණ්ඩුකාභයලා සීගිරි කාශ්‍යපලා මානවම්මලා මහා වීරයන් සේ සිංහලයන් දෙමලූන් නොදකින්නේ මේකය. ඇත්තටම අප දෙගොල්ලාටම ජිවත් වී ජිවත්වන්න ජිවිතය සොයා දුන් ඉතිහාස පරිච්ෙඡ්ද අපමණව ඇතත් එවාට නුතන ජීව ඥාණය ලබා දෙන්නට අප තවමත් අපෝසත්ව ඇත්තේ ඒකය. යුධ විරුවන් අවශ්‍ය නොවන කාලයක් ඇවිත් මේ අපිට සොබා දහම කියන්නේ එ කථාවය. වහ වහා බහු විද විරුවන් සොයා යන්නට දී ඇති කාලයයි මේ.
සුජිත් අක්කරවත්ත