Sunday, November 17, 2013

පළමු ලම්බකණ්න වංශය.




මාගම් වංශය නිමා වී කි‍්‍ර.ව.60-67 සත් වසර උදාවන්නේ මහත් භීෂණ සමයකිනි. ඒ ”සබ” විසින් මෙරට සියළු ප‍්‍රභූ වංශවතුන් සංහාරය කරමිනි. රජ කිරුළ අත්පත් කරගත් පිටස්තර සබගේ සත් අවුරුදු පාලනය පෙරළමින් කි‍්‍ර.ව.67 දී වසභ කුමරු රජවන්නේ නව යුගයක පෙර අඹර වෙමිනි. ඒ සිරිලක් දිව තෙවන රාජ වංශය වූ පළමු ලම්බකණ්න වංශයට රාජ්‍යත්‍වය උදා කරමිනි. වසභ රජ තෙමේ ඇරඹි මෙකී වංශය විසින් රජ දරුවන් විසි හතර දෙනෙක් බිහි කළ අතර ඔවුහු අඛණ්ඩව වර්ෂ තුන්සිය හැට එකක් රජ සිරි දැරුවෝය. ඒ කියන්නේ කි‍්‍ර.ව.67 රජපද ප‍්‍රාප්ත පළමු ලම්බකණ්නයෝ එතැන් පටන් කි‍්‍ර.ව.428 දක්වා රජ කිරුළ දරා ඉඳියෝය.  ඔහුනගේ විශේෂත්‍වය වන්නේ තම රාජ වංශයෙහි රජුන් අතර මැදදි කිසිම බාහිර වංශිකයෙකුට විජාතික ආක‍්‍රමණිකයෙකුට සිරිලක ඉඩ නොතැබූ එක්සත් එකීයත්‍වයයය. මෙවැනි හපන්කමක් දැක්වූ සිරිලක එකම හා ප‍්‍රථම රාජ වංශය වන්නේ මෙම පළමු ලම්බකණ්නයෝය. 

ලම්බකණ්න වංශය සිරිලක සැපත් වන්නේ කි‍්‍ර.පූ.232 දීය. ඒ සංඝමිත්තා මහ රහත් උත්තමාවිය සමගය. අශෝක අධිරාජ්‍යාගේ දියණියව සිටි සංඝමිත්තා කුමරිය සරණ පාවාගෙන උන් සමුද්‍රගුප්ත කුමරුගේ සැපත්වීමෙන් මෙම පරපුර සිරිලක බල මුදුනට ලං වන්නෝය. ඔවුහු විසින් රජ පදවියෙහි උරුම වස්තුව වූ ජය මහ ශී‍්‍ර බෝධිය හිමිකර ගැනීම රජ උරුමයෙහි ප‍්‍රාර්ථනා පැතුම වන්නේය.  කි‍්‍ර.පූ.323 සිට රජ පදවියට මාන බලමින් සිටි ඔවුහු  තම ස්ථානය පැමිණෙන තෙක් ඉවසීමෙන් බලා හිඳි අපූරු පෙලපතකි. පුරා තුන්සිය වසරක් සිරිලක රාජ්‍ය සේවාවේ බලගතු නිළධාරී මඩුල්ලෙහි භූමිකාවෙහි නිරත වූ ලම්බකණ්නයන්ගේ මොහොත උදාවන්නේ කි‍්‍ර.ව.67 දීය. සිංහ වංශයට පසු මාගම් වංශයද, ඔහුනට පසු කිසිවෙක්ද නැතිව තිබුණි. ඒ අවාරය හිමිකර ගන්නේ අවසන් මාගම් වංශික රජ යසලාලගේ දොරටුපාල ”සබය”. සබගේ ඝාතන රාජ්‍යය පෙරලාලම්බකණ්න වසභ නව රාජ වංශයෙහි රජ සමය අරඹන්නේය. 

විසි හතරක් රජුන් තැනූ මෙම පරපුර විසිතුරු බහු විධ තාල සිරිත් වලින් සෝබමාන රාජ වංශයකි. දාර්ශනික රාජ දර්ශනයන් සිරිලකට ඔසවා තැබුවෝය. සැබැවින්ම සිංහ වංශිකයන් සිරිලකට තනා දුන් එක්සත් රාජවාදය, මාගම් වංශය ඒකීය රාජ වාදයක් බවට පත් කළෝය. එහෙත් එක්සත් ජාතික වාදය සිරිලකෙහි ඔසවා තැබූවේ ලම්බකණ්නයෝය. ඒ සහා සිංහ වංශික දහම වෙනුවට ඔවුහු බුදුදහම එයට භාවිතා කරන්නෝය. ඒ අනුව ථේරවාදී බුදුදහම මහයාන බුදුදහම, බුද්ධාගම නමින් ආයතන ගත කිරීම අරඹන එක්සත් රාජ්‍යවාදී ගමන තනන්නේ මෙම ලම්බකණ්න පෙළපතය. වෝහාරිකතිස්ස රජතුමා ථේරවාදී රාජ කරණයේ ද, මහසෙන් රජතුමා මහයාන රාජ කරණයේ ද, යාති‍්‍රකයන් දෙදෙනාය. මේ ථේර මහයාන තාල මුසුවේ කූටාප්ප‍්‍රාත්තිය වන්නේ ජේතවනාරාම මහා සෑයය. ඒ අනුව ලම්බකණ්න රාජ දැක්ම ආගමික භූමියක් කෙන්ද්‍ර කර ගනිමින් බිහිකර ගැනීමට ඔවුහු සමත් වන්නේය. මේ කතාවේ පුදුමය මහායානය සමූල ඝාතතයකරන ථේරවාදී අන්තවාදය වූ වෝහාරිකතිස්ස ද, ථේරවාදය සමූල ඝාතනය කළ මහයානික අන්තවාදියෙකු වූ මහසෙන්ද එකම වංශයේ වංශවතුන් වූ සැටිය. කෙසේ නමුත් ලම්බකණ්න වංශයේ පුදුම හැකියාව වූයේ සතුරෙකුට රටට පිටින් හෝ රට ඇතුලෙන් රාජ්‍යත්‍වයට ඇතුල් විය නොහැකි ලෙස තැනී මුසු වීමය. සැබැවින්ම මෙම රජුන් රණකාමින් හෝ යුදකාමීන් නොවීය. ඔවුහු තැනූ එක්සත්වාදී රාජ සම්මුතිබලයේ මහිමය වන්නේ ,යුධ, සිවිල්, දේශපාලන, ජාතිවාදී ගැටළුවක් නැති සියවස් තුනහාමාරක ප‍්‍රබෝධජනක රාජ සමයක්සිරිලක් වාසීන් විගත් අපූරුවය. 

මෙම අපූරුවේ අසිරිමත් මුදුන බුද්ධදාසයන් බිහි වීමය. ථේර මහායාන මුසුව ඉඩ හසර මැදින් ලෞකික සුවපත් බව රාජ්‍යයේ දැක්ම කළේ එතුමාණෝය. බුද්ධදාස රජතුමා විසින් සිංහල රාජ්‍යයට මතවාදීත්වයක් ලේඛණ ගත කළේය. ඒ සරාර්ථ සංග‍්‍රහයය. ඒ අනුව ලම්බකණ්නයන්ගේ එක්සත් රාජ ආගමික දැක්ම එක්සත් රාජ ලෞකික දැක්ම බවට පත්වන්නේ බුදුදැක්ම සමග නව කියවීමක් ලබමිනි. මේ අනුව වසභ ඇරඹි ලම්බකණ්න රාජ වංශය සිරි ලක්දිව රාජ දර්ශනය එක්සත් ජාතිකවාදය කළෝය. එමෙන්ම එය එක්සත් ලෞකිකවාදී දහමක්ද කළෝය. ඒ අතින් ඔවුහු සිංහ වංශය හා මාගම් වංශය දාර්ශනිකව අභිබවන්නට සමත් වන්නේය. එබැවින් ලම්බකණ්න වංශ රාජ යුගයට වසභ, ගජබා, වෝහාරිකතිස්ස, මහසෙන්, බුද්ධදාස වැනි ඉදිරිගාමී ප‍්‍රතාපවන්තයන් වේ. නමුත් ලම්බකණ්න වංශය නිමා වන්නේ ඔවුහු තනා ගත් ඒ සමබර එක්සත් ජාතිකවාදය බිගත් මහානාම රජ වීමෙනි. ඒ මහානාම රජතුමා බුද්ධඝෝෂ හිමියන් සමග එක්ව  සිංහල රාජ්‍ය රෑප දැක්ම ථේරවාදී අනන්තයට රැගෙන යාමෙන්ය. එහි සෘජු ප‍්‍රථිඵලය වන්නේ සිංහල රාජ්‍යහි සමතුලිත භාවය බි වැටීමය. මහානාම රජතුමාට පුතුන් නොහිටිය අතර එතුමාට හිටියේ සංඝා නැමැති දියණියය. සංඝා කුමරිය විවහා වන ජන්තු සොළී කුමරෙකු වන අතර ඒ දෙන්නාට උපදින්නේ අංග විකළ කුමරෙක්ය. ඒ සේන හෙවත් සොත්ථිසේනය. අංග විකළ සොත්ථීසේන ලග නතර වූ සිංහල රාජ්‍යයට, තව දුරටත් සාර ලම්බකණ්න වංශිකයෙක් නොමැති වීමෙන් කි‍්‍ර.ව.46 දීලම්බකණ්න වංශයේ රාජ්‍ය යුගය නිමා වන්නේ, ලම්බකණ්න වංශය ද සහමුලින් ව වී යෑමෙන්ය. 

මෙම තෙදවත් පරපුරෙහි පුරුෂ කුමරුන් වංශවතුන් වූයෝය. ඔවුහුනට බොහෝ විට අග බිසවුන් හිමිවන්නේ විවිධ වංශ තුලිනි. ඒත් බොහෝ ලම්බකණ්න කුමරුන් දේශීය වංශවත් සිංහල බිසවුන් පි‍්‍රය කළෝය. මොවුහු තම වංශය දැඩි එක්සත් භාවයක තබා ගත් වංශයකි. පියවරු, පුතුන්, සොයුරන් බලයට පොර කෑ අවලක්‍ෂණ කතා මෙම වංශය තුල දක්නට හැක්කේ කලාතුරකිනි. එම කැත ලකුණලම්බකණ්න වංශයට එක් වූයේ ගෝඨාභය රජ වීමෙන්ය. ඒ ගෝඨාභය සිරිසගබෝ රජතුමා ඝාතනය කළ කෲරකම නිසාය.

සුජිත් අක්කරවත්ත

1 comment:

  1. වෙන තැනකට ගෙනාපු එක හොඳයි.. පේන විදියට නං පින්තූර භාවිතාව නිසා තමයි කන්ටෙන්ට් වෝනිං එක ආවෙ... සාරවත් ලිඛිත භාෂාවක් පාවිච්චි කරන නිසාමයි මං මේ බ්ලොග් එක කියවන්නෙ... ඒ භාෂාව අපිටත් අමතක වේගෙන යනව දැං.. අපිත් මේ කතා කරන භාෂාවෙන්ම ලියන්න පුරුදු වෙලා...

    Friends connector follower gadget එක දැම්මා නං හොඳයි.. ගොඩක් අයට ෆලෝ කරන්න විදියක් නැති වෙනව නැත්තං... Add a gadget - More gadgets එකේ 25වෙනියට වගේ තියෙනව ඒ ගැජට් එක...

    Comments word verification අයින් කළා නං හොඳයි.. ඒක නං සෙටින්ස් වල තියෙනවා...

    ReplyDelete